සීහසෙනාපතිවත්ථුආදිකථා
[missing trans]
[missing trans]
“සාහාරං දජ්ජෙය්යථ” ජනපද සහිතව දෙන්නහුද, “පටිච්චකම්මං” නිමිත්තකර්මයට මේ නමකි. ඒ නිමිත්තකර්මය මෙහි ඇතැයි මාසයද පටිච්චකම්මයයි කියන ලදී. “ජීරන්ති” දිරත්. ගැරහීමෙහි කෙළවරට නොපැමිණෙන්නේය, යන අර්ත්ථයි. ත්රිකෝටිපාරිශුද්ධි කථාතොමෝ සඞ්ඝභෙද ශික්ෂාපද වර්ණනාවෙහි කියනලදී.
කප්පියභූමිඅනුජානනකථා
“පච්චන්තිමං” මේ දෙශනා මාත්රයකි. “යං සඞ්ඝො ආකඞ්ඛති”යි වදාළ බැවින් ධුරවිහාරයද සම්මත කිරීමට වටනේය. කර්මවාක්යය නොකියා අපලොකනයෙන් නමුදු වටීමය. “කාකොරවසද්දං” ඒ ඒ තැන්හි පිවිසි ආමිසය කනු පිණිස උදෑසනම රැස්වූ කවුඩන්ගේ මහත් හඬ යසොජ නම් කපිල සූත්රාවසානයෙහි පැවිදිවූ පන්සිය දෙනාගෙන් අග්රපුරුෂතෙමේය.
“උස්සාවනන්තිකං” යනාදිතන්හි උස්සාවනන්තිකා නම් කිළිය වනාහි පළමුකොට මෙසේ කටයුතුය. ටැම්මතුවෙහි හෝ බිත්ති මතුවෙහි හෝ කැන සිටුවා යම් විහාරයක් කරනු ලැබේද, ඒ විහාරයෙහි යට ටැම් වැදීසිටි ගල් භූමිගතිකමය. පළමු ටැඹ හෝ පළමු බිත්ති අඩිය හෝ පිහිටුවන්නන් විසින් බොහෝදෙනා පිරිවරා “කප්ටියකුටිං කරොම, කප්පිය කුටිං කරොම” වචන පිටකරන්නවුන් විසින් මිනිසුන් ඔසොවා පිහිටුවන කල්හි ආමර්ෂණයකොට හෝ තමන් විසින් ඔසොවා හෝ ටැඹ හෝ බිත්තිපාදය හෝ පිහිටුවිය යුතුය. කුරුන්දි මහාපච්චරී අර්ත්ථකථාවන්හි “කප්පිය කුටී, කප්පිය කුටී”යි කියා පිහිටුවිය යුතුයයි කියනලදී. අන්ධකාර්ත්ථකථාවෙහි “සඞ්ඝස්ස කප්පියකුටිං අධිට්ඨාමි”යි කියන ලදී. ඒ නොකියා සෙසු අර්ත්ථකථාවන්හි “කප්පියකුටිං කරොම”යි හෝ, “කප්පියකුටී”යි හෝ කියූ ලෙසින් කියූ කල්හි දොසෙක් නැත්තේය. මෙය මෙහි සියලු අර්ත්ථකථාවන්ට සාධාරණ වූ ලක්ෂණයයි. ටැම්පිහිටීමද වචනයෙහි කෙළවරද සමකාලයෙහි වටියි. ඉදින් වචනය නොනිමිකල්හි ටැඹපිහිටාද, ඒ ටැඹ නොපිහිටි කල්හි හෝ වචනය නිමවේද, එකල්හි කැපකිළියක් නොකරන ලද්දී වේ. එහෙයින්ම මහාපච්චරියෙහි ‘බොහෝ දෙන පිරිවර කියයුතුය. අවශ්යයෙන්ම මෙහි එකෙකුගේද වචන නිමවීමත්, ටැඹ පිහිටීමත් එකට වන්නේය’යි කියන ලද්දේය.
ගඩොල්මුවා කිළිගල්මුවා කිළිමැටිමුවා කිළි යන කිළි අතුරෙහි යට අඩිතාලම බැඳ හෝ නොබැඳ හෝ කෙරෙත්වා යම් තැනක පටන් බිත්තිය නගනු කැමැත්තාහු වෙත්ද, ඒ සියල්ලට පළමු ගඩොලක් හෝ ගලක් හෝ මැටිපිඩක් හෝ ගෙන කියූ ලෙසින්ම කැපකිළිය කටයුතුය. ගඩොල් ආදීහු බිත්තියෙහි පළමු තැබු ගඩොල් ආදින්ගේ යට තැබීම නොවටිත්. ටැම් මත්තට නගිත්. එහෙයින් වටිත්. අන්ධකාර්ත්ථකථාවෙහි ටැඹින් කරනු ලබන කල්හි සිවුකොන්හි කණු සතරක්, ගඩොල් ආදියෙන් කළ බිත්තියෙහි සිවුකොන්හි ගඩොල් දෙකතුනක් ඉටිය යුතුය’යි කියන ලදී. මෙසේ නොකළකල්හිද, දොසක් නැත්තේය. අර්ත්ථකථාවන්හි කියනලද්දම ප්රමාණයි.