සත්තාහකරණීයානුජානනකථා
සත්තාහකරණීයයන්හි [missing trans]
“භික්‍ඛුණීසඞ්ඝං උද්දිස්ස” මෙතැන් පටන් වැසිකිළි ගිනිහල්ගේ ජන්තාඝරසාලා යන මෙතුන, මෙහෙණන්ට ප්‍රතික්‍ෂෙප කළ බැවින් පිරිහුනහ.
භාණ්ඩසාලාදිය උද්දෙසිත ශික්‍ෂාපදාදියෙහි කියන ලද්දාහුමය. “රසවතී” බත්ගෙය කියනු ලැබේ. “වාරෙය්‍යං” ආවාහමඞ්ගලය සංචරිත්ත ශික්‍ෂාපදයෙහි කියන ලද්දේමය. “පුරායං සුත්තන්තො පලුජ්ජති” යම්තාක් තමන්ට ප්‍රගුණවූ මේ සූත්‍රාන්තය අනිකක්හට ප්‍රගුණ නැති බැවින් මාගේ ඇවෑමෙන් අතුරුදහන් නොවේ, නොනැසේද, [missing trans]
පඤ්චන්නංඅප්පහිතෙපිඅනුජානනකථා
“පඤ්චත්තං සත්තාහකරණීයෙන” මේ භික්‍ෂු ආදීවූ භික්‍ඛුණී -සාමණේර-සාමණේරි-සික්‍ඛමානා යන මේ පස්මහ දැහැමියන්ගේ ගිලන්බත හෝ ගිලන් උවටැන් කරන්නහුගේ බත හෝ බෙහෙතක් සොයන්නෙමි’යි හෝ විචාරන්නෙමියි හෝ උවටැන් කරන්නෙමි’යි හෝ මේ ආදීවූ පරභාගයෙහි විස්තර කොට දක්වනලද කරුණකින් කියා නොඑවූ කල්හිද, සත්තාහකරණයෙන් යා යුතුය. [missing trans] පරභාගයෙහි මවුපියන්ට අනුදත් තන්හිද මේනයම වේ. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි මවුපියන්ගේ උපස්ථායක වූ හෝ නෑවූ හෝ නොනෑවූ හෝ යම්කෙනෙක් වෙත්ද, ඔවුන් වෙතටද කියා නොඑවූ කල්හිද යන්නට වටීයයි කියන ලදී. ඒ කීම අර්‍ත්‍ථකථාවෙහි නොමකියන ලද්දේය. පෙළෙහි නොකියන ලද්දේය. එහෙයින් නොගතයුතුය.
පහිතෙයෙවඅනුජානනකථා
“භික්‍ඛුගතිකො” එක් වෙහෙරෙහි මහණුන් සමග වසන පුරුෂතෙමේය. “උද්‍රීයති” නැසීයේ. “භණ්ඩං ඡෙදාපිතං” ද්‍රව්‍යසම්භාරභාණ්ඩ සිඳවන ලද්දේය. “අවහාපෙය්‍යුං” ගෙන්වා ගන්නාහුවීනම්, “දජ්ජා අහං” මම දෙමි. “සඞ්ඝකරණීයෙන” මෙහි උපොසථාගාරාදී වූ සෙනසුන්හි හෝ සෑසත් වෙදිකාවන්හි හෝ යම් කිසිවක් කටයුතුද, යටත් පිරිසෙයින් මහණක්හුගේ පෞද්ගලික සෙනාසනයක් වේද, සියල්ල සඞ්ඝකෘත්‍යම වේ. එහෙයින් ඒ කටයුතු නිපදවනු පිණිස ද්‍රව්‍ය සම්භාරාදිය හෝ ගෙනෙන්නට වඩු ආදීන්ට බත්වැටුප් ආදිය හෝ දෙවන්නට සත්තාහකරණීයයෙන් යායුතුය.
මේ මෙහි සත්තාහකරණීයාධිකාරයෙහි පෙළින් මිදුනු අරුණ නැංවීමැයි කියූ රාත්‍රිච්ඡෙද විනිශ්චයයයි. ධර්‍මශ්‍රවණය පිණිස නිමන්ත්‍රණය නොලද්දහු විසින් යෑම නොවටියි. එක් මහාවිහාරයක පළමුකොටම ‘අසුවල් දවසෙහි රැස්විය යුතුය’යි කතිකාවක් කරනලද්දී වන්නීද, නිමන්ත්‍රණය කරණ ලද්දේම වේ. උපචාර සීමාව තුළ සිටියහු විසින්ම සත්තාහකරණීය කරුණක් සලකා මේ කරුණෙන් ගොස් සත්දවසක් තුළ එන්නෙමි’යි ආභොගකොට යෑම වටියි. ‘චීවරභාණ්ඩයක් දෝනා කරන්නෙමි’යි යෑම වටියි. විහාරය ඉතාදුර නොවේද, එහි ගොස් අදම එන්නෙමි’යි පැමිණෙන්නට නොහැක්කේද වටියි. උද්දෙසපරිපුච්ඡාදිය පිණිසද යන්නට නොලබයි. ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායයන් දකින්නෙමි’යි යන්නට ලබයි. ඉදින් ආචාර්‍ය්‍යතෙමේ ඔහුට ‘අද නොයව’යි කියානම් වටියි. නෑකුලය හෝ උපස්ථායක කුලය හෝ දැකීම පිණිස යන්නට නොලබයි.