අත්‍ථඞ්ගත ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි “පරියායෙන” වාරයෙන් පිළිවෙළින් යන අර්‍ත්‍ථයි. “අධිචෙතසො” අධිචිත්තවත් වූ සියලු චිත්තයන් අතුරෙහි අධික වූ අර්‍හත්ඵල චිත්තයෙන් සමන්‍වාගත වූ යන අර්‍ත්‍ථයි. “අප්පමජ්ජතො” නොපමාවූ. අප්‍රමාදයෙන් කුශලධර්‍මයන් පිළිබඳ සත්ත ක්‍රියාවෙන් යුක්තවූයි කියන ලද්දේ වේ. “මුනිනො” ‘සො මුනාති උභො ලොකෙ මුනි තෙන පවුච්චති’යි මෙසේ දෙලොව දැන ගැනීමෙන් හෝ, නුවණ මොනයි කියනු ලැබේ. අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත වූ ඒ ඤාණයෙන් යුක්ත බැවින් හෝ ක්‍ෂීණාශ්‍රව තෙමේ මුනි නැමැයි කියනු ලැබේ. ඒ මුනිහට “මොනපථෙ සික්‍ඛතො” අර්‍හත් ඥානසඞ්ඛ්‍යාත මොනපථයන්හි හෝ සප්තති සම්බොධිපාක්‍ෂික ධර්‍මයන්හි හෝ ත්‍රිවිධ ශික්‍ෂාවන්හි හෝ හික්මෙන්නාවූ මෙද පූර්‍වභාග ප්‍රතිපත්තිය ගෙණ කියන ලදී. එහෙයින් මෙසේ පූර්‍වභාගයෙහි හික්මෙන්නාවූ මේ ශික්‍ෂාවෙන් මුනිභාවයට පැමිණි මුනිහටයි මෙසේ අර්‍ත්‍ථ දත යුත්තේය. “සොකා න භවන්ති තාදිනො” එබඳු වූ ක්‍ෂීණාශ්‍රව මුනිහුගේ අභ්‍යන්තරයෙහි ඉෂ්ටවියොගවස්තුක ශොකයෝ නැත්තාහුය. නොහොත් “තාදිනො” තාදීලක්‍ෂණයෙන් යුක්තවූ මෙබඳු මුනිහට ශොකයෝ නොවෙත්යි මෙහි මේ අර්‍ත්‍ථය වේ. “උපසන්තස්ස” රාගාදීන්ගේ සංසිඳීමෙන් සංසිඳුනාවූ. “සදා සතීමතො” ස්මෘති විපුලත්‍වයට පැමිණි බැවින් සෑම කල්හි සිහියෙන් වෙන් නොවූ. “ආකාසෙ අන්තලික්‍ඛෙ” අන්තරීක්‍ෂසඞ්ඛ්‍යාත ආකාශයෙහි කසිණුග්හාටිමාකාසයෙහි නොවේ. රූපපරිච්ඡෙදාකාසයෙහි නොවේ. “වඞ්කමතිපි තිට්ඨතිපි” ඒ මෙහෙණන්ගේ කථාව අසා ‘මේ මෙහෙණෝ මෙතෙමේ මෙපමණින්ම දනීය’යි මට අවමන් කරති. එබැවින් දැන් මේ මෙහෙණන්ට තමන්ගේ ආනුභාවය දක්වන්නෙමි’යි ධර්‍මය කෙරෙහි බුහුමන් උපදවා අභිඥාපාදක චතුර්‍ත්‍ථද්ධ්‍යානයට සමවැද එයින් නැගිට ‘ආකාසෙ අන්තලික්‍ඛෙ වඞ්කමතිපි -පෙ- අන්තරා පිධායතිපි’ යන එහි “අන්තරා පිධායතිපි” අතුරුදහන් වේ. නොදැක්මට යේය යන අර්‍ත්‍ථයි. “තඤ්චෙව උදානං භණති අඤ්ඤඤ්ච බහුං බුද්ධවචනං” ස්ථවිර තෙමේ තමන්ගේ බෑ තෙරහු සමීපයෙහි-
පදුමං යථා කොකනදං සුගන්‍ධං පාතො සියා ඵුල්ලමවීතගන්‍ධං
අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමාදිච්චමිවන්තලික්‍ඛෙ”
යන මේ ගාථාව උදෙසවා සිවු මසක් මුළුල්ලෙහි හැදෑරුයේය. පුහුණු කරන්නට නොහැකිවූයේය. ඉක්බිති ස්ථවිර තෙමේ ඔහු ‘තෝ මේ සසුනෙහි අභව්‍යයි වෙහෙරින් නෙරපා හැරියේය. ඒ චුල්ලපන්‍ථක තෙමේ අඬමින් දොරකොටුවෙහි සිටියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බුදුන් විසින් හික්මවිය යුතු සත්ත්‍වයන් බලා වදාරන සේක් ඔහු දැක විහාරචාරිකාවෙහි හැසිරෙන්නහු මෙන් ඔහු සමීපයට වැඩමවා ‘චුල්ලපන්‍ථක’ කුමක් හෙයින් අඬන්නෙහිදැ’යි අසා වදාළ සේක. හෙතෙමේ ඒ කාරණය සැල කෙළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පිරිසිදු රෙදිකඩක් දී ‘මේ රෙදිකඩ රජොහරණං, රජොහරණං’යි කියමින් පිරිමදුවයි වදාළ සේක. හෙතෙමේ මැනැවැ’යි පිළිගෙන තමන් වසන තැන හිඳ ඒ රෙදිකඩෙහි එක් කෙළවරක් පිරිමැද්දේය. පිරිමැදි