අට්ඨාරසවත්ථුකථා
“අධම්මං ධම්මො” යනාදී වූ අෂ්ටාරශභෙදකර වස්තූන් සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි වර්ණනා කරන්නෙමු.
“තං උක්ඛිත්තකං භික්ඛුං ඔසාරෙත්වා” ඒ මහණහු ගෙන සීමාවට ගොස් ඇවැත් දෙසවා කර්මවාක්යයෙන් ඇතුළත් කොට “තාවදෙව උපොසථො” එදවසම උපොසථක්ඛන්ධකයෙහි කියූනයින්ම සාමග්ගිඋපොසථය කටයුතුය.
“අමූලාමූලං ගනත්වා” අමූලයෙන් මූලයට ගොස්, ඒ වස්තුව විනිශ්චය නොකොට, යන අර්ත්ථයි. “අයං වුච්චති උපාලි සඞ්ඝසාමග්ගි අත්ථාපෙතා ව්යඤ්ජනූපෙතා” අර්ත්ථයෙන් පහවූ සඞ්ඝසාමග්රියයි. මෙය වනාහි ව්යඤ්ජනමාත්රයට පැමිණියාය.
“සඞ්ඝස්ස කිච්චෙසු” සඞ්ඝයාට කටයුතු ඇතිවූ කල්හි. “මන්තණාසු” විනයමන්ත්රණයන්හි. “අත්ථෙසු ජාතෙසු” විනයාර්ත්ථ ඉදිරිපත්වූකල්හි. “විනිච්ඡයෙසු” ඒ අර්ත්ථයන්ගේම විනිශ්චයන්හි. “මහත්ථිකො” මහත් උපකාර ඇත්තේ. “පග්ගහාරහො” සසුනට අනුබල දීමට සුදුසුවූයේ.
“අනානුවජ්ජො පඨමෙන සීලතො” ආදියෙහිම වනාහි සීලයෙන් උපවාද කටයුත්තේ නොවේ. “අවෙක්ඛිතාචාරො” බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ. “ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී” යනාදිනයින් බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ, අර්ත්ථ කථාවන්හි වනාහි “අප්පටිච්ඡන්නාචාරො”යි කියනලදී.
“විසය්හ” මැඩපවත්වා. “අනුය්යුතං භණන්ති” අනුදන්නාලද කරුණින් නොපහවූවක් බණන්නේ, යම්හෙයකින් හෙතෙමේ අනුදන්නාලද කරුණින් නොපහවූවක් බෙණේද, ඊර්ෂ්යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ කරුණින් පහවූවක් නොබෙණේද, එහෙයින් අර්ත්ථය නොපිරිහෙළයි. ඊර්ෂ්යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ බණන්නේ අර්ත්ථය පිරිහෙළයි. කරුණු නොකියයි. එහෙයින් හෙතෙමේ පිරිස් කරාගියේ තැති ගනියි. කම්පිතද වේ. යමෙක් මෙබඳුනොවේද, මෙතෙමේ සසුනට අනුබලදීමට සුදුසුවේයයි දක්වාලන්නේය.
බොහෝකොට කිම, “තථෙව පඤ්හං” යනු ගාථාය. ඒ පිළිබඳ අර්ත්ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ අර්ත්ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ. අර්ත්ථය නොපිරිහෙළයි. එසේම පිරිස්මැද ප්රශ්නයක් විචාරණ ලද්දේ සිතිවිලි නොමසිතයි. එයට මකුනොවේ. යමෙක් වනාහි අර්ත්ථය නොදනීද, හෙතෙමේ සිතිවිලි සිතයි. යමෙක් කියන්නට අසමර්ත්ථවේද, හෙතෙමේ මකුවේ. යමෙක් අර්ත්ථයත් දනීද, කියන්නටත් සමර්ත්ථවේද, හෙතෙමේ සිතිවිලි නොසිතයි. මකුනොවේ. “කාලාගතං” කියයුතු කල්හි පැමිණෙන පැමිණියාවූ, “ව්යාකරණාරහං” ප්රශ්නය පිළිබඳ අර්ත්ථයට අනුලොම් වූ ව්යාකරණයට සුදුසු වචන කියන්නේ, මෙබඳු වචන කියන්නේය යන අර්ත්ථයි. “රඤ්ජෙති” සතුටුකරයි. “විඤ්ඤූපරිසං” නුවණැත්තන්ගේ පිරිස.
