වත්ථුඨපනාදිකථා
“ඉදං වත්ථු පඤ්ඤායති න පුග්ගලො” මෙහි සොරහු වනාහි අරණ්යවිහාරයෙහි පොකුණකින් මසුන් ගෙන පිස කා ගියහ. ඒ මහණතෙමේ ඒ විප්රකාරය දැක මේ කටයුත්ත මහණක්හුගේ වියයුතුය’යි සලකා මෙසේ කීයේය. “වත්ථුං ඨපෙත්වා සඞ්ඝො පවාරෙය්ය” යම්කලෙක ඒ පුද්ගලයා දන්නෙමුද, එකල්හි ඔහුට චෝදනා කරන්නෙමු දැන් සඞ්ඝතෙමේ පවාරණය කෙරේවා යනු මෙහි මේ අර්ත්ථයි. “ඉදානෙව තං වදෙහි” ඉදින් මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැක කරන්නෙහිද, දැන්ම ඔහුට කියව, යන අර්ත්ථයි. ඉදින් කියාද, ඒ පුද්ගලයා විචාරා පැවැරිය යුතුය.
“අයං පුග්ගලො පඤ්ඤායති න වත්ථු” මෙහි එක් මහණෙක් තෙමේ මල්ගඳ විලවුන්වලින් සෑයක් හෝ පුදාද, අරිෂ්ටයක් පානය කෙළේද, ඒ මහණහුගේ එයට අනුරූප වූ සරීර ගන්ධය වූයේය. හෙතෙමේ ඒ ගන්ධය සඳහා ‘මේ මහණහුගේ මෙබඳු ගඳෙක්’යි වස්තුව ප්රකාශ කරමින් “පුග්ගලං ඨපෙත්වා සඞ්ඝො පවාරෙය්ය”යි මෙසේ කීයේය. මේ පුද්ගලයා හැර සඞ්ඝතෙමේ පවරාවා. ‘දැන්ම මොහුට කියව’යි මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැකකරන්නෙහිද, යුෂ්මත් තෙමේ යම් පුද්ගලයකු තබවාද, ඒ පුද්ගලයාගේ දොසය දැන්ම කියව, ඉදින් මේ මොහුගේ දොසයයි කියාද, ඒ පුද්ගලයා පිරිසිදුකොට පැවරිය යුතුය. නැවත ‘මම නොදනිමි’යි කියාද, පරික්ෂාකොට දන්නෙමි’යි පැවරිය යුතුය.
“ඉදං වත්ථු ච පුග්ගලො ච පඤ්ඤායති” පළමු කියූ නයින්ම සොරුන් විසින් මසුන් අල්ලාගෙන පිස අනුභව කළතැනද සුගන්ධාදිය ඇඟ ගා නෑ තැනද දැක මේ ක්රියාව පැවිද්දකුගේය’යි හඟිමින් මෙසේ කීයේය. “ඉදානෙව තං වදෙහි” දැන්ම ඒ වස්තුව කරණකොට සැකකරනලද පුද්ගලයාහට කියව. මේ දෙකම දැක දුටු කල් පටන් විනිශ්චය කොටම පැවරිය යුතුය. “කල්ලං වචනාය” චෝදනාවට සුදුසු වේ. චෝදනා කරන්නට වටීය යන අර්ත්ථයි. කුමක් හෙයින් යත්:- පවාරණයෙන් පෙරටුව විනිශ්චය නොකළ බැවින්ද, පසුවම දැක චෝදනා කළ බැවිනි. “උක්කොටනකං පාචිත්තියං” මේ පුද්ගලයාද වස්තුවද යන දෙක පවාරණයෙන් පෙර දැක විනිශ්චය කොටම භික්ෂූහු පවාරණය කෙරෙත්. එහෙයින් පවාරණයෙන් පසු ඒ විනිශ්චය කළ වස්තුව ඉදිරියට ගැනීම කළ මහණහට ඇවැත් වේ.
