ආරඤ්ඤිකවත්තකථා
ආරණ්යකවතෙහි - “සෙනාසනා ඔතරිතබ්බං” වසන තැනින් නික්මිය යුතුය.
“පත්තං ථවිකාය නික්ඛිපිත්වා” යන මෙහි ගමින් පිටත දිය නැත්තේද ඇතුළු ගමෙහිදීම බත්කිස කොට නැවත ගමින් පිටත දිය ඇත්තේ නම් ගමින් පිටත බත්කිස කොට පාත්රය සෝදා දිය පිසදමා පසුම්බියෙහි බැහිය යුතුය.
“පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං” ඉදින් බඳුන් නොසෑහේනම් බොන පැන්ම පිරිබෝ පැන්දකොට එළවා තැබිය යුතුය. බඳුනක් නොලබන්නහු විසින්හුණ නළයෙක හෝ එළවා තැබිය යුතුය. එද නොලබන්නහුට යම්සේ සමීපයෙහි දියවළක්වේද, මෙසේ කටයුතුය. ගිනිගානා දණ්ඩ ඇති කල්හි ගිනි දැල්වීම නොකිරීමද වටියි. වෙනෙහි වසන මහණහුට යම්සේද, කාන්තාරයට පැමිණියහු විසින්ද, එසේ ගිනිගානා දණ්ඩ කැමැති විය යුතුය. ගණවැසියාහට ඒ ගිනිගානා දණ්ඩ නැතිවද වටියි. නකත්තරුම නක්ඛත්තපද නම.
සෙනාසනවත්තකථා
සෙනාසනවතෙහි - දොර නම් යම්හෙයකින් මහත් ප්රයොජන ඇත්තේද, එහෙයින් එහි නවකයා විසින් දොර වසන කල්හි විචාරීමක් නැත්තේය. සෙසු උද්දෙසදානාදිය තෙරුන් විචාරාම නවකයන් විසින් කටයුතුය. දවස්පතාද විචාරීම සුදුසු වේ. නැවැතද ‘ස්වාමීනි’ විචාරණ ලද්දේම වේව’යි කියූකල්හි වෘද්ධතර තෙමේ යහපතැයි පිළිගණීද, තෙමේම හෝ ‘තෝ පහසු පරිදි වෙසෙව’යි කියාද, මෙසේ ඇති කල්හිද වටියි. සභාගයාගේ විශ්වාසයෙන්ද වටීමය. “යෙන ඛුඩ්ඪො තෙන පවෙත්තිතබ්බං” වෘද්ධයාහට අභිමුඛවීමෙන් පරිවර්තනය කටයුතුය. බොජුන්හල් ආදියෙහිද එපරිද්දෙන්ම පිළිපැදිය යුතුය.
ජන්තාඝරවත්තාදිකථා
ජනතාඝරවතෙහි - “පරිභණ්ඩං” ගිනිහල්ගෙයින් පිටබිමැ.
ආචමන වස්තුවෙහි - “සනිඋදකෙ” යන මෙහි ඉදින් දිය ඇත්තේද, පිළිසන් තැනක් නැත්තේද බඳුනකින් දියගෙණ ගොස් මල සේදිය යුතුය. බඳුනක් නැතිකල්හි පාත්රයෙන් ගෙණයායුතුය. පාත්රයක්ද නැතිකල්හි නැත්තේ නම් වේ. මෙය අතිවිවෘතය. ඉදිරියෙහි අන් ජලයක් වන්නේය’යි ගියාවූ ජලය නොලබන මහණහුටම පිඬුසිඟායන වෙලාව වේද කාෂ්ටයකින් හෝ අන් කිසිවකින් හෝ පිසදමා යායුතුය. මල නොසෝදා වලඳන්නටත් අනුමෝදනා කරන්නටත් අවකාශ ඇත්තේය. “ආගතපටිපාටියා” වැසිකිළියෙහිද මූත්ර කරණ තැනද නාන තොටෙහිද යන තුන් තන්හිම ආ පිළිවෙලින් මලමූත්ර කිරීම හා නෑම ප්රමාණය.
