අධම්මකම්මපටික්කොසනාදිකථා
අධර්මකර්මය කියූනයමය. “පටික්කොසිතුං” වළකාලන්නට. “දිට්ඨිම්පි” මේ අධර්මකර්මය මට නොරුස්නේය’යි මෙසේ අනිකක්හුගේ සමීපයෙහි තමාගේ දෘෂ්ටිය ප්රකාශ කරන්නට. “චතුහි පඤ්චෙහි” යනාදිය ඔවුන්ට උපද්රවයක් නොවනු පිණිස වදාරණ ලදී. [missing trans]
“ථෙරාධිකං” තෙරුන්ට අයත්ය. තෙරුන්ට අයත්වන්නටය යන අර්ත්ථයි. “ථෙරධෙය්යං” යනුද පාඨයෙක් වේ. මෙහිද, අජ්ඣෙසනවිධානය ධම්මජ්ඣෙසනයෙහි කියූ නයම වේ. “සො න ජානානි උපොසථං වා” යනාදි තන්හි චාතුද්දසිකපණ්ණරසික භෙදයෙන් දෙවැදෑරුම්වූද සඞ්ඝඋපොසථාදිභෙදයෙන් සඞ්ඝගණ-පුද්ගල-සුත්තුද්දෙස-පාරිසුද්ධි-අධිට්ඨාන, චාතුද්දසි-පණ්ණරසී-සාමග්ගී වසයෙන් නවවැදෑරුම් වූ උපොසථය නොදනීද, අධර්මයෙන් වර්ග උපොසථකර්ම, අධර්මයෙන් සමග්ර උපොසථකර්ම-ධර්මයෙන් වර්ග උපොසථකර්ම ධර්මයෙන් සමග්ර උපොසථකර්මයි සිවුවැදෑරුම් වූ උපොසථ කර්මය නොදනීද, භික්ෂු ප්රාතිමොක්ෂ - භික්ෂුණී ප්රාතිමොක්ෂයි දෙවැදෑරුම් වූ ප්රාතිමොක්ෂය නොදනීද, මහණුන්ට පස්වැදෑරුම් වූ අනියතුද්දෙසය හැර මෙහෙණන්ට සිවුවැදෑරුම් වූ නවවැදෑරුම් වූ ප්රාතිමොක්ෂාද්දෙශය නොදනීද, “යො තත්ථ භික්ඛු ව්යත්තො පටිබලො” යන මෙහි කිසිසේත් ව්යක්ත වූ ලදරු මහණහුටද ප්රාතිමොක්ෂය අනුදන්නා ලදී. එහෙත් මෙහි මේ මතු කියනු ලබන්නේ අදහසය. තෙරුන්හට ප්රාතිමොක්ෂාද්දෙශ පස හෝ සතරක් හෝ තුනක් හෝ ප්රගුණ වශයෙන් නොපැමිණෙත්ද, දෙකක් වනාහි අඛණ්ඩව මනාකොට විශදව වාචොද්ගත වේද, ප්රාතිමොක්ෂය තෙරුන් අයත්මය. මෙපමණකුත් පැතිරීම කරන්නට නොහැක්කේද, එකල්හි ව්යක්ත භික්ෂූනට අයත්වූයේ වේ.
“සාමන්තා ආවාසං” සමීප ආවාසයකට. “සජ්ජුකං” එදවස්හිම ඊම පිණිස. “නවං භික්ඛුං ආණාපෙතූං” මෙහි යම් මහණෙක් ඉගෙන ගන්නට හැක්කේද, මෙබඳු වූවෙක් ඇණවිය යුතුය. අඥවූ මහණෙක් නොඇණවිය යුතුය.
පක්ඛගණනාදිඋග්ගහණානුජානනකථා
“කතමී භන්තෙ” මෙහි කීයකගේ පිරීමෙක්දැයි කතමී නම. “කාලවතො” උදෑසනම පළමුකොට යන අර්ත්ථයි.
“යං කාලං සරති” මෙහි සවසද ‘අද උපොසථය සලකවු’යි සැලකිරීම වටියි.
“ථෙරෙන භික්ඛුනා නවං භික්ඛු ආණාපෙතුං” මෙහිද කිසි කර්මාන්තයක් කරන්නෙක් හෝ හැම කල්හි එකලාවූවෙක් හෝ සඞ්ඝයාගේ බර උසුලන්නෙක් හෝ සරභාණකධම්මකථිකාදීන් අතුරෙහි එක්තරා එකෙක් හෝ පොහෝ ගෙය අමදිනු පිණිස නොඇණවිය යුතුය. සෙස්සෝ වාර විසින් ඇණවිය යුත්තාහ. අණවන ලදුයේ මුසුනක් තාවකාලික කොටත් නොලබානම්, කොළඅතු කැපකරවා හැමදිය යුතුය. කොළ අතුද, නොලබන්නහුට ලැබුනක් කැපවේ.
අසුන් පැණවීම් ඇණවීමෙහිද හැමදීම ඇණවීමෙහි කියූනයින්ම තෙරුන් විසින් ඇණවිය යුතුය. අණවන ලද්දහු විසින්ද උපොසථාගාරයෙහි අසුන් නැත්තේනම්, සඞ්ඝික ආවාසයකින්ද ගෙණ අවුත් පණවා නැවත ගෙන තැබිය යුතුය. අසුන් නැතිකල්හි කළාල්ද තටුද පැණවීම වටියි. තටු නැති කල්හි කොළ අතු කැප කරවා පැණවිය යුතුය. කැප කරන්නෙකු නොලබන්නහුට ලැබුනක් කැපවේ.
පහන් දැල්වීමෙහිද කියූ නයින්ම ඇණවිය යුතුය. අණවන්නහු විසින්ද ‘අසුවල්නම් අවකාශයෙහි තෙල්ද වැටිද තෙල්කබලද ඇත්තාහ. ඒ ගෙන පහන් දල්ව’යි කියයුතුය. තෙල් ආදිය නැත්තේනම් සෙවිය යුතුය. සොයා නොලබන්නහුට ලැබුනක් කැපවේ. එහෙත් කබලෙක්හි ගිනිද දැල්විය යුතුය.