හත්ථිමංසාදිපටික්ඛෙපකථා
“සුනඛමංසං” මෙහි වනබල්ලෝ සුනඛයන් සමානවෙත්. ඔවුන්ගේ මස්වටියි. යම් බල්ලෙක්, වනබල්ලකු ගම් බැල්ලියක සමග හෝ, ගම්බල්ලෙකු වන බැල්ලියක සමග හෝ, සංයෝගයෙන් උපන්නේද, ඔහුගෙ මස් නොවටියි. ඒ බලු දෙකොටසම සෙවනය කරයි. “අහිමංසං” යම්කිසි පානැති දිග් සිරුරු ඇතියකුගේ මස් නොවටියි. සිංහමංසාදීහු ප්‍රකටවූවාහුම වෙත්.
මෙහිදී මිනීමස් සමජාතිකබැවින් ප්‍රතික්‍ෂෙප කරණ ලද්දේය. රජුගේ අඞ්ගබැවින් ඇත්, අස්,මස්ද, පිළිකුල් බැවින් බලුමස් හා නයිමස්ද, තමන්ට උවදුරු නොවන පිණිස සිංහ-ව්‍යාඝ්‍ර-දිවි-වල-කලුහිස් වලස් යන මේ පස්වැදෑරුම් මස් ප්‍රතික්‍ෂෙප කරන ලද්දේය. මෙසේ මේ මනුෂ්‍යාදී වූ දසදෙනාගේ මස්ද, ඇටද ලේද, සමද, ලොම්ද යන සියල්ල නොවටියි. දැන හෝ නොදැන හෝ යම්කිසිවක් කන්නහුට ඇවැත්මය. යම්කලෙක දැන ගනීද, එකල්හි දෙසිය යුතුය. නොවිචාරා කන්නෙමි’යි ගන්නහුට පිළිගැණීමෙහිද දුක්කටය වේ. විචාරා කන්නෙමි, ගන්නහුට ඇවැත් නොවේ. උදෙසා කරණ ලද්දක් දැන කන්නහුටම ඇවැත් වේ. පසුව දන්නහුට ඇවත් නොනැගිය යුතුය.
යාගුමධුගොළකාදිකථා
“පහූතං යාගුඤ්ච මධුගොළඤ්ච පටියාදාපෙත්‍වා” ඒ බ්‍රාහ්මණ තෙමේ වනාහි ලක්‍ෂයක් වැය කොට බෙහෝ කැඳද, මීගුළිද පිළියෙල කරවීය. අනුමෝදනා ගාථාවසානයෙහි “පත්‍ථයතං, ඉච්ඡිතං” යන මේ පාදයන්ගේ “අලමෙවදාතුං” මේ හා සම්බන්‍ධ වේ. ඉදින් “පත්‍ථයතා ඉච්ඡතා”යි පාඨයක් ඇත්තේ නම් ඒ පාඨය ගතයුතුය.
[missing trans] “යථා ධම්මො කාරෙතබ්බො” පරම්පරභොජනයෙහි කරවිය යුත්තේය. ඒ යාගුවෙන් පවාරණය වේයි
“නාහං තං කච්චාන” ඒ උක්සකුරු ඉතිරිවූ කල්හි දෙවතාවෝ එහි දිව්‍ය ඔජස් බහාලූහ. අන්‍යයන්ගේ එය පැසවීමට නොයන්නේය. එහෙයින් මෙසේ වදාළ සේක. “ගිලානස්ස ගුළං” එබඳු වූ ව්‍යාධියකින් පෙළෙන ගිලනහුට පසුබත උක්සකුරු අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
පාටලිගාමවත්ථුකථා
[missing trans] “අග්ගිතො වා” යනාදිතන්හි වූ ශබ්දය සමුච්චයාර්‍ත්‍ථයෙහි වේ. එහි එක්කොටසකට ගින්නෙන්, එක් කොටසකට දියෙන්, එක් කොටසකට අභ්‍යන්තරයෙන්යි ඔවුනොවුන්ගේ බිඳීමෙන් අන්තරාය වන්නේය.