පාලිලෙය්යකගමනකථා
“පාරිලෙය්‍යකෙ විහරති රක්‍ඛිතවනසණ්ඩෙ” පාරිලෙය්‍යක වනය ඇසුරුකොට රක්‍ඛිතවන ලැහැබෙහි වැඩවසන සේක. “හත්‍ථිනාගො” මහාහස්ති තෙමේ. “හත්‍ථිකලහෙහි” ඇත්පැටවුන් විසින්. “හත්‍ථිච්ඡාපෙහි” කිරිබොන ළදරු පැටවුන් විසින්. “ජින්නග්ගාහි” ඉදිරියෙහි ඉදිරියෙහි යන ඒ ඇත්පැටවු ආදීන් විසින් කාඉතිරිවූ සුන්අත් ඇති කණු සමානවූ තණකයි. “ඔභග්ගොභග්ගං” ඒ මහත් ඇතු විසින් උස්තැනින් බිඳ-බිඳ හෙළන ලද “අස්ස සාඛාභඞ්ගං” මොහු සතු බිඳ හෙළන ලද කොළඅතු ඒ ඇත්පැටවු කත්. “ආවිලානි” පළමුකොට දියට බැස පැන්බොන්නාවූ. ඒ ඇත්පැටවුන් විසින් කලඹනලද මඩ සහිත දිය පානය කරයි. “ඔගාහා” තොටින්
“නාගස්ස නාගෙන” හස්තිනාගයාගේ බුද්ධනාගයා සමග “ඊසාදන්තස්ස” රියහිස් වැනි දළ ඇති. “යදෙකො රමතී වනෙ” යම්හෙයකින් බුද්ධනාගයා මෙන් මේ හස්තිනාග තෙමේද, එකලාවූයේ ප්‍රකර්‍ෂවිවෙක ඇත්තේ වනයෙහි ඇලේද, එහෙයින් මේ හස්ති නාගයාගේ සිත බුද්ධනාගයා සමග සමවේ. එකීභාවරතියෙන් එක් වැනිවේය යන අර්‍ත්‍ථයි.
“යථාභිරන්තං විහරිත්‍වා” යන මෙහි භාග්‍යවතුන් වහන්සේ තෙමසක් එහි වැඩවිසූ සේකැයි දතයුතුය. මෙපමණකින් ‘කොසැඹෑනුවර වැසි මහණුන් විසින් පෙළනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ තෙමසක් වනයට පිවිස වැඩවසන සේකැ’යි සියලු තන්හි කථා පැතිර ගියාය.
“අථ ඛො කොසම්බකා උපාසකා” ඉක්බිති මේ කථා සල්ලාපය අසා කොසැඹෑනුවර වැසි උපාසකයෝ.
අට්ඨාරසවත්ථුකථා
“අධම්මං ධම්මො” යනාදී වූ අෂ්ටාරශභෙදකර වස්තූන් සඞ්ඝභෙදකක්‍ඛන්‍ධකයෙහි වර්‍ණනා කරන්නෙමු.
“තං උක්‍ඛිත්තකං භික්‍ඛුං ඔසාරෙත්‍වා” ඒ මහණහු ගෙන සීමාවට ගොස් ඇවැත් දෙසවා කර්‍මවාක්‍යයෙන් ඇතුළත් කොට “තාවදෙව උපොසථො” එදවසම උපොසථක්‍ඛන්‍ධකයෙහි කියූනයින්ම සාමග්ගිඋපොසථය කටයුතුය.
“අමූලාමූලං ගනත්‍වා” අමූලයෙන් මූලයට ගොස්, ඒ වස්තුව විනිශ්චය නොකොට, යන අර්‍ත්‍ථයි. “අයං වුච්චති උපාලි සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනූපෙතා” අර්‍ත්‍ථයෙන් පහවූ සඞ්ඝසාමග්‍රියයි. මෙය වනාහි ව්‍යඤ්ජනමාත්‍රයට පැමිණියාය.