“ආචෙරකම්හි ච සකෙ” තමන්ගේ ආචාර්ය්යවාදයෙහි. “අලං පමෙතුං” විමසන්නට. ඒ ඒ කරුණ නුවණින් තීරණය කරන්නට සමර්ත්ථ වේ. “පගුණො” කළපුරුද්ද ඇත්තේය. ලැබූ සෙවනය ඇත්තේය. “කථෙතචෙ” කියයුත්තෙහි. “විසන්දිකොවිදො” පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්ෂ වේ.
“පච්චත්ථිකා යෙන වජන්ති” යන මේ ගාථා යම්බඳු කියයුත්තෙක ප්රගුණ වූයේද, ඒ දක්වන්නට වදාරනලදී. මෙහි මේ අර්ත්ථය වේ. ඉදින් යම් කියන ලද්දකින් පසමිතුරෝද නිග්රහයට යෙත්ද, “මහාජනො ච සඤ්ඤාපනං ගච්ඡති” සංඥප්තියට අවබෝධයට යේය යන අර්ත්ථයි. යමක් කියන්නේ, “සකං ආදායං” තමන්ගේ ආචාර්ය්යවාදය නොපිරිහෙළයි. යම් කාර්ය්යයෙක්හි අධිකරණ ගැටලුවක් ඇතිවුවහොත් උපන්නේනම්, ඊට අනුරූප වූ හිංසා නොකරන්නාවූ ප්රශ්නයන් ප්රකාශ කරමින් එබඳු කියයුත්තෙහි ප්රගුණවූයේ වේ.
“දූතෙය්ය කම්මෙසු අලං” අටවැදෑරුම් වූ දූතාඞ්ගයන්ගෙන් යුක්තබැවින් සඞ්ඝයාගේ දූතකර්මයන්හි සමර්ත්ථ වේ. මොනවට උගණීනුයි සමුග්ගහ නමි. මෙය කියන ලද්දේ වේ. “යථා” යම්සේ නම් “ආහුනං” ආහු යන පිණ්ඩය පිළිගනීද, මෙසේ හටගත් ප්රීතිසෞමනස්යයෙන් යුක්තවූම සිතින් “සඞ්ඝස්ස කිච්චෙසු සමුග්ගහො” සඞ්ඝකෘත්යයන් අතුරෙහි ඒ ඒ කෘත්යය පිළිගන්නේය යන අර්ත්ථයි. “කරං වචො” වචන කරන්නේය. “න තෙන මඤ්ඤෙති” ඒ වචන කරන්නහු විසින් ‘මම කරමි, සඞ්ඝභාරය උසුලමි’යි මානාතිමානයෙන් නොබෙණෙයි.
“ආපජ්ජති යාවතකෙසු වත්ථුසු” යම් පමණ වස්තූන්හි ඇවැතට පැමිණෙන්නේ, ඇවැතට පැමිණියේවේද “යථා ච වුට්ඨාති” ඒ ඇවතින් යම්සේ නැගිසිටීමවේද, මේ අර්ත්ථ ප්රකාශ කරන්නාවූ මේ විභඞ්ගයෝ “උභයස්ස” දෙදෙන, සාගතානි මොනවට ආවාහුය. “ආපත්ති වුට්ඨානපදස්ස කොවිදො” ඇවැතින් නැගීසිටීම පිළිබඳ කාරණයන්හි දක්ෂ වේ.
“යානි චා චරන්ති” යම් ඩබර කාරණාදියෙහි හැසිරෙමින්, තර්ජනීය කර්මාදිවශයෙන් බැහැර කිරීම පැමිණේද, “ඔසාරණ තං වුසිතස්ස ජන්තුනො” ඒ වතෙහි පැවති මහණහු පිළිබඳ යම් ඇතුල් කිරීමක් කටයුතුද, මෙද දනියි. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
කොසම්බකක්ඛන්ධ වර්ණනාව නිමි.
සිංහල සමන්තපාසාදිකාවෙහි මහාවර්ග වර්ණනාව නිමි.
මේ වර්ණනාව උවදුරු රහිතව යම්සේ සම්පූර්ණ වූවාද, එසේ සියලු ජනයෝ උවදුරු රහිතව නිවනට පැමිණෙත්වා.