පඨවිඛණන ශික්ෂාපද වර්ණනාව
දසවන ශික්ෂාපදයෙහි “ජානා ච පඨවි අජාතා ච පඨවි” යන මේ පදයන්ගෙන් ජාතපඨවියත් අජාතපඨවියත් දක්වන්නේය. “අප්පපාසාණ” යනාදීන් අතුරෙහි ‘මදක් පාසාණ මෙහිනු’යි අප්පපාසාණයි. මෙසේ අර්ත්ථය දතයුතුය. එහි මිට පමණින් මත්තෙහි වූ පාසාණයෝයි දතයුතුය. මිට පමණවූ ගල්කැට “සක්ඛරා” නම්වෙත්. “කඨලා” කැට කැබැලිති. “මරුම්බා” කැටගල් “වාලිකා” වැලිමි. “යෙභුය්යෙන පංසු” තුන් කොටසින් දෙකොටසක් පස්. එක් කොටසක් පාසාණාදීන් අතුරෙහි එක්තරා කොටසෙකි. “අදඩ්ඪාපි” උඳුන් පාපිසුම් කුඹල්වප් ආදීන්ගේ වසයෙන් ඒ ඒ පරිදි නොදැවුනු බිම. ඒ බිම වෙන්ව නැත්තීය. පිරිසිදු පස් ආදීන් අතුරෙහි එක්තරා බිමක්ම දතයුත්තීය. “යෙභුය්යෙන සක්ඛරා” ඉතා බොහෝවූ මිට පමණ ගල්කැට ඇති බිම. හස්තිකුක්ෂි ප්රදෙශයෙහි එක් පැසක් පුරවා ගෙන්වා දෙණක ලා සෝදා පොළොවෙහි බොහෝ සෙයින් ගල්කැට ඇතිබව දැන භික්ෂූහු තුමූ පොකුණක් සෑරූහ. ‘මජෙක්ඛ අප්පපංසු අප්පමත්තිකා’යි යම් දෙපදකෙනෙක් වෙත්ද, ඒ දෙපදයෝ බොහෝ සෙයින් පාසාණාදිපඤ්චකයටම ඇතුළත් වෙත්. ඒ දෙපදයන්ගේම මේ ප්රභෙද දැක්වීමය. “සයං ඛන්ති ආපත්ති පාචිත්තියස්ස” යන මෙහි පහරක් පහරක් පාසා පාචිත්තිය දතයුතුය. “සකිං ආණනෙති බහුකම්පි ඛන්තො” මුළු දවස සාරාද, වරක් ඇණවූ මහණහුට එක්ම පාචිත්තියක් වේ. ඉදින් කුසීතවේද, නැවැත නැවැත ඇණවිය යුත්තේය. ඒ කුසීතයා අනවා සාරවන මහණහුට වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. මේ වනාහි පාලිවර්ණනා තොමෝය.
මේ වනාහි පාළිමුත්තක විනිශ්චයයි පොකුණක් සාරව’යි කියාද, වටියි. කනින ලද්දීම පොක්ඛරණී නම්වේද, එහෙයින් මෙය කප්පිය ව්යවහාරය වේ. වැවක් තටාකයක් වළක් සාරව යනාදියෙහිද මේ නයවේ. මේ අවකාශය සාරව, මේ අවකාශයෙහි පොකුනක් සාරවයි කියනු නොවටියි. අල හාරව, මුල හාරව’යි නියම නොකොට කියනු වටියි. ‘මේ වැල හාරව, මේ අවකාශයෙහි අලයක් හෝ මුලක් හෝ හාරවයි කීම නොවටියි. පොකුණ ශුද්ධ කරන්නවුන් විසින් යම් දිය මිශ්ර මඩක් කළවලින් ඉසින්නට හැක්කේ වේද, ඒ මඩ පහකරන්නට වටියි. ඝනවූ මඩ පහකිරීම නොවටියි. අව්වෙන් වියලුනු මඩ පැලීයයි. එහි යම් මඩක්යට පොළොව හා සම්බන්ධ නොවූයේද, ඒ මඩ පහකළ හැකිය. දිය ගලාගිය තැන රොන්මඩ වේ. හුළං පහරින් එය සැලෙන්නේය. එය බැහැර කිරීම වටියි.
