පඤ්චන්නංඅප්පහිතෙපිඅනුජානනකථා
“පඤ්චත්තං සත්තාහකරණීයෙන” මේ භික්ෂු ආදීවූ භික්ඛුණී -සාමණේර-සාමණේරි-සික්ඛමානා යන මේ පස්මහ දැහැමියන්ගේ ගිලන්බත හෝ ගිලන් උවටැන් කරන්නහුගේ බත හෝ බෙහෙතක් සොයන්නෙමි’යි හෝ විචාරන්නෙමියි හෝ උවටැන් කරන්නෙමි’යි හෝ මේ ආදීවූ පරභාගයෙහි විස්තර කොට දක්වනලද කරුණකින් කියා නොඑවූ කල්හිද, සත්තාහකරණයෙන් යා යුතුය. [missing trans] පරභාගයෙහි මවුපියන්ට අනුදත් තන්හිද මේනයම වේ. අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි වනාහි මවුපියන්ගේ උපස්ථායක වූ හෝ නෑවූ හෝ නොනෑවූ හෝ යම්කෙනෙක් වෙත්ද, ඔවුන් වෙතටද කියා නොඑවූ කල්හිද යන්නට වටීයයි කියන ලදී. ඒ කීම අර්‍ත්‍ථකථාවෙහි නොමකියන ලද්දේය. පෙළෙහි නොකියන ලද්දේය. එහෙයින් නොගතයුතුය.
පහිතෙයෙවඅනුජානනකථා
“භික්ඛුගතිකො” එක් වෙහෙරෙහි මහණුන් සමග වසන පුරුෂතෙමේය. “උද්රීයති” නැසීයේ. “භණ්ඩං ඡෙදාපිතං” ද්රව්යසම්භාරභාණ්ඩ සිඳවන ලද්දේය. “අවහාපෙය්යුං” ගෙන්වා ගන්නාහුවීනම්, “දජ්ජා අහං” මම දෙමි. “සඞ්ඝකරණීයෙන” මෙහි උපොසථාගාරාදී වූ සෙනසුන්හි හෝ සෑසත් වෙදිකාවන්හි හෝ යම් කිසිවක් කටයුතුද, යටත් පිරිසෙයින් මහණක්හුගේ පෞද්ගලික සෙනාසනයක් වේද, සියල්ල සඞ්ඝකෘත්යම වේ. එහෙයින් ඒ කටයුතු නිපදවනු පිණිස ද්‍රව්‍ය සම්භාරාදිය හෝ ගෙනෙන්නට වඩු ආදීන්ට බත්වැටුප් ආදිය හෝ දෙවන්නට සත්තාහකරණීයයෙන් යායුතුය.
මේ මෙහි සත්තාහකරණීයාධිකාරයෙහි පෙළින් මිදුනු අරුණ නැංවීමැයි කියූ රාත්රිච්ඡෙද විනිශ්චයයයි. ධර්මශ්රවණය පිණිස නිමන්ත්‍රණය නොලද්දහු විසින් යෑම නොවටියි. එක් මහාවිහාරයක පළමුකොටම ‘අසුවල් දවසෙහි රැස්විය යුතුය’යි කතිකාවක් කරනලද්දී වන්නීද, නිමන්ත්‍රණය කරණ ලද්දේම වේ. උපචාර සීමාව තුළ සිටියහු විසින්ම සත්තාහකරණීය කරුණක් සලකා මේ කරුණෙන් ගොස් සත්දවසක් තුළ එන්නෙමි’යි ආභොගකොට යෑම වටියි. ‘චීවරභාණ්ඩයක් දෝනා කරන්නෙමි’යි යෑම වටියි. විහාරය ඉතාදුර නොවේද, එහි ගොස් අදම එන්නෙමි’යි පැමිණෙන්නට නොහැක්කේද වටියි. උද්දෙසපරිපුච්ඡාදිය පිණිසද යන්නට නොලබයි. ආචාර්ය්ය උපාද්ධ්‍යායයන් දකින්නෙමි’යි යන්නට ලබයි. ඉදින් ආචාර්‍ය්‍යතෙමේ ඔහුට ‘අද නොයව’යි කියානම් වටියි. නෑකුලය හෝ උපස්ථායක කුලය හෝ දැකීම පිණිස යන්නට නොලබයි.
අන්තරායෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
“යෙන ගාමො තෙන ගන්තුං” යනාදිතන්හි ගම නොදුරුතන්හි වේනම්, එහි පිඬු පිණිස හැසිර විහාරයටම අවුත් විසිය යුතුය. දුරවූයේ නම් සත්තාහවාරයෙන් අරුණ නැංවිය යුතුය. නොහැක්කේ නම්, එහිම සභාගස්ථානයෙහි විසිය යුතුය. මිනිස්සු පැවති පරිද්දෙන් ලහබත් දෙත්නම්, ‘අපි ඒ විහාරයෙහි නොවසම්හ’යි කියයුතුය. ‘අපි විහාරයට හෝ ප්‍රාසාදයට හෝ නොදෙම්හ’ යුෂ්මතුන්ට දෙම්හ, යම්කිසි තැනෙක වැස බුඳිවු’යි කියූ කල්හි සැපසේ බුඳිය යුතුය. ඒ ලහබත් ඔවුන්ටම පැමිණේ. ‘ඔබ වහන්සේලා වසන තැනට පමුණුවා අනුභව කරවු’යි කියු කල්හි යම්තැනෙක වසත්ද, එහි ගෙන ගොස් වස්ගණනින් පමුණුවා වැලඳිය යුතුය.