භණ්ඩනකාරකවත්ථුකථා
“ද්වෙ තයො උපොසථෙ චාතුද්දසිකෙ කාතුං” මෙහි සිවුවන පස්වන දෙපෝය. තෙවනපෝය ප්රකෘතියෙන්ද චාතුද්දසිකමය. එහෙයින් තෙවන සිවුවන පෝය හෝ තෙවන සිවුවන පස්වන පෝය හෝයි දෙකක් තුනක් පොහොය චාතුද්දසික කටයුතුය. නැවත සිවුවන පණ්ණරසී උපොසථය කළකල්හි, ‘අපගේ පවාරණය තබන්නාහයි අසත්ද, පස්වන පොහොය චාතුද්දසිකය කටයුතුය. මෙසේද තෙවන චාතුද්දසිකය සමග චාතුද්දසික දෙකක් වේ. මෙසේ කරන්නා වූ මොවුහු භණ්ඩනකාරකයන්ගේ තෙළෙස්වන දිනයෙහි හෝ තුදුස්වන දිනයෙහි (චාතුද්දසියෙහි) හෝ පණ්ණරසී පවාරණය පවරන්නාහ. මෙසේ පවරන්නවුන් විසින්ද සීමාවෙන් පිටත හෙරණුන් තබා ‘ඔවුහු එත්’යි අසා වහවහා රැස්වී පැවරිය යුතුය. මේ අර්ත්ථය දක්වන්නට “තෙ චෙ භික්ඛවෙ -පෙ- තථා කරොන්තු”යි වදාරණ ලද්දේය.
“අසංවිහිතා” සංවිධාන රහිතව. ඊම දැනගනු පිණිස නොකළ සංවිධාන ඇත්තාහු. නොදන්නා ලද්දාහුම වී යන අර්ත්ථය “තෙ සංවික්ඛිත්වා” ක්ලාන්ත වූවාහු. මොහොතක් විඩාහරිවු යනාදි නයින් මුළාකොට යන අර්ත්ථයි. “නො චෙ ලභෙථ” ඉදින් සීමාවෙන් පිටතට යන්නට නොලබන්නාහු නම් භණ්ඩනකාරකයන් අතුරෙන් හෙරණුන් විසින්ද, තරුණ භික්ෂූන් විසින්ද, නිරතුරුව ලුහුබඳින ලද්දාහුම වෙත්. “ආගමෙ ජුණ්හෙ” යමක් සඳහා “ආගමෙ ජුණ්හො පවාරෙය්යාම”යි ඤත්තිය තැබුවාහුද, ඒ හෙලඋපුල් ඇති වසිසාරමය කෙළවර පශ්චිම කාර්තික පෞර්ණමී දිනයෙහි නොකැමැති වූවාවද පැවරිය යුතුය. අවශ්යයෙන් පැවරිය යුතුය. ඒ පශ්චිම කාර්තික පෞර්ණමිය ඉක්මවා පැවරීම නොලබයි. “තෙහි චෙ භික්ඛවෙ භික්ඛූහි පවාරියමානෙ” මෙසේ වැසිසාරමය කෙළවර පශ්චිමකාර්තික දිනයෙහි පවාරණය කරන කල්හි,
පවාරණාසඞ්ගහකථා
“අඤ්ඤතරො ඵාසුවිහාරො” තරුණසමථය හෝ තරුණ විදර්ශනාව හෝ. “පරිබාහිරා භවිස්සාම” නිබඳවූ රෑතැන්, දිවාතැන් නැති බැවින් භාවනාවෙහි එක්වන්යෙදීම සම්පාදනය කරන්නට නොහැක්කහු බාහිර වන්නෙමු. “සබ්බෙහෙව එකජ්ඣං සන්නිපතිතබ්බං” මෙයින් ඡන්දයදීම ප්රතික්ෂෙප කරයි. භින්න වූ සඞ්ඝයා සමගි කරන කාලයෙහි, තිණවත්ථාරක සමථයෙහි, මේ පවාරණ සඞ්ග්රහයෙහි යන මේ තුන්තන්හි ඡන්දයදීම නොවටියි. මේ පවාරණ සඞ්ග්රහය නම්, හළ කමටහන් ඇතියන්ටද, ථාමගත ශමථ විදර්ශනා ඇතියන්ටද, සොතාපන්නාදීන්ටද නොදිය යුතුය. තරුණ ශමථ විදර්ශනාලාභීහු වනාහි සියල්ලෝ හෝ වෙත්වා, අඩක් හෝ වේවා, එක් පුද්ගලයෙක් හෝ වේවා, එකක්හුගේද වසයෙන් දියයුතුය. පවාරණ සඞ්ග්රහය දුන් කල්හි වසතුළ පරිහාරයම වේ. ආගන්තුක භික්ෂූහු ඔවුන්ගේ සේනාසනය ගන්නට නොලබත්. ඔවුන්ද සුන්වස් ඇතියවුන් නොවිය යුතුය. පවරාද අතර චාරිකාවෙහි හැසිරෙන්නට ලබයි දක්වනු පිණිස “තෙහි චෙ භික්ඛවෙ” යනාදිය වදාළ සේක. සෙස්ස සියලු තන්හි ප්රකටමය.