අධම්මිකකතිකාදිකථා
“එවරූපා කතිකා” මෙහි මෙබඳු අන්‍ය වූ අධාර්මික වූ යම් කතිකාවක් වන්නීද, ඕතොමෝ නොකටයුත්තීය යන අර්‍ත්‍ථයි. ඒ අධාර්මික කතිකාවගේ ලක්‍ෂණය සිදුවන පාරාජික වර්‍ණනාවෙහි කියනලදී.
“පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස” මෙහි හුදෙක් ‘මේ තෙමස මෙහි වස්විසුව මැනවැ’යි මේම පිළිබඳ ගිවිසීමෙහිද, ඇවැත් වේ. ‘මේ තෙමස භික්‍ෂාව ගනු මැනව, අපි දෙදෙන මෙහිම වස් වසන්නෙමු, එකට උදෙසවා ගන්නෙමු’යි මේ ආදීන්ද, ඔහු ඔහුට ගිවිසීමෙහි දුක්කටය වේ. එදවනාහි පළමුකොට පිරිසිදු සිත් ඇතියහුටය. පසුව විසංවාදනය ප්‍රත්‍යයෙහි පළමුකොටද, අපිරිසිදු සිත් ඇතියහුට වනාහි ගිවිසීමෙහි පාචිත්තිය වේ. විසංවාදයෙන් දුක්කටයයි පාචිත්තිය සමග දුක්කටය යෙදේ.
“සො තදහෙව අකරණීයො” යනාදි තන්හි වස් නොඑළඹියේනම්, එළඹ හෝ සත්දවසක් පිටත කල් යවා නම්, පෙරවසත් නොපෙනේනම්, ගිවිසීමෙහිද ඇවැත් වේ. වස් එළඹ අරුණ නොනංවා එදවස්හිම සත්තාහකරණීයයෙන් යන මහණහටද, සත් දවසක්තුළ නවත්නා මහණහටද ඇවැත් නොවේ. දෙතුන් දවසක් වැස සත්තාහකරණීයයෙන් පිටත ගොස් නැවත වස්විසූ දිනපටන් ඒ අතර සත් දවසතුළ නවත්නා මහණහට ඇවැත් නොවනබව කියනු කිම, ‘මෙහි වසන්නෙමි’යි ආලය ඇත්තේ නම්, නොසිහියෙන් වස් නොඑළැඹේනම්, ගත් සෙනසුන මොනවට ගන්නා ලද්දේ වේ. සුන් වස් ඇත්තේ නොවේ. පැවරීම ලබාමය.
“සත්තාහං අනාගතාය පවාරණාය” මෙහි නවමියෙහි පටන් සත්තාහකරණීයයෙන් යෑම වටියි. වස්විසූ සීමාවට ඒවා හෝ නොඒවා හෝ ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
වස්සූපනායිකක්‍ඛන්‍ධක වර්‍ණනාව නිමි.
පවාරනක්‍ඛන්‍ධක වර්‍ණනාව
අඵාසුකවිහාරකථා
පවාරනක්‍ඛන්‍ධකයෙහි - “නෙව ආලපෙය්‍යාම න සල්ලපෙය්‍යාම” යන මෙහි ආලාප නම්. ප්‍රථම වචනයයි. සල්ලාප නම් පශ්චිම වචනයයි. “හත්‍ථවිලඞ්ඝකෙන” අත්විලඟින් ‘පසු සංවාසය’ සිවුපාවුන්ගේ මෙන් එක්ව විසීමය. සිවුපාවෝද වනාහි තමතමන්ට උපන් සුවදුක් ඔවුනොවුන්ට නොසැලකෙරෙත්. පිළිසඳර නොකෙරෙත්. මේ මහණෝද එසේ නොකළාහුය. එහෙයින් ඔවුන්ගේ සංවාසය පසුසංවාසයි කියනු ලැබේ. සියලුතන්හි මේනය වේ. “න භික්‍ඛවෙ මූගබ්බතං තිත්‍ථියසමාදානං” ‘මේ තෙමස නොබිණිය යුතුය’යි මෙබඳුවූ ව්‍රතසමාදානයක් නොකටයුතුය. මෝතොමෝ අධර්‍ම කතිකාවක්මය. “අඤ්ඤමඤ්ඤානුලොමතා” වස්වැස නිමකළ මහණුන්ට දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන කරුණු තුනෙන් පැවරීම උනුන්ගේ අනුලොම්බවය. ‘ආයුෂ්මත්හු මට කියත්වා’මැයි කියන්නහුට කිසිවක් කියන්නට හැක්කේ වේ. අනිකක්හට කියන්නට නොහැකි වේ. “ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්‍ඛාරතා” ඒ තුන් කරුණෙන් පැවරීමෙන් ඇවැතින් නැගී සිටින බවය. විනය පෙරටුකොට මෙසේ කියනු ලැබේ.
“සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජ පවාරණ, යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො පවාරෙය්‍ය” යන මෙය සර්‍වසඞ්ග්‍රාහික නම් ඤත්තියයි. මෙසේ කියූ කල්හි තෙවරක් කියා හෝ දෙවරක් කියා හෝ එක්වරක් කියා හෝ පැවරීම වටියි. සමානවස්සිකය නොවටියි. සමානවස්සිකය නම් එක් අවුරුද්දෙහි ලැබූ උපසම්පදාව ඇතියෝය. “තෙවාචිකං පවාරෙය්‍ය”යි කියූකල්හි ද්වෙවාචිකයද, තෙවාචිකයද වටියි. එකවාචිකයක් සමානවස්සිකයන් නොවටියි. “එකවාචිකං පවාරෙය්‍ය”යි කියූකල්හි එකවාචික, ද්වෙවාචික, තෙවවාචික යන මොවුහු වටිත්. සමානවස්සිකයම නොවටියි. “සමානවස්සික”යි කියූ කල්හි සියල්ල වටියි.