ධම්මදේසනා ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි “ඝරණ” ගෙහිමිදූය. “නිවෙසනද්වාරෙ” නිවෙස්නෙහි මහදොර සමීපයෙහි. “ඝරසුණහා” ඒ ගෙයි යෙහෙළි. “ආවසථද්වාරෙ” ඇතුළු ගෙයි දොර සමීපයෙහි “විස්සට්ඨෙන” තදින් නික්මුනු ශබ්දයෙන්. “විවටෙන” මැනැවින් පවසන්නහු, විසින් නොහික්මුණහු විසින් “ධම්මො දෙසෙතබ්බො” මේ සරණ සීලාදිභෙදවූ ධර්‍මය කිය යුත්තේය. “අඤ්ඤාතුං” දැනගන්නට “විඤ්ඤුනා පුරිසවිග්ගහෙන” නුවණැති පුරුෂයකු විසින් පුරුෂ ශරීරයක් මවාගෙන සිටි යකෙකු සමග සිටි එකියකට දහම් දෙසීම නොසුදුසුය. ප්‍රෙතයකු සමග සිටි එකියකට දහම් දෙසීම නොසුදුසුය. තිරිසන්ගියකු සමග සිටි එකියකට දහම් දෙසීම නොවටියි.
“අනාපත්ති විඤ්ඤුනා පුරිසවිග්ගහෙන” නුවණැති මනුෂ්‍යපුරුෂයකු සමග සිටින්නියකට බොහෝ වූද, දහම් දෙසන මහණහුට ඇවැත් නොවේ. “ඡප්පඤ්චවාචාහි” වචන සයකින් හෝ වචන පසකින් හෝ යම් මහණෙක් තෙමේ නුවණැති පුරුෂයකු ලඟ නැතිව කියූ ආකාර ඇති ස්ත්‍රියකට දහම් දෙසාද, ඒ මහණහුටද ඇවැත් නොවේ. එහි “එකො ගාථා පාදො එකා වාචා” එක් ගාථාපාදයෙක් එක් වචනයෙකැ’යි මෙසේ හැම තන්හි වචන ප්‍රමාණය දතයුතුය. ඉදින් අර්‍ත්‍ථකථාවක් හෝ ධර්‍මපදයක් හෝ ජාතකාදි වස්තුවක් හෝ කියනු කැමැත්තේ වේද, සපදයක් පමණම කීම වටියි. පෙළ සමග කියන්නහු විසින් පෙළෙන් එක් පදයෙක අර්‍ත්‍ථකථාවෙන් පස් පදයෙකැයි මෙසේ සපදය නොඉක්මවාම කියයුතුය. පදසොධර්‍මශික්‍ෂාවෙහි කියූ ප්‍රභෙද සියල්ලම මෙහිද ධර්‍මැයි කියන ලද්දේමය. “තස්මිං දෙසෙති” එකෙණෙහි දෙසයි. නොහොත් මෙය සම්ප්‍රදානාර්‍ත්‍ථයෙහි සප්තමීවචනයි. ඇයට දෙසයි යන අර්‍ත්‍ථයි. “අඤ්ඤිස්සා මාතුගාමාය” එකියක්හට දෙසා නැවැත ආ ආ අන් එකියක්හට දෙසයි. මෙසේ එක් අසුනෙක හුන්නේ මාගම් සියයකටද දෙසයි යන අර්‍ත්‍ථයි. “පඤ්ඤං පුච්ඡති පඤ්හෙං පුට්ඨො කථෙති” මාගම ‘ස්වාමීනි’ දීර්‍ඝනිකාය කවර අර්‍ත්‍ථයක් දක්වාදැ’යි විචාරාද, මෙසේ ප්‍රශ්න විචාරණලද මහණ තෙමේ සියලුම දීර්‍ඝනිකාය කියා නම් ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
පදසොධම්ම සමුත්‍ථානිකය. වාචායෙන්ද වාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියා සමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සත්වන ධර්‍මදෙශනා ශික්‍ෂාපදයයි
භූතාරෝචන ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි වස්තුකථාවෙහි පළමුකොට යමක් කියයුතු වන්නේ නම් ඒ සියල්ල සතරවන පාරාජික වර්‍ණනාවෙහි කියූ නය ඇත්තේමය. එහි මේ විශේෂය වේ: එහි අවිද්‍යාමාන ගුණය සැලකළහ. මෙහි විද්‍යමානගුණය සැලකළහ. විද්‍යමාන ගුණයත් අවිද්‍යාමන ගුණයත් පෘථග්ජනයෝ සැලකළහ. ආර්‍ය්‍යයෝ නොවෙති. ආර්‍ය්‍යයන්ගේ වනාහි ප්‍රයුක්තවචනයෙක් නම් නැත්තේය. තමන්ගේ ගුණය සැලකරන කල්හි අන්‍යයෝ නොවැළකූහ. එසේ උපන් ප්‍රත්‍යයයන්ද ඉවසූහ. එසේ උපන්බව නොදන්නාවූ
