වස්සානෙචාරිකාපටික්ඛෙපාදිකථා
“යො පක්කමෙය්‍ය” මෙහි බලාපොරොත්තු රහිතව උපචාරය ඉක්මවා යෑමෙන්ද, අන්තැනක අරුණ නැංවීමෙන්ද, දුක්කටාපත්තිය දතයුතුය. “යො අතික්කමෙය්‍ය” මෙහි විහාර ගණනින් ආපත්තීහු දතයුත්තාහ. ඉදින් එදවස විහාරසියයක උපචාරයට බැස ඉක්මවාද, සියයක් ආපත්තීහු වෙත්. විහාරොපචාරය ඉක්මවා අන්‍ය විහාරයක උපචාරයට නොබැසම නවතීනම් එක්ම ඇවතක් වේ. කිසියම් අනතුරකින් පෙරවස් නොවිසුවහු විසින් පසුවස් එළඹිය යුතුය.
[missing trans] “අනුජානාමි භික්‍ඛවෙ රාජූනං අනුවත්තිතුං” මෙහි වස්විසීම මත්තට ඇදීමෙහි මහණුන්ට කිසි පිරිහීමක් නැත්තේයයි රජුන්ට අනුව පවතින්නට අනුදන්නා ලද්දේය. එහෙයින් අනිකුදු ධාර්මික කර්‍ම අනුව පැවතිය යුතුය. අධාර්මික කර්‍මයෙහි කිසිවක්හට අනුවර්‍තනය නොවිය යුතුය.
සත්තාහකරණීයානුජානනකථා
සත්තාහකරණීයයන්හි [missing trans]
“භික්‍ඛුණීසඞ්ඝං උද්දිස්ස” මෙතැන් පටන් වැසිකිළි ගිනිහල්ගේ ජන්තාඝරසාලා යන මෙතුන, මෙහෙණන්ට ප්‍රතික්‍ෂෙප කළ බැවින් පිරිහුනහ.
භාණ්ඩසාලාදිය උද්දෙසිත ශික්‍ෂාපදාදියෙහි කියන ලද්දාහුමය. “රසවතී” බත්ගෙය කියනු ලැබේ. “වාරෙය්‍යං” ආවාහමඞ්ගලය සංචරිත්ත ශික්‍ෂාපදයෙහි කියන ලද්දේමය. “පුරායං සුත්තන්තො පලුජ්ජති” යම්තාක් තමන්ට ප්‍රගුණවූ මේ සූත්‍රාන්තය අනිකක්හට ප්‍රගුණ නැති බැවින් මාගේ ඇවෑමෙන් අතුරුදහන් නොවේ, නොනැසේද, [missing trans]