පොකුණු ආදීන්ගේ ඉවුර බිඳ ජලයෙහි හාත්පස වැටේද, ඉදින් සිවුමසට අඩුව වැස්සෙන් තෙමුනේද, සිඳ හෑරීම හෝ බිඳහෑරීම වටියි. සිවුමසට වැඩිකලක් තෙමුනේද සිඳහෑරීම හා බිඳහෑරීම නොවටියි. ඉදින් ජලයෙහිම වැටේද, සිවුමසට වැඩියක් වැසි වට කල්හිද ජලයෙහිම ජලය වැටුනු බැවින් සිඳීම හා බිඳීම කළ හැකිය. ගල්පිට ගම්පොකුණක් සාරත්ද, ඉදින් එහි පළමු කොටම සියුම් රජස් වැටේද, එය වැස්සෙන් තෙමුනේද, සිවුමස ඇවෑමෙන් අකප්පිය පඨවි සඞ්ඛ්යාවට යන්නේය. ජලය සිඳීගිය කල්හි ගම්පොකුණ ශුද්ධ කරන මහණුන් විසින් එය සිඳීම බිඳීම නොවටියි. ඉදින් පළමු කොටම ජලයෙන් පිරීයේද, ඉන්පසු රජස් වැටේද, එකල්හි ඒ රජස් සිඳ බිඳ හැරීම සුදුසුය. එහි වැසි වස්නා කල්හිද ජලයෙහිම ජලය වැටේ’යි, ගලපිට සියුම් රජස් වේද, එය වැසි වැටෙන කල්හි ඇලීයේද, එද සිවුමසක ඇවෑමෙන් විකොපනය කිරීම නොවටියි. පරිභොග නොකළ ඉදිරියට නැවීසිටි පෙදෙසෙහි තුඹසක් නැගී සිටියේවේද, රුචිසේ විකොපනය කළ හැකිය. අභ්යවකාශයෙහි නගීද, සිවුමසට අඩුකලක් තෙමුනේම සිඳ බිඳ හැරීම කළ හැකිය. ගස්වැල් ආදියෙහි නැගුණු, වේතුඹස් ආදියෙහිද මේ නයම වේ.
ගැඩවිල් මලමීයන් බල්ලන් නැගුපස ගවකූරෙන් නැගි මැටි යනාදියෙහිද මේ නයම වේ. ගොකණ්ටක නම් දෙනුන්ගේ කුරයෙන් සිදුනු මඩ’යි කියනු ලැබේ. ඉදින් යටි පැත්තෙන් භූමිය හා සම්බන්ධ වේ නම් එක් දවසකුත් වැස්සෙන් සිඳීම බිඳීම නොවටියි. සීසෑතන්හිදු නගුලෙන් සිඳුනු මැටිපිඬ ගන්නා මහණහුට මේ නයම වේ. පැරණි සෙනසුනක්, සෙවිල්ලක් නැත්තේ හෝ වේද, නැසුනු පලය ඇත්තේ හෝ වේද, සිවු මසට වැඩිකලක් තෙමුනේ ජාතපඨවිසඞ්ඛ්යාවටම යන්නේය. එයින් සෙසු සෙවෙනි උළු හෝ පරාල ආදීවූ උපකරණයක් හෝ ‘උළු ගණිමි, පරාල බිතුපා අතුළලෑලි ගල්ටැම් ගණිමි’යි යන හැඟීමෙන් ගැනීම වටියි. ඒ පරාල ආදිය සමග මැටි ඇද වැටේද, ඇවැත් නොවේ. බිතුමැටි ගන්නා මහණහුට ඇවැත් වේ. ඉදින් යම් යම් මැටියක් නොතෙමුනීද, ඒ ඒ මැටි ගණීද ඇවැත් නොවේ.