ගුළාදිඅනුජානනකථා
“සචෙ භික්ඛවෙ පක්කාපි මුග්ගා ජායන්ති” ඉදින් තැම්බූ මුං හට ගනීනම්, හෙවත් ලැබේනම් කැමතිසේ පරිභොග කටයුතුය. තැම්බූ බැවින් ඒ මුං කැපමය.
“සාමං පක්කං” මෙහි යම්කිසි ආමිසයක් මහණහු විසින් පිසීම නොවටියි. ඉදිනුදු උණුකැඳෙහි තලාකොළ හෝ ඉඟුරු හෝ ලුනු හෝ බහත්ද, තලාකොළ ආදිය බහාලූ ඒ උණුකැඳ බඳුනද සෙලවීම නොවටියි. ‘කැඳ නිවමි’යි සෙලවීම වටියි. නොපැසුනු සහල් ඇති උණුසුම් බතක් ලැබද වසා තබන්නට නොවටියි. ඉදින් මිනිස්සු වසාලාම දෙත්නම්, වටියි. බත් හෝ නොනිවේවායි වැසීම වරද නොවේ. කිරිමෝරු ආදිය වරක් පැසවූකල්හි ගිනි කිරීම සුදුසුය. කවරහෙයින, යත්:- ප්රතිපාතය අනුදත්බැවිනි. “උක්කපිණ්ඩකාපි ඛාදන්ති” බලල්ලු මීයෝ ගොයි මුගටියෝ කත්. “දමකා” ඉඳුල් කන්නෝ
“තතො නීහටං” යම්තැනෙක්හි පවරන ලද්දහු බුදිත්ද, එයින් ගෙනෙන ලද්ද
“වනට්ඨං පොක්ඛරට්ඨං” වෙනෙහිද පියුම්ගසෙහිද හටගත්තක් “අබිජං” තරුණවූ යම් ඵලයෙක. යම් ඵලයක බීජය අඞ්කුරය නොඋපදවාද, ඒ ඵලය. “නිබ්බට්ටබීජං” බිජුවට උපුටා හැර අනුභව කටයුතු වූ අඹකොස් ආදියය.
“සත්ථකම්මං - වා වත්ථිකම්මං වා” පිරිසිඳි පරිදි වසමගින් දෑඟුල් පමණ අවකාශයෙහි හටගත් යම් ගඩක් යම්කිසි සැතකින් හෝ හිද්දකින් හෝ කටුවකින් හෝ කුඩා සැතකින් හෝ ගල්පතුරකින් හෝ නියෙන් හෝ සිඳීම හෝ පැළීම හෝ විදීම හෝ ලිවීම හෝ නොකටයුතුය. මේ සියල්ලම සැත්කම්ම වේ. යම්කිසි සමකින් හෝ වස්ත්‍රයකින් හෝ වසතිය පෙළීමද නොකටයුතුය. මේ සියල්ලම ගුදමගින් බඩට බෙහෙත් විදීම්ම වේ. මෙහිද “සම්බාධස්ස සමන්තා ද්වඞ්ගුලා” මෙය සැත්කම්ම සඳහා වදාරණ ලදී. ගුදමගින් බඩට බෙහෙත් විදීම බෙහෙත් විදීම මලමාර්ග නම් සම්බන්ධස්ථානයෙහිම වළකන ලද්දේය. එහි කාරමක් හෝ තබන්නට යම්කිසි රැහණකින් හෝ බඳින්නට වටියි. ඉදින් ඒ කාරම් බැඳීමෙන් සිඳියේනම්, මොනවට සිඳුනේ වේ. අණ්ඩවෘද්ධිරොගයෙහිද සැත්කම් නොවටියි. එහෙයින් අණ්ඩය පලා බීජොද්ධරණයකොට නීරොගී කරන්නෙමුයි නොකටයුතුයි. ගින්නෙන් තැවීමෙන්, බෙහෙත් ගෑමෙහි වනාහි ප්රතික්ෂෙපයෙක් නැත්තේය. මලමග බෙහෙත් තැවරූ රෙදිවැටිය හෝ උණපතුරක් හෝ වටියි. යමකින් කාරම හෝ කෙරෙත්ද, තෙල් හෝ ඇතුල්කෙරෙත්ද, වටියි.
[missing trans] “පොත්ථනිකං” මස්කපන සැත කියනු ලැබේ. “කිම්පිමාය” මැගෙන් කිම, “න භගවා උස්සහති” ‘භාග්‍යවතුන් වහන්ස’ නොහැක්කේය. “යත්ර හි නාම” යම්හෙයකින් නම්, විමසූයෙහිද, විචාළහිදැ’යි කියන ලද්දේ වේ. “අප්පටිවෙක්ඛිත්වා” නොපිළිවිය. ඉදින්වනාහි අසුවල් මසයයි දනීනම්, පිළිවිසින කිසක් නැත්තේය. නොදන්නහු විසින් පිළිවිසීම කළයුතුය.
හත්ථිමංසාදිපටික්ඛෙපකථා
“සුනඛමංසං” මෙහි වනබල්ලෝ සුනඛයන් සමානවෙත්. ඔවුන්ගේ මස්වටියි. යම් බල්ලෙක්, වනබල්ලකු ගම් බැල්ලියක සමග හෝ, ගම්බල්ලෙකු වන බැල්ලියක සමග හෝ, සංයෝගයෙන් උපන්නේද, ඔහුගෙ මස් නොවටියි. ඒ බලු දෙකොටසම සෙවනය කරයි. “අහිමංසං” යම්කිසි පානැති දිග් සිරුරු ඇතියකුගේ මස් නොවටියි. සිංහමංසාදීහු ප්රකටවූවාහුම වෙත්.