තැන කළුපැහැ ඇත්තේ විය. එකල්හි හෙතෙමේ ‘මෙසේ පිරිසිදුවූද වස්ත්‍රය මේ ආත්මභාවය නිසා කළුපැහැත්තේ වීයයි අශුභසංඥා අනිත්‍ය සංඥා එළවමින් සංවෙගය පිළිලැබ විදසුන් වැඩීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුගේ ඇරඹූ වැර ඇති බව දැන ‘අධිචෙතසො’ යන මේ ඔභාස ගාථාව වදාළ සේක. ස්ථවිර තෙමේ ගාථා කෙළවර රහත්බවට පැමිණියේය. එහෙයින් ස්ථවිර තෙමේ ප්‍රකෘතියෙන්ම මේ ගාථාවට මමත්‍වය කරයි. හෙතෙමේ මේ ගාථාව පිළිබඳ ඒ මමත්‍වය දන්වනු පිණිස ඒ ගාථාවම කියයි. අතරතුර අන් බොහෝ බුදුවදන්ද ගෙණහැර කියයි.
“එකතො උපසම්පන්නාය” භික්‍ෂුණී සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණකට භික්‍ෂු සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණකට අවවාද කරන මහණහට පාචිත්තියක් වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. මෙද පදසොධර්‍මසමුත්‍ථානිකම වේ.
දෙවන අත්‍ථඞ්ගත ශික්‍ෂාපදයයි
භික්ඛුනූපස්සය ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - ‘අඤ්ඤත්‍ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස, යනාදි තන්හි අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කරන මහණහටම පාචිත්තිය වේ. අනික් ධර්‍මයකින් අවවාද කරන මහණහට දුක්කටය දතයුතුය. “එකතො උපසම්පන්නාය” භික්‍ෂුණී සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණහට භික්‍ෂු සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහණහට අවවාද කරන මහණහට පාචිත්තියම වේ. මෙයින් මතුද යම් යම් තැනක ‘එකතො උපසම්පන්නාය’යි කියනු ලැබේද, ඒ සියලු තැන මේ අර්‍ත්‍ථයම දත යුතුය. සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙවන භික්‍ඛුණී උපස්සය ශික්‍ෂාපදයයි
එහි මේ ප්‍රකීර්‍ණකය වනාහි මහාපච්චරියෙහි කියනලදි. සම්මත නොකළ මහණෙක් තෙමේ හිරු බැස ගිය කල්හි මෙහෙණ අසපුවට එළැඹි අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කෙරේනම් පාචිත්තිය තුනක් වේ. අන් ධර්‍මයකින් අවවාද කරන මහණහට දුක්කට දෙකක් වේ. එක් පාචිත්තියක් වේ. කෙසේද යත්: අසම්මතය මුල්කොට ඇති දුක්කටය. අසපුවට ගොස් අන් ධර්‍මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල් කොට ඇති පාචිත්තියයි. සම්මත කළ හිරු බැසගිය කල්හි එහි ගොස් අෂ්ටගරු ධර්‍මයෙන් අවවාද කරන මහණහට අනාපත්ති එකක. පාචිත්තිය දෙකක. කෙසේද යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට ඇති එකක. ගොස් අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කිරීම මුල්කොට ඇති එකකැයි පාචිත්තිය දෙකක. අන්ධර්‍මයකින් අවවාද කරන ඔහුටම අනාපත්ති එකක. දුක්කට එකක. පාචිත්තිය එකක කෙසේද, යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. ගොස් අන් ධර්‍මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට සිටි පාචිත්තිය වේ. දාවල ගොස් අවවාද කරන සම්මතය ලද්දහුටද සම්මතය නොලද්දහුටද රාත්‍රියෙහි අවවාද කිරීම මුල්කොට ඇති පාචිත්තිය බැහැර කොට සෙසු ආපත්ති අනාපත්තීහු දත යුත්තාහ.