පඤ්චභෙසජ්ජාදිකථා
භෙසජ්ජක්ඛන්ධකයෙහි - “සාරදිකෙන ආබාධෙන” සරත් කාලයෙහි හටගත් පිත්තාබාධයෙක්. ඒ කාලයෙහි වනාහි වැසිදියෙන්ද තෙමෙත්, මඩද පාගත්, අතරතුර අව්වද රළුවේ. එයින් ඒ මහණුන්ගේ පිත කොෂ්ටාභ්යන්තරයට ගියේ වේ. “ආහාරත්ථඤ්ච එරෙය්ය” අහරින් ලැබෙන ප්රයොජනය සිද්ධ කරන්නේය.
“සෙනෙසිකානි” සිනිදුවූ. [missing trans]
“අච්ඡවසං” යනාදීන්හි නිසග්ගිය වර්ණනාවෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය. [missing trans]
මූලභෙසජ්ජාදි විනිශ්චය ඛුද්දක වර්ණනාවෙහි කියන ලද්දේමය. එහෙයින් මෙහි පෙර යමක් යමක් නොකියන ලදද, ඒ ඒම වර්ණනා කරන්නෙමු. භිඞ්ගු - භිඞ්ගුජතු - භිඞ්ගුසිපාටිකා යනු පෙරුම්කායම් ජාතීහුමය. තක - තකපත්ති - තක පණ්ණියො යනු මැලියම් ජාතීහුමය.
[missing trans]
“කායො වා දුග්ගන්ධො” අශ්වාදීන්ගේ මෙන් කිසිවක්හුගේ කායගන්ධය වේ. ඔහුටද මහරිකොසඹ ආදි සුණු හෝ සුවඳසුණු හෝ යන සියල්ල උලා නාන්නටද ආලේප කරන්නටද වටිත්. “රජතනිප්පක්කං” රඳන්කසට. නොපැසවූ පියවිකසා සුණුද කොටා දියෙන් තෙමා ඇඟ උලා නාන්නට වටියි. මේද නොපැසවූ රඳන් ගණනටම යන්නේය.
“ආමකමංසඤ්ච ඛාදි, ආමකලොහිතඤ්ච පිවි” ඒ අමුමස් හා අමුලේ මහණතෙමේ නොකෑයේය, නොබීයේය. ඒ මහණහට ආවේශව සිටි අමනුෂ්යතෙමේ කාබී ගියේය. එහෙයින් “තස්ස සො අමනුස්සිකාබාධො පටිප්පස්සම්හි”යි කියනලදී.
“අඤ්ජනං” යන මෙය සර්වසඞ්ග්රාහික වචනයි. “කාලඤ්ජනං” යනු එක් අඳුන් ජාතියක. “රසඤ්ජනං” රසඳුන් නම් නොයෙක් සම්භාරයෙන් කරණ ලද්දේය. “සොතඤ්ජනං” ස්රොතාඤ්ජන නම් ගඟදිය ආදියෙහි හටගන්නා අඳුන්ය. ගේරුකො ගෙරුකනම් සුවන්ගුරු ආදියයි. “කපල්ලං” පහන් දැල්ලෙන් ගත් මැසිය “චන්දනං” රත්සඳුන් ආදීවූ යම්කිසිවෙකි. තුවරු ආදිය ප්රකටය. අන් නිල් උපුල් ආදීයද වටීමය. කිසි අඳුනක් ඇඹරීම නොවටින්නේ නොවේ.
“අට්ඨිමයං” මිනී ඇට හැර සෙසු ඇටවලින් කරන ලද අඳුන් කුලාය. “දන්තමයං” ඇත්දත් ආදීවූ සියලු දත්වලින් කරන ලද අඳුන්කුලාය. අංවලින් කරනලද අඳුන් කුලාවෙහි අකැපයක් නම් නැත්තේය. බටවලින් කරන ලද අඳුන්කුලා ඒකාන්තයෙන් කැපමය. “සලාකොධානියං” යම් තැනෙක්හි අඳුන්කුරු බහාලත්ද, එයට සිදුරු ඇති දණ්ඩක් හෝ කොපුවක් හෝ අනුදනිමි’ යන අර්ත්ථයි. “අංසවට්ටකො” අඳුන් කුලාව දෑම පිණිස කළ අස්වැටියය. “යමකං නත්ථුකරණිං” සම ශ්රොත ඇති තල දෙකකින් යුත් නස්ය කරනු පිණිස කළ නත්ථුකරණියක්.
“අනුජානාමි භික්ඛවෙ තෙලපාතං” බෙහෙත් බැහූ යම් කිසිවක්වේද ඒ සියල්ල අනුදන්නා ලද්දේම වේ. “අතිපක්ඛිතකමජ්ජානි” ඉතා වැඩියක් ලනලද මද්යය ඇති. බොහෝ මද්යය බහා යොදන ලද, යන අර්ත්ථයි.
“සම්භාරසෙදං” නන්වැදෑරුම් වූ කොළ බිඳදමා ගැන්විය යුතු උණුසුමය. “මහාසෙදං” මහත් ඩහගැන්වීමය. බඹයක් පමණ වූ වළක් අඟුරෙන් පුරවා පස් වැලි ආදියෙන් වසා ඒ මතුවෙහි නන්වැදෑරුම් වාතය හරිණ කොළ අතුට තෙල් ගෑ සිරුරු ඇති වාත රෝගීහු විසින් එහි හෙව එහා මෙහා පෙරළමෙන් සිරුරු ඩහගන්වන්නට අනුදනිමි’ යන අර්ත්ථයි. “භඞ්ගොදකං” නසන නොයෙක් කොළමිටි බහා කකාරනලද ජලයය. ඒ කොළවලින්ද, දියෙන්ද, වාතරෝගීහුගේ සිරුරට ඉසිමින් ඩහගැන්විය යුතුය. “උදකකොට්ඨකං” නාන කොටුවෙහි සැළියක් හෝ ඔරුවක් හෝ භඞ්ගොදකයෙන් පුරවා එහි බැස ස්වෙදකර්ම කිරීම අනුදනිමි’යි යන අර්ත්ථයි.