පාරිසුද්ධිදානකථා
“කායෙන විහිඤ්ඤාපෙති” පාරිශුද්ධිදානය යම්කිසි අඞ්ග ප්‍රත්‍යඞ්ගයකින් හඟවාද, දන්වාද, වචනය වනාහි නිකුත් කිරීමට හැකිවනුයේ වචනයෙන් හඟවයි. දෙයාකාරයෙන් හැකිවනුයේ කය වචනයෙන් හඟවයි. “සඞ්ඝෙන තත්‍ථ ගනත්‍වා උපොසථො කාතබ්බො” එබඳු බොහෝ ගිලන්හු වෙත්ද, සඞ්ඝයා විසින් පිළිවෙළින් සිට සියලු දෙන අත්පසෙහි කටයුතුය. ඉදින් දුර දුර වෙත්නම්, සඞ්ඝ නොපොහොනේනම්, එදවස පොහොය නොකටයුතුය. වර්‍ග සඞ්ඝයා විසින් උපොසථය නොමකටයුතුය.
“තත්‍ථෙව පක්කමති” සඟමැදට නොඅවුත් එතැනින්ම කිසිතැනක යේද, “සාමණෙරො පටිජානානි” “මම හෙරණැ’යි මෙසේ පිළිදන්වාද, විද්‍යමානවූම සාමණේරභාවය ආරොචනය කෙරේද, පසුව හෝ සාමණෙරභාවයෙහි සිටීද යන අර්‍ත්‍ථයි. හැමතන්හි හෙවත් “තත්‍ථෙව විබ්භමති” යනාදි තන්හි මේනය වේ.
“සඞ්ඝප්පත්තො පක්කමති” සියලු අන්තිම පිරිසිඳීමෙන් උපොසථය පිණිස රැස්වූ මහණුන් සතර නමක්හුගේ අත්පසට පැමිණ, බැහැර යේද, පාරිශුද්ධිය ගෙණ ආයේ නම. සියලු තන්හි මේනය වේ. මෙහිද එකෙකු විසින් බොහෝ දෙනාගේද පාරිශුද්ධිය ගෙන එන ලද්දීද, ගෙන එනලද්දීම වේ. ඉදින් යමෙක් තෙමේ අතරමග අන්මහනෙකු දැක යම් කෙනකුන්ගේ පාරිශුද්ධිය ඔහු විසින් ගන්නා ලද්දී ද, ඔවුන්ගේද තමන්ගේද පාරිශුද්ධිය දේද, ඔහුගේම පාරිශුද්ධිය එන්නීය. අනික් පාරිශුද්ධිය වනාහි බළලාගේ බෙල්ලෙහි බැඳි හැකිල්ල සමාන පාරිශුද්ධි නම් වන්නීය. හැකිල්ලෙන් බැඳි බළලා එන කල්හිම හැකිල්ලද එයි. නොඑනකල්හි ඔහු පිළිබඳ බැවින් නොඑයි. මේ පාරිශුද්ධියද එසේය යන අර්‍ත්‍ථයි. හැකිල්ලෙහි ප්‍රථම වලයම දෙවන වලයම කරා පැමිණෙයි. තෙවන වලයම කරා නොපැමිණෙයි. එසේයයි දවෙහි අදහස. ඒ පාරිශුද්ධිය නොඑන්නීය.
“සුත්තො න ආරොචෙති” අවුත් නිදාද, ‘ස්වාමිනි’ අසුවලා විසින් පාරිශුද්ධිය දෙනලද්දීයයි නොසැලකෙරේද, “පාරිසුද්ධිහාරකස්ස අනාපත්ති” මෙහි සිතා දැන නොසැලකෙරේද, දුක්කටයට පැමිණේ. පාරිශුද්ධිය ගෙන එන ලද්දීම වේ. නොසිතා ආරොචනය නොකළබැවින් මේ මහණහට ඇවැත් නොවේ. දෙදෙන විසින්ම උපොසථය කරන ලද්දේම වේ.
ඡන්දදානකථා
ඡන්‍දදානයෙහිද විනිශ්චය තෙමේ පාරිශුද්ධිදානයෙහි කියන ලද්ද සමානම වූ විනිශ්චය වේ. “පාරිසුද්ධිං දෙන්තෙන ඡන්‍දම්පි දාතුං” මෙහි පාරිශුද්ධිය දේනම්, ඡන්‍දය නොදේනම්, උපොසථය කරන ලද්දේ වේ. සඞ්ඝතෙමේ යම් අනික් කර්‍මයක් එය නොකරන ලද්දේම වේ. ඡන්‍දය පමණක්ම දේද, පාරිශුද්ධිය නොදේද, භික්‍ෂු සඞ්ඝයාගේ උපොසථයද, සෙසු කර්‍මද කරණ ලද්දේම වේ. ඡන්‍දදායකයාගේ වනාහි උපොසථය නොකරන ලද්දේ වේ. ඉදින් කිසි මහණෙක් තෙමේ නදියක හෝ සීමාවක හෝ පොහොය ඉටා ඒද, ‘මා විසින් පොහොය කරන ලදැයි හිඳින්නට නොලබයි. සාමග්‍රිය හෝ ඡන්‍දය හෝ දියයුතුය.
[missing trans]
සඞ්ඝුපොසථාදිකථා
[missing trans]