භත්තග්ගවත්තකථා
භත්තග්ගවතෙහි ඇතුළුගම හෝ විහාරය හෝ වේවා, මිනිසුන් වළඳන තැනට යන්නහු විසින් සිවුර පොරොවා පටිය බඳින ලද්දේම වටීයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. “න ථෙරෙ භික්‍ඛූ අනුපඛජ්ජ” ස්ථවිර භික්‍ෂූන් තදින් අල්වාගෙණ නොහිඳියයුතුය. ඉදින් මහතෙරහු හුන් ආසනය හා සමවූ ආසනයක් වේනම්, බොහෝ ආසන ඇති කල්හි ආසන එකක් දෙකක් හැර හිඳිය යුතුය. භික්‍ෂූන් ගැණ පැණවූ අසුන්හි නොහිඳ මහතෙරුන් ‘හිඳුව’යි කියනලද්දහු විසින් හිඳිය යුතුය. මහාස්ථවිර තෙමේ නොකියානම් ‘ස්වාමීනි’ මේ ආසනය උස්යයි කියයුතුය. ‘හිඳුව’යි කියූකල්හි හිඳියයුතුය. මෙසේ විචාළ කල්හිද නොකියාද, හිඳින්නහුට ඇවැත්නොවේ. මහතෙරුන්හටම ඇවැත් වේ. නවකතෙමේද, මෙබඳු අසුනෙහි නොවිචාරා හිඳිනුයේ ඇවැතට පැමිණේ. විචාළ කල්හි නොඅනුදන්නා මහාස්ථවිර තෙමේ ඇවතට පැමිණේ. “න සඞ්ඝාටිං ඔත්‍ථරිත්‍වා” සඞ්ඝාටිය යටකොට නොහිඳිය යුතුය.
“උභොහි භත්‍ථෙහි” පාත්‍ර සෝදන දිය සඳහා කියනලදී. දක්‍ෂිණෙදකය ඉදිරියෙහි ආධාරකයෙහි පාත්‍රය තබා ගතයුතුය. “සාධුකං” උදකශබ්දය නොකරන්නහු විසින්. දියහඬ නොනගවා පාත්‍රය සේදිය යුතුය යන අදහසය.
“සූපස්ස ඔකාසො” යම්සේ සූපයට අවකාශ ඇත්තේවේද, මෙසේ ප්‍රමාණ වශයෙන් ඔදනය ගතයුතුය, යන අර්‍ත්‍ථයි. “සමකං සම්පාදෙහි” හුදෙක් මෙය ගිතෙල් ආදියෙහි පමණක් සමව සම්පාදනය කරව’යි කියයුතු නොවේ. ඔදනයන්හිද සමව බෙදිය යුතුයයි කියයුතුය. ගිතෙල් ආදීන් අතුරෙහි යම් දෙයක් ටික වේද, ඒ ද්‍රව්‍යය සියල්ලන්ට සමව සම්පාදනය කරව’යි කියූ කල්හි මිනිසුන්ට එය වෙහෙසක් වේ. එහෙයින් එබඳු ටික දෙය වරක් හෝ දෙවරක් හෝ ගෙන සෙස්ස නොගතයුතුය.
“න තාව ථෙරෙන භුඤ්ජිතබ්බං” යන මෙය පිරිසිඳින ලද මහණුන් ඇති භක්තාග්‍රයෙහි යම් තැනෙක මිනිස්සු සියල්ලන්ට පමණුවා දෙනු කැමැත්තාහු වෙත්ද, ඒ සඳහා කියනලදී. යම් මහාබොජුන්හලක් වේද, යම් එක් පෙදෙසෙක වලඳත්ද, එක් පෙදෙසක පැන් දෙනු ලැබේද, එහි පහසු පරිදි වැලඳිය යුතුය.
“න තාව උදකං” මෙය අත්දෝනා දිය සඳහා කියනලදී. මෙහි සියලු මහණුන් වලඳා කෙළවර කරණතුරු මහතෙරහු විසින් අත්දෝනාදිය නොපිළිගත යුතුය යන අදහසය. අතර පවස් ඇතියකු විසින්ද බොටුවේ හිරවුනු ආමිස ඇතියකු විසින්ද පැන්බී අත් නොසේදිය යුතුය. ඉදින් මිනිස්සු ‘ස්වාමීනි’ පාත්‍රයද අත්ද දෝනා කළ මැනැවැ’යි කියත්ද, භික්‍ෂූහු හෝ පැන් ගණිවු’යි කියත්ද පැන් ගැනීම වරද නොවේ.
“නිවත්තන්තෙන” බොජුන්හලෙන් නැගිට හැසිරෙන්නාවූ සඞ්ඝයා විසින් මෙසේ හැසිරියයුතුයයි දක්වාලන