ඉදින් පවාරණය කළ කල්හි වසාවාසිකය දෙත්ද, සත්තාහවාරයෙන් අරුණ නැංවූවාහුද, ගතයුතුය. සුන්වස් ඇතියවුන් විසින් ‘අපි එහි නොවිසීමු, අපි සුන්වස් ඇතියමෝ’යි කියයුතුය. ‘අපගේ සෙනසුන යම් කෙනෙකුන්හට පමුණුවන ලද්දේ ද, ඔවුහු ගනිත්වා’යි කියත්නම් ගතයුතුය. විහාරයෙහි තබනලද යමක් නොනැසේවා’යි මෙහි ගෙනෙනලද සිවුරු ඈ බෙදියයුතු බඩු, එහිම ගොස් අපලොකනයකොට බෙදිය යුතුය. මෙයින් ආර්‍ය්‍යයන්ට සිවුපසය දුනමැනවැ’යි කැපකරුවන්ට දුන් කෙත්වත් ආදී වූ තත්රොත්යාදයෙහිද මෙමනය වේ. සඞ්ඝිකවුව බෙදියයුතු බඩුවක් වෙහෙරතුළ හෝ සීමාවෙන් පිටත හෝ වේවා, සීමාවෙන් පිටත සිටියවුන්ට අපලොකනය කොට බෙදීම නොවටියි. දෙතන්හි තුබුනක් වනාහි සීමාව තුළ සිටියවුන්ට අපලොකනය කොට බෙදීම වටීමය.
සඞ්ඝභෙදෙඅනාපත්තිවස්සච්ඡෙදකථා
“සඞ්ඝො භින්නො” මෙහි සඞ්ඝයා බිඳුනුකල්හි ගොස් කටයුත්තෙක් නැත්තේය. ඒ සඞ්ඝතෙමේ බිඳෙන්නේයයි සැකකරන ලද්දේද, ඒ සඳහා “භින්නො”යි කියනලදි. “සම්බහුලාහි භික්ඛුණීහි සඞ්ඝො භින්නො” මෙහි මෙහෙණන් විසින් සඞ්ඝතෙමේ බිඳින ලදැ’යි නොදතයුතුය. “න ඛො උපාලි භික්ඛුණීසඞ්ඝං භින්දති”යි මෙය වදාරණ ලද්දේය. භික්ෂූහු, මේ මෙහෙණන් නිසා, මේ මෙහෙණන් අනුබලකොට යම් සඞ්ඝ කොටසක් බිඳින්නාහුයයි සැකයක් වේද ඒ කරුණ සඳහා මෙය වදාරණ ලදී.
වජාදීසුවස්සූපගමනකථා
“වජො” ගොපලුන් වසන තැනය. “යෙන වජො” මෙහි ගොපලුන් සමග ගිය ඒ මහණහට ඇවැත් නොවේ.
“උපකට්ඨාය” වස් වසන දවස සමීපවූ කල්හි “සත්ථෙ වස්සං උපගන්තුං” මෙහි වස් එළඹෙන දවස පැමිණි කල්හි ජනසමූහයා හා අදන්මග යන ඒ මහණහු විසින් ‘උපාසකයෙනි’ කිළියක් ලැබිය යුතුය’යි උපාසකයන්ට කියයුතුය. කිළියක් කොට දෙත්නම්, එහි පිවිස, “ඉධ වස්සං උපෙමි”යි තෙවරක් කියයුතුය. කිළියක් කොට නොදෙත්නම්, ශාලාසඞ්ක්ෂෙපයෙන් සිටි ගැලයට වස් එළඹිය යුතුය. එය නොලබන්නහු විසින් ආලය කටයුතුය. අදන්මගයහ. ජනසමූහයෙහි වස් එළඹීම නොවටියි. ආලයනම් ‘මෙහි වස් වසන්නෙමි’යි චිත්තොත්පාද මාත්‍රයෙකි. ජනසමූහයා මගට පිළිපන්කල්හිම පවාරණ දවස වේ නම්, එහිම පැවරිය යුතුය. එහිම ජනසමූහතෙමේ වසතුළම මහණහු විසින් කැමතිවනලද තැනට පැමිණියේද, පැතූ තැන වැස එහි භික්ෂූන් සමග පැවරිය යුතුය. නැවතද ජනසමූහය වසතුළම අතර එක් ගමෙක සිටී හෝ විසිරේ හෝ එම ගමෙහි මහණුන් සමග වැස පැවරිය යුතුය. නොපවරා ඉන් ඈත යන්නට නොවටියි.