වච්චකුටිවතෙහි - “න දන්තකට්ඨං ඛාදන්තෙන” දැහැටි කන්නහු විසින් මලකිස නොකටයුතුය යන මේ නිගමනය, වැසිකිළියෙහිද වැසිකිළිය නොවන තැනද මලකිස කරණ හැමතැන්හිදීම ප්රතික්ෂෙප කෙළේය. “න ඵරුසෙන කට්ඨෙන” පැළුනු කාෂ්ටයකින් හෝ රළු කාෂ්ටයකින් හෝ ගැට සහිත කාෂ්ටයකින් හෝ කටු සහිත කාෂ්ටයකින් හෝ ගැටසහිත කාෂ්ටයකින් හෝ කුණුවූ කාෂ්ටයකින් හෝ මල පහරා ගුදයෙහි මල නෙපිසදැමිය යුතුය. මල පිසදමන කාෂ්ටයක් නොගෙණ වැසිකිළියට පිවිසියහුට ඇවැතක් නැත්තේය.
“න ච ආචමනසරාවකෙ” යනු සියල්ලට සාධාරණ ස්ථානය සඳහා මේ වදාරණ ලදී. එහි සියල්ලන්ට සාධාරණ වූ වැසිකිළියෙහි අතපය දෝනා බඳුනෙහි අනෙකෙක් අනකෙක් ඒ ද එහෙයින් ජලය ඉතිරිනොකට යුතුය. සඞ්ඝික විහාරයෙහි එක් දෙසෙක්හි තමාගේ නිබඳ යෑම පිණිස කරණලද යම් තැනෙක් වේද, පෞද්ගලික ස්ථානයක් වේද, එහි බඳුනෙහි දිය ඉතිරිකොට තැබීම වරද නොවේ. විරෙචන බෙහෙතක් බී නැවැත නැවැත පිවිසෙන්නහුටද දිය ඉතිරිකොට තැබීම නොසුදුසු නොවේමය.
“ඌහතා” වර්චසින් කෙලෙසන ලද පාදුකාවෙන් පිටත මල තවරණලද යන අර්ත්ථයි. “ධොවිතබ්බා” දිය ගෙණවුත් සේදිය යුතුය. දිය ඇත්තේද බඳුනක් නැත්තේද, මෙද නැත්තේ නම. දිය හා බඳුන යන දෙකම නැති කල්හි නැත්තේම නම. කාෂ්ටයකින් හෝ අන්කිසිවකින් හෝ පිසදමා යායුතුය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
වත්තක්ඛන්ධක වර්ණනාව නිමි.
පාතිමොක්ඛට්ඨපනක්ඛන්ධක වර්ණනාව
පාතිමොක්ඛුද්දෙසයාචනකථා
පාතිමොක්ඛඨපනක්ඛන්ධකයෙහි - “යාව බාහාගහණාපි නාම” ‘ආනන්ද, පිරිස අපරිසිදුය, යන මේ වචනය අසාම ඔහු විසින් එබඳු පිරිසෙන් පහව යායුතු වන්නේය. මෙසේ පහව නොගොස් යම්තාක් බාහු අල්ලා ගැණීම වීද ඒතාක් ඒ තුච්ඡ පුරුෂ තෙමේ බලාපොරොත්තු වන්නේය, මෙය ආශ්චර්ය්යයයි දක්වයි.
[missing trans]
“ඡන්නමතිවස්සති” ඇවතට පැමිණ එය වසාලන්නේ අන් නවාපත්තියකට පැමිණේය. මෙය මේ සඳහා වදාරණ ලදී. “විවටං නාතිවස්සති” ඇවතට පැමිණ එය ප්රකාශ කරණුයේ අනු ඇවතකට නොපැමිණේ යන මෙය මේ සඳහා වදාරණ ලදී.