“සඞ්ඝස්ස කිච්චෙසු” සඞ්ඝයාට කටයුතු ඇතිවූ කල්හි. “මන්තණාසු” විනයමන්ත්‍රණයන්හි. “අත්‍ථෙසු ජාතෙසු” විනයාර්‍ත්‍ථ ඉදිරිපත්වූකල්හි. “විනිච්ඡයෙසු” ඒ අර්‍ත්‍ථයන්ගේම විනිශ්චයන්හි. “මහත්‍ථිකො” මහත් උපකාර ඇත්තේ. “පග්ගහාරහො” සසුනට අනුබල දීමට සුදුසුවූයේ.
“අනානුවජ්ජො පඨමෙන සීලතො” ආදියෙහිම වනාහි සීලයෙන් උපවාද කටයුත්තේ නොවේ. “අවෙක්‍ඛිතාචාරො” බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ. “ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී” යනාදිනයින් බලාපොරොත්තුවන හැසිරීම් ඇත්තේ, අර්‍ත්‍ථ කථාවන්හි වනාහි “අප්පටිච්ඡන්නාචාරො”යි කියනලදී.
“විසය්හ” මැඩපවත්වා. “අනුය්‍යුතං භණන්ති” අනුදන්නාලද කරුණින් නොපහවූවක් බණන්නේ, යම්හෙයකින් හෙතෙමේ අනුදන්නාලද කරුණින් නොපහවූවක් බෙණේද, ඊර්‍ෂ්‍යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ කරුණින් පහවූවක් නොබෙණේද, එහෙයින් අර්‍ත්‍ථය නොපිරිහෙළයි. ඊර්‍ෂ්‍යාවෙන් හෝ අගතිගමන වසයෙන් හෝ බණන්නේ අර්‍ත්‍ථය පිරිහෙළයි. කරුණු නොකියයි. එහෙයින් හෙතෙමේ පිරිස් කරාගියේ තැති ගනියි. කම්පිතද වේ. යමෙක් මෙබඳුනොවේද, මෙතෙමේ සසුනට අනුබලදීමට සුදුසුවේයයි දක්වාලන්නේය.
බොහෝකොට කිම, “තථෙව පඤ්හං” යනු ගාථාය. ඒ පිළිබඳ අර්‍ත්‍ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ අර්‍ත්‍ථය මෙසේය:- යම්සේ කරුණින් නොපහවූවක් බණන්නේ. අර්‍ත්‍ථය නොපිරිහෙළයි. එසේම පිරිස්මැද ප්‍රශ්නයක් විචාරණ ලද්දේ සිතිවිලි නොමසිතයි. එයට මකුනොවේ. යමෙක් වනාහි අර්‍ත්‍ථය නොදනීද, හෙතෙමේ සිතිවිලි සිතයි. යමෙක් කියන්නට අසමර්‍ත්‍ථවේද, හෙතෙමේ මකුවේ. යමෙක් අර්‍ත්‍ථයත් දනීද, කියන්නටත් සමර්‍ත්‍ථවේද, හෙතෙමේ සිතිවිලි නොසිතයි. මකුනොවේ. “කාලාගතං” කියයුතු කල්හි පැමිණෙන පැමිණියාවූ, “ව්‍යාකරණාරහං” ප්‍රශ්නය පිළිබඳ අර්‍ත්‍ථයට අනුලොම් වූ ව්‍යාකරණයට සුදුසු වචන කියන්නේ, මෙබඳු වචන කියන්නේය යන අර්‍ත්‍ථයි. “රඤ්ජෙති” සතුටුකරයි. “විඤ්ඤූපරිසං” නුවණැත්තන්ගේ පිරිස.
“ආචෙරකම්හි ච සකෙ” තමන්ගේ ආචාර්‍ය්‍යවාදයෙහි. “අලං පමෙතුං” විමසන්නට. ඒ ඒ කරුණ නුවණින් තීරණය කරන්නට සමර්‍ත්‍ථ වේ. “පගුණො” කළපුරුද්ද ඇත්තේය. ලැබූ සෙවනය ඇත්තේය. “කථෙතචෙ” කියයුත්තෙහි. “විසන්‍දිකොවිදො” පසමිතුරන් වැරදවූ තැන් දැක්මෙහි දක්‍ෂ වේ.