සීමොක්කන්තිකපෙය්යාලකථා
ආවාසිකෙන ආගන්තුකපෙය්‍යාලයෙහි - යම්සේ පළමු ආවාසික පෙය්‍යාලයෙනි. “තෙ න ජානන්ති අත්‍ථඤ්ඤෙ ආවාසිකා” යනාදිය කියන ලද්දේ ද, මෙසේ “තෙ න ජානන්ති අත්‍ථඤ්ඤෙ ආගන්තුකා” යනාදි නයින් සියල්ල දතයුතුය. ආගන්තුකෙන ආවාසිකපෙය්‍යාලයෙහි වනාහි යම්සේ ප්‍රථම පෙය්‍යාලයෙහි “ආවාසිකා භික්‍ඛූ සන්තිපතන්ති”යි ආයේද මෙසේ “ආගන්තුක භික්‍ඛූ සන්නිපතන්ති”යි පැමිණවිය යුතුය. ආගන්තුකෙන ආගන්තුකපෙය්‍යාලයෙහි වනාහි උභයපදයන්හි ආගන්තුක වසයෙන් යෙදිය යුතුය.
“ආවාසිකානං භික්‍ඛූනං චාතුද්දසො හොති, ආගන්තුකානං පණ්ණරසො” මෙහි යම් ඒ ආගන්තුක භික්‍ෂූන්ට පණ්ණරසිය වේද, ඔවුහු පිටරටින් හෝ ආවාහුද, ඉකුත්වූ චාතුද්දසික උපොසථය කළහ’යි දතයුතුය. “ආවාසිකානං අනුවත්තිතබ්බං” ආවාසිකයන් විසින් “අජ්ජුපොසථො චාතුද්දසො”යි පූර්‍වකෘත්‍යය කරන කල්හි අනුව පැවතිය යුතුය. නොවැළකිය යුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය.
ලිඞ්ගාදිදස්සනකථා
“ආවාසිකාකාරං” ආවාසිකයන්ගේ ආචාරසණ්ඨානය. සියලු තන්හි මේනය වේ. ආකාර නම් යමකින් ව්‍රතයෙන් යුක්තයෝ හෝයි. යුක්ත නොවූවෝ හෝයි ඒ ආවාසික භික්‍ෂූන්ගේ ආචාරසණ්ඨානය ගනු ලැබේ. ලිඞ්ග නම් යම්හෙයකින් ඒ ආවාසිකයන් ඒ ඒ තන්හි සැඟවුනක් හඟවාද, ඒය. නොදක්නා ලබන්නන්ද දන්වාලවයි යන අර්‍ත්‍ථය නිමිත්ත නම්, යමක් දැක ඒ ආවාසිකයෝ ඇත්තාහයි දන්නා ලැබෙත්ද, ඒය. උද්දෙස නම්. යමකින් ඒ ආවාසිකයෝ මෙබඳු පිරිකර ඇත්තාහයි උදෙසත්ද, එය දැක්වීම ලබත් යන අර්‍ත්‍ථයි. මේ සියල්ල මොනවට පණවන ලද ඇඳපුටු ආදියටද, පාහඬ ආදියටද, නමෙකි. යෙදෙන පරිදි යෙදිය යුතුය. ආගන්තුකාකාරාදීන් අතුරෙහිද මෙම නයවේ. එහි “අඤ්ඤාතකං” අනුන් අයත්වූ. “පාදානං ධොතඋදකනිස්සෙකං” පාදධොවනයෙන් ඉසුනු දිය. “පාදානං ධොතඋදකනිස්සෙකං”යි හෝ පාඨය වේ. පාදොවනාදිය ඉසීමය යන අර්‍ත්‍ථයි.
නානාසංවාසකාදිවත්‍ථුසු - සමානසංවාසකදිට්ඨිං” මේ ආගන්තුක භික්‍ෂූහු සමාන සංවාසකහයි ඒ ආගන්තුකයන්ගේ දෘෂ්ටිය. “න පුච්ඡන්ති” ඒ ආගන්තකයගේ ලබ්ධිය නොවිචාරත්. නොවිචාරාම වත්පිළිවෙත්කොට එකට පොහොය කරත්. “නාභි විතරන්ති” ලබ්ධිනානාසංවාසකභාවය මඩින්නට, අභිභවනය කරන්නට නොහැකිවෙත්. ඒ දෘෂ්ටිය නොහරවත් යන අර්‍ත්‍ථයි.
නගන්තබ්බගන්තබ්බවාරකථා
“සභික්‍ඛුකා ආවාසා” යම් ආවාසයක පොහොයකරන භික්‍ෂූහු ඇත්තාහුද, ඒ ආවාසයෙන් මේ මහණතෙමේ එදවස්හිම යන්නට නොහැක්කේද, ඒ ආවාසයට පොහොය නොකොට නොයා යුතුය. “අඤ්ඤත්‍ර සඞ්ඝෙන” සඞ්ඝපහොනක භික්‍ෂූන්ගෙන් වෙන්ව. “අඤ්ඤත්‍ර අන්තරාය” පෙර කියූ දසවැදෑරුම් අනතුරු අතරෙහි යම් අනතුරක් නැතිව සියලු අන්තිම පිරිසිඳීමෙන් තමා සිවුවැනිකොට ඇත්තකු විසින් හෝ අනතුරක් ඇතිකල්හි යෑම වටියි. “අනාවාසො” නවකම් ඇති ශාලාදීවූ යම්කිසි පෙදෙසක් තෙමේ යම්සේ ආවාසාදියට නොයායුතුද, මෙසේ බද්ධසීමාවක පොහොය කරත්ද, පොහොය ඉටීම් ආදිය පිණිස සීමාවකටද නදියකටද නොයා යුතුය. ඉදින් මෙහි කිසි භික්‍ෂුවක් වේද, ඔහු වෙතට යෑම වටියි. හළ උපොසථය ඇති ආවාසයෙන්ද යෑම වටියි. මෙසේ ගියේ ඉටීමද ලබයි. එකචාරික ආරණ්‍යක මහණහු විසින්ද පොහොය දිනයෙහි ගමෙහි පිඬුපිණිස හැසිර තමන්ගේ වෙහෙරටම ආයුතුය. අන් බද්ධසීමාවකට පැමිණේනම්, තමන් වසන තැන සඞ්ඝ උපොසථය නොපවත්නාබැවින් එහි පොහොය කොටම ආයුතුය. පොහොය නොකොට ඊම නොවටියි.
“යං ජඤ්ඤා සක්කොමි අජ්ජෙව ගන්තුං” ‘අදම එහි යන්නට හැක්කෙමි’යි යම් ආවාසයක් දන්නේනම්, මෙබඳු ආවාසයට යායුතුය. එහි මහණුන් සමග පොහොය කරන්නාවූද මොහු විසින්ම උපොසථයට අනතුරුකොට කරන ලද්දේ වන්නේයයි.