ඡන්දදානකථා
ඡන්‍දදානයෙහිද විනිශ්චය තෙමේ පාරිශුද්ධිදානයෙහි කියන ලද්ද සමානම වූ විනිශ්චය වේ. “පාරිසුද්ධිං දෙන්තෙන ඡන්‍දම්පි දාතුං” මෙහි පාරිශුද්ධිය දේනම්, ඡන්‍දය නොදේනම්, උපොසථය කරන ලද්දේ වේ. සඞ්ඝතෙමේ යම් අනික් කර්‍මයක් එය නොකරන ලද්දේම වේ. ඡන්‍දය පමණක්ම දේද, පාරිශුද්ධිය නොදේද, භික්‍ෂු සඞ්ඝයාගේ උපොසථයද, සෙසු කර්‍මද කරණ ලද්දේම වේ. ඡන්‍දදායකයාගේ වනාහි උපොසථය නොකරන ලද්දේ වේ. ඉදින් කිසි මහණෙක් තෙමේ නදියක හෝ සීමාවක හෝ පොහොය ඉටා ඒද, ‘මා විසින් පොහොය කරන ලදැයි හිඳින්නට නොලබයි. සාමග්‍රිය හෝ ඡන්‍දය හෝ දියයුතුය.
[missing trans]
සඞ්ඝුපොසථාදිකථා
[missing trans]
[missing trans]
ආපත්තිපටිකම්මවිධිකථා
[missing trans] “තං තුය්හමූලෙ පටිදෙසෙමි”යි කියූකල්හි මොනවට කියන ලද්දේම වේ. “පස්සසි” මෙද තමහට වඩා නවකයක්හට නම්, “පස්සසි ආවුසො තං ආපත්තිං?”යිද, තමහට වඩා වැඩි මහල්ලෙකුහට නම්, “පස්සථ භන්තෙ තං ආපත්තිං”යි මෙසේ කියයුතුය. “ආම පස්සාමි” මෙය වනාහි “ආම භන්තෙ පස්සාමි”යිද, “ආම ආවුසො පස්සාමි”යිද මෙසේ කියන ලද්දේ ද මොනවට කියන ලද්දේ වේ. “ආයතිං සංවරෙය්‍යාසි” මෙහි වනාහි ඉදින් වෘද්ධතරයෙක් වේ නම්, “ආයතිං සංවරෙය්‍යාථ”යි කියයුතුය. මෙසේ කියූකල්හි “සාධු සුට්ඨු සංවරිස්සාමි” කියයුතුමය.
“යදා නිබ්බෙමතිකො” මෙහි, ඉදින් මෙතෙමේ විමති නැත්තේ නොවේද, වස්තුව ප්‍රකාශකොටද දෙසිය යුතුයයි අන්‍ධකාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. එහි මේ දෙසනාවිධියයි. හිරු මෙඝයෙන් වැසුනු කල්හි ‘කල්වේද, කල්නොවේද’යි විමති ඇත්තේ බුදීද, ඒ මහණහු විසින් “අහම්භන්තෙ වෙමතිකො භුඤ්ජිං” සචෙ කාලො අත්‍ථ සම්බහුලා දුක්කටා ආපත්තියො ආපන්නොම්හි නොචෙ අත්‍ථ සම්බහුලා පාචිත්තියා ආපන්නොම්හි’යි මෙසේ වස්තුව ප්‍රකාශ කොටද “අහම්භන්තෙ යා තස්මිං වත්‍ථුස්මිං සම්බහුලා දුක්කටා වා පාචිත්තියා වා ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ වස්තුව ප්‍රකාශනොකොටද, ඇවැත් දෙසිය යුතුය. සියලු ඇවැත්හි මේනය වේ.