“අථඛො තෙ භික්‍ඛු භගවතො එතමත්‍ථං ආරොචෙසුං” යනාදියෙහි යම් කෙනෙක් තුමූ උත්තරිමනුෂ්‍ය ධර්‍මය පිළිබඳ ගුණ කියවාහුද, ඔවුහු සැල කළහයි දතයුතුය. “කච්චි පන වො භික්‍ඛවෙ භූතං” කීම, මහණෙනි, තොපගේ විද්‍යමාන වූවක්දැ’යි විචාළ කල්හි සියල්ලෝම “භූතං භගවා” භාග්‍යවතුන් වහන්ස විද්‍යාමනය’යි පිළින කළහ. ආර්‍ය්‍යයන්ගේම අභ්‍යන්තරයෙහි උත්තරිමනුෂ්‍ය ධර්‍මය විද්‍යාමානයයි එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය මිශ්‍ර බැවින් ‘තුච්ඡපුරුෂයෙනි’යි නොවදාරා “කථං හි නාම තුම්හෙ භික්‍ඛවෙ” ‘මහණෙනි’ තෙපි කෙසේ නම්’යි වදාරා “උදරස්ස කාරණා” යනාදිය වදාළ සේක. එහි යම්හෙයකින් ආර්‍ය්‍යයෝ අන්‍යයන් අතින් අසා ‘ස්වාමීනි’ ආර්‍ය්‍යය තෙමේ සෝවාන්දැ’යි යනාදි නයින් ප්‍රසන්නමනුෂ්‍යයන් විසින් විචාරනු ලබන්නාහු ශික්‍ෂාපදය නොපැනවූ කල්හි ආදීනව නොදක්නෝ පිරිසිදු සිත් ඇති බැවින් තමන්ගේද අන්‍යයන්ගේද විශේෂාධිගමය පිළින කළහ. මෙසේ පිළින කරන්නාවූද ඔවුන් විසින් අන්‍යයෝ උදරය කරුණු කොට උත්තරිමනුෂ්‍යධර්‍මයෙහි ගුණ කියා යම් පිණ්ඩපාතයක් ඉපදෙව්වාහුද, ඒ පිණ්ඩපාතය පිරිසිදු සිත් ඇති බැවින් ඉවසන්නන් විසින්ද, උදරය කරුණු කොට උත්තරමනුෂ්‍ය ධර්‍මයෙහි ගුණය කියන ලද්දක් මෙන් වේ. එහෙයින් සර්‍වසඞ්ග්‍රාහික නයින්ම ‘කථංහි නාම තුම්හෙ භික්‍ඛවෙ උදරස්ස කාරණා ගිහීනං අඤ්ඤමඤ්ඤස්ස උත්තරිමනුස්සධම්මස්ස වණ්ණං භාසිස්සථ’යි වදාළ සේක. සෙස්ස සතරවන පාරාජික වස්තුව සමානම වේ. ශික්‍ෂාපදවිභඞ්ගයෙහිද හුදෙක් එහි පාරාජිකයද ථුල්ලච්චයද පනවා වදාළ සේක. මෙහි විද්‍යමාන බැවින් පාචිත්තියද දුක්කටයද පනවා වදාළ සේක. මේ වෙනසයි. සෙස්ස කියන ලද නයමය.
“උපසම්පන්නස්ස භූතං ආරොචෙති” යනු උත්තරිමනුෂ්‍යධර්‍මය සඳහාම වදාරන ලදී. පිරිනිවන්පාන කාලයෙහි හෝ පිරිනිවන්පාන කාලයෙන් අනික් කාලයෙක හෝ ‘ස්වාමීනි’ කියනු මැනැවැ නුඹවහන්සේ විසින් කුමක් අධිගතදැයි පීඩාකරනු ලබන්නහු විසින් උපසම්පන්නයක්හට විද්‍යමාන ගුණයක් සැලකිරීම වටියි. ශ්‍රැතගුණය පර්‍ය්‍යප්ති ගුණය ශීලගුණය යන මේ ගුණයන් අනුපසම්පන්නයක්හට නමුදු කීම වටියි. ආදිකර්මිකයාහට ඇවැත් නොවේ. ‘උම්මත්තකස්ස’ මෙය වනාහි නොවදාරන ලදි. කුමක්හෙයින, යත්:- මාර්‍ගඵල දෘෂ්ටියෙන් යුක්තවූවන් අතර උමතුවූවකු හෝ විසුරුනු සිත් ඇත්තකු හෝ නොවන බැවිනි. මහාපච්චරියෙහිද ‘ධ්‍යානලාභී තෙමේ වනාහි ධ්‍යානය පිරිහුනු කල්හි උමතුවන්නේය. ඔහුටද භූතාරොචනය කරුණු කොට අනාපත්තිය නොකිය යුත්තීය, විද්‍යමානයාගේම අභාවය හෙයිනැ’යි විචාරණය කරන ලදි. සෙස්ස ප්‍රකටමය.