පාතිමොක්ඛුද්දෙසකථා
“නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං” “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො -පෙ- ආවීකතාභිස්ස ඵාසු හොති” යන මේ නිදානය උදෙසා “උද්දිට්ඨං ඛො ආයස්මන්තො නිදානං, තත්ථායස්මන්තෙ පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? තතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා? පරිසුද්ධෙත්ථායස්මන්තො තස්මා තුණ්හී එවමෙතං ධාරයාමි. සුතා ඛො පනායස්මන්තෙහි චත්තාරො පාරාජිකා ධම්මා - පෙ- අවිවදමානෙහි සික්ඛිතබ්බං” යි මෙසේ සෙස්ස ශ්රැතපදයෙන් ඇස්විය යුතුය. මෙනයින් සෙසු සිවුවැදෑරුම්වූ ප්රාතිමොක්ෂයෝ දතයුත්තාහ.
“සවරභයං” වනවැසි මිනිසුන්ගෙන් වනබියක්. “රාජන්තරායො” යනාදි තන්හි භික්ෂූන් ‘පොහොය කරන්නෙමු’යි හුන් කල්හි රජතෙමේ ඒනම්, මේ රාජන්තරාය නම. සොරු එත්නම් මේ චොරන්තරාය නම. ලැවුගින්නක් හෝ වේද, ආවාසයෙහි හෝ ගිනි නගීද, මේ අග්ගන්තරාය නම. මෙඝයක් හෝ නගීද, දියසැඩපහරක් හෝ ඒද, මේ උදකන්තරාය නම. බොහෝ මිනිස්සු එත්ද, මේ මනුස්සන්තරාය නම. ව්යාඝ්රදිචණ්ඩ මෘගයෝ එත්ද, මේ වාළන්තරාය නම. සර්පාදීහු මහණකු දෂ්ටකෙරෙත්ද, මේ සිරීංසපන්තරාය නම. මහණෙක් ගිලන් හෝ වේද, කලුරිය හෝ කෙරේද, වෛරීහු හෝ ඔහු මරනු කැමැත්තාහු අල්ලා ගනිත්ද, මේ ජීවිතන්තරාය නම. මිනිස්සු එක් මහණකු හෝ බොහෝ මහණුන් හෝ බ්රහ්මචර්ය්යයෙන් ච්යුත කරනු කැමැත්තාහු ගනිත්ද, මේ බ්රහ්මචරියන්තරාය නම. මෙබඳු අන්තරායයන්හි ප්රාතිමොක්ෂය සැකෙවින් දෙසිය යුතුය. ප්රථම උද්දෙසය හෝ උදෙසිය යුතුය. ආදියෙහි දෙකක් තුනක් සතරක් හෝ දෙසිය යුතුය. මේ ප්රාතිමොක්ෂාද්දෙශිනාධිකාරයෙහි ද්විතීයාදි උද්දෙශයන් අතුරෙහි යම් උද්දෙශයක් නොනිමි කල්හි දශවිධ අන්තරායයන් අතුරෙහි යම් අන්තරායක් වේද, ඒ නොනිමි උද්දෙසයද ශ්රැතයෙන් ඇස්විය යුතුය.
“අනජ්ඣිට්ඨා” නොඅණවන ලද්දහු, නොයදින ලද්දාහු හෝ මෙහිද ආරාධනාව සඞ්ඝයා විසින් සම්මතකරණලද ධර්මාරාධකයාහට අයත්වූවා හෝ සඞ්ඝ ස්ථවිරයන්හට අයත්වූවා හෝය. ඒ ධර්මාරාධකයකු නැති කල්හි සඞ්ඝස්ථවිරයන් විචාරා හෝ ඔහු විසින් යාඥා කරණ ලද්දේ හෝ දහම් දෙසන්නට ලබයි. විහාරයෙහි බොහෝ ධර්මකථිකයෝ වෙත්නම්, සංඝස්ථවිර තෙමේද, වාරපිළිවෙළින් කියයුත්තාහ. ‘තෝ බණදෙසව, ධර්මදානය දෙව’යි හෝ කියනලද්දාහු විසින් ඔසාරණ, කථන, සරභඤ්ඤ යන මේ ත්රිවිධවූද විධියෙන් දහම් දෙසිය යුතුය. ‘පෙළකියව’යි කියන ලද්දේ පෙළ කීමම, අර්ත්ථ කියව’යි කියන ලද්දේ අර්ත්ථ කීමම ස්වරයෙන් කියව’යි කියන ලදුයේ ස්වරයෙන් කීමම ලබයි. සංඝස්ථවිර තෙමේද, ඉතා උස් අසුනෙක හුන්නේ යාඥාකිරීම නොලබයි. උපාද්ධ්යාය තෙමේද, සද්ධිවිහාරික තෙමේද යන මොවුහු වෙත්නම්, උපාද්ධ්යාය තෙමේද, උස් අසුනෙක හුන්නේ ඒ අතවැසියාහට කියව’යි කියාද සජ්ඣායනය ඉටා බිණිය යුතුය. මෙහි ලදරු භික්ෂූහු වෙත්ද, ඔවුනට කියමි’යි කියයුතුයි.
ඉදින් විහාරයෙහි සඞ්ඝස්ථවිර තෙමේ තමන්ගේම අතවැසියන් ලවා කියවාද, අන්ය වූ මධුරභාණකයන් ලවා නොහදාරවාද, එකල්හි හෙතෙමේ අන්යයන් විසින් ‘ස්වාමීනි’ අසුවලා ලවා කියවමු’යි කියයුතුය. ඉදින් කියවාලවු’යි හෝ කියාද, තුෂ්ණීම්භුත හෝ වේද, කියවාලන්නට වටියි. ප්රතිබාහනය කෙරේනම්, නොබිණවිය යුතුය. සඞ්ඝ ස්ථවිරයන් නොපැමිණි කල්හි නවතා විචාරීම් කිසෙක් නැත්තේය. පළමුකොට පෙළ කියවා පසුව අර්ත්ථ කියන්නහු විසින් විචාරා හෝ නොතබාම හෝ කියයුතුය. කියද්දී නැවත පැමිණි කල්හිද මෙම නය වේ.
වෙත හුන්නහුට කියන ධර්මථාවෙහිද සඞ්ඝ ස්ථවිරතෙමේම ස්වාමි වේ. එහෙයින් ඒ සඞ්ඝස්ථවිරයන් විසින් තමන් විසින්ම කියයුතුය. අන් කිසි මහණක්හට හෝ කියව’යි කියයුතුය. ඉතා උස් අසුනෙක හුන්නහු විසින් මිනිසුන්ට කියව’යි කියන්නට නොවටීමය. මිනිස්සු තමන් දන්නා අඳුනන මහණකු විචාරත්ද, ඔහු විසින් තෙරුන් විචාරා කියයුතුය. සඞ්ඝ ස්ථවිරතෙමේ ‘ස්වාමීනි’ මොවුහු ප්රශ්න විචාරත්’යි විචාරණ ලද්දේ ‘කියව’යි හෝ කියානම්, තුෂ්ණීම්භූත හෝ වේනම්, කීම වටියි. ඇතුළුගෙයි අනුමොදනාවන්හිද මෙම නය වේ. සඞ්ඝ ස්ථවිරතෙමේ විහාරයෙහි හෝ ඇතුළුගෙයි හෝ මානොවිචාරාද, කියව’යි අනුදනීනම්, ලබන ලද්ද කැපවේ. සියලු තන්හි කීම වටියි.
සජ්ඣායනය කරන්නහු විසින්ද, තමාට වැඩිමහලු ස්ථවිරනමක් විචාළ යුතුය. එක් වෘද්ධතරයකු විචාරා හදාරණකල්හි ඔහුටද වඩා වෘද්ධතර වූ අනිකෙක් ඒද, විචාරණ කෘත්යයක් නැත්තේය. ‘විඩා හරින්නෙමි’යි තැබූකල්හි ඒද, නැවත අරඹන්නහු විසින්ද විචාළ යුතුය. සඞ්ඝ ස්ථවිරයන් නොආකල්හිම පටන් ගන්නා ලද්දක් හදාරණ කල්හිද, මෙම නය වේ. එක් සඞ්ඝ ස්ථවිරයකු විසින් ‘මා නොවිචාරාද, සැපසේ හදාරව’යි අනුදත්කල්හි සැපසේ හැදෑරීම වටියි. අනිකකු ආකල්හි ඔහු විචාරාම හැදෑරිය යුතුය.
“අත්තනා වා අත්තානං සම්මන්නිතබ්බං” තමන් විසින්ම තමා සම්මත කටයුතුය. විනය විචාරන්නහු විසින් පිරිස බලා තමාට උපද්රවයෙක් නැත්නම්, විනය විචාළ යුතුය.
“කතෙපි ඔකාසෙ පුග්ගලං තුලයිත්වා” මට මෙයින් උපද්රවයක් ඇත්තේද නැත්තේදැ’යි මෙසේ පරීක්ෂා කොට, “පුග්ගලං තුලයිත්වා ඔකාසං කාතුං” විද්යාමාන වූ ඇවැතක් කියාද, අවිද්යාමාන වූ ඇවැතක් කියාදැ’යි මෙසේ පරීක්ෂාකොට අවකාශ කරන්නට අනුදනිමි’ යන අර්ත්ථයි.
අධම්මකම්මපටික්කොසනාදිකථා
අධර්මකර්මය කියූනයමය. “පටික්කොසිතුං” වළකාලන්නට. “දිට්ඨිම්පි” මේ අධර්මකර්මය මට නොරුස්නේය’යි මෙසේ අනිකක්හුගේ සමීපයෙහි තමාගේ දෘෂ්ටිය ප්රකාශ කරන්නට. “චතුහි පඤ්චෙහි” යනාදිය ඔවුන්ට උපද්රවයක් නොවනු පිණිස වදාරණ ලදී. [missing trans]