භණ්ඩනකාරකවත්ථුකථා
“ද්වෙ තයො උපොසථෙ චාතුද්දසිකෙ කාතුං” මෙහි සිවුවන පස්වන දෙපෝය. තෙවනපෝය ප්රකෘතියෙන්ද චාතුද්දසිකමය. එහෙයින් තෙවන සිවුවන පෝය හෝ තෙවන සිවුවන පස්වන පෝය හෝයි දෙකක් තුනක් පොහොය චාතුද්දසික කටයුතුය. නැවත සිවුවන පණ්ණරසී උපොසථය කළකල්හි, ‘අපගේ පවාරණය තබන්නාහයි අසත්ද, පස්වන පොහොය චාතුද්දසිකය කටයුතුය. මෙසේද තෙවන චාතුද්දසිකය සමග චාතුද්දසික දෙකක් වේ. මෙසේ කරන්නා වූ මොවුහු භණ්ඩනකාරකයන්ගේ තෙළෙස්වන දිනයෙහි හෝ තුදුස්වන දිනයෙහි (චාතුද්දසියෙහි) හෝ පණ්ණරසී පවාරණය පවරන්නාහ. මෙසේ පවරන්නවුන් විසින්ද සීමාවෙන් පිටත හෙරණුන් තබා ‘ඔවුහු එත්’යි අසා වහවහා රැස්වී පැවරිය යුතුය. මේ අර්ත්ථය දක්වන්නට “තෙ චෙ භික්ඛවෙ -පෙ- තථා කරොන්තු”යි වදාරණ ලද්දේය.
“අසංවිහිතා” සංවිධාන රහිතව. ඊම දැනගනු පිණිස නොකළ සංවිධාන ඇත්තාහු. නොදන්නා ලද්දාහුම වී යන අර්ත්ථය “තෙ සංවික්ඛිත්වා” ක්ලාන්ත වූවාහු. මොහොතක් විඩාහරිවු යනාදි නයින් මුළාකොට යන අර්ත්ථයි. “නො චෙ ලභෙථ” ඉදින් සීමාවෙන් පිටතට යන්නට නොලබන්නාහු නම් භණ්ඩනකාරකයන් අතුරෙන් හෙරණුන් විසින්ද, තරුණ භික්ෂූන් විසින්ද, නිරතුරුව ලුහුබඳින ලද්දාහුම වෙත්. “ආගමෙ ජුණ්හෙ” යමක් සඳහා “ආගමෙ ජුණ්හො පවාරෙය්යාම”යි ඤත්තිය තැබුවාහුද, ඒ හෙලඋපුල් ඇති වසිසාරමය කෙළවර පශ්චිම කාර්තික පෞර්ණමී දිනයෙහි නොකැමැති වූවාවද පැවරිය යුතුය. අවශ්යයෙන් පැවරිය යුතුය. ඒ පශ්චිම කාර්තික පෞර්ණමිය ඉක්මවා පැවරීම නොලබයි. “තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි පවාරියමානෙ” මෙසේ වැසිසාරමය කෙළවර පශ්චිමකාර්තික දිනයෙහි පවාරණය කරන කල්හි,
පවාරණාසඞ්ගහකථා
“අඤ්ඤතරො ඵාසුවිහාරො” තරුණසමථය හෝ තරුණ විදර්ශනාව හෝ. “පරිබාහිරා භවිස්සාම” නිබඳවූ රෑතැන්, දිවාතැන් නැති බැවින් භාවනාවෙහි එක්වන්යෙදීම සම්පාදනය කරන්නට නොහැක්කහු බාහිර වන්නෙමු. “සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං” මෙයින් ඡන්දයදීම ප්රතික්ෂෙප කරයි. භින්න වූ සඞ්ඝයා සමගි කරන කාලයෙහි, තිණවත්ථාරක සමථයෙහි, මේ පවාරණ සඞ්ග්රහයෙහි යන මේ තුන්තන්හි ඡන්දයදීම නොවටියි. මේ පවාරණ සඞ්ග්රහය නම්, හළ කමටහන් ඇතියන්ටද, ථාමගත ශමථ විදර්ශනා ඇතියන්ටද, සොතාපන්නාදීන්ටද නොදිය යුතුය. තරුණ ශමථ විදර්ශනාලාභීහු වනාහි සියල්ලෝ හෝ වෙත්වා, අඩක් හෝ වේවා, එක් පුද්ගලයෙක් හෝ වේවා, එකක්හුගේද වසයෙන් දියයුතුය. පවාරණ සඞ්ග්රහය දුන් කල්හි වසතුළ පරිහාරයම වේ. ආගන්තුක භික්ෂූහු ඔවුන්ගේ සේනාසනය ගන්නට නොලබත්. ඔවුන්ද සුන්වස් ඇතියවුන් නොවිය යුතුය. පවරාද අතර චාරිකාවෙහි හැසිරෙන්නට ලබයි දක්වනු පිණිස “තෙහි චෙ භික්ඛවෙ” යනාදිය වදාළ සේක. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
පවාරනක්ඛන්ධක වර්ණනාව නිමි.
චම්මක්ඛන්ධක වර්ණනාව
සොණකොළිවිසවත්ථුකථා
චම්මක්ඛන්ධකයෙහි - “ඉස්සරියාධිපච්චං” ඊශ්වරභාවයෙන් හා අධිපතිභාවයෙන්ද යුක්තවූවාහු. “රජ්ජං” රජබව. රජු විසින් කටයුතු කෘත්යය හෝය. “සොණො නාම කොළිවිසො” මෙහි ‘සොණ’ යනු ඔහුගේ නමය. ‘කොළිවිසො’ යනු ගෝත්රයයි. “පාදතලෙසු ලොමානි” රතු වූ පාදතලයන්හි සියුම් වූ අඳුන්වන්වූ කර්මයෙන් විසිතුරුකළ ලොම් හටගත්තාහු වෙත්. හෙතෙමේ වනාහි පෙර අසූදහසක් පුරුෂයන්ට ජ්යෙෂ්ඨ පුරුෂවී ඔවුන් සමග පසේබුදුවරයකු වසනතැන පන්සලක් කොට තමන්ගේ සශ්රික වූ එළුලොමින් කළ පොරෝණය පසේ බුදුන් පාතබන තැන පාපිස්නක් කොට තැබුයේය. තෙමසක් මුළුල්ලෙහි සියල්ලෝම පසේ බුදුන්ට උපස්ථාන කළහ. මේ ඔහුගේද, ඒ අසූදහසක් ගම්වැසි පුරුෂයන්ගේද පූර්වයොගයයි.
“අසීති ගාමිකසහස්සානි” ඒ ගම්වල වසන කුලපුත්රයන් අසූදහසක් “කෙනචිදෙව කරණීයෙන” කිසියම් කටයුත්තකින් මෙන් මොහුට ඔහු දැකීම හැර කිසිකටයුත්තක් නැත්තේය. රජතෙමේ වනාහි ඒ අසූදහසක් කුලපුත්රයන් රැස්කරවන්නේ, මෙසේ සැකනොකරන්නේ ‘සොණ තෙමේ එන්නේය’යි රැස්කරවූයේය. “දිට්ඨධම්මිකෙ අත්ථෙ” සීසෑම් වෙළඳාම් ආදීහු ධර්මයෙන් කටයුත්තාහ. මවුපියෝ දැහැමින් පෝෂණය කටයුත්තාහ යන මේ ආදිනයින් ලොවට හිතවූ අර්ත්ථයෙහි අනුශාසනා කොට “සො නො භගවා” අපගේ ඒ භාග්යවත් තෙමේ පරලොව අර්ත්ථයෙහි තොපට අනුශාසනා කරන්නේය, යන අර්ත්ථයි.
“භගවන්තං පටිවෙදෙමි” භාග්යවත්හට දන්වාලමි. “පාටිකාය නිම්මුජ්ජිත්වා” හිණයට අඩසඳපහණෙහි ගැලී. [missing trans]
සොණස්ස පබ්බජ්ජාකථා
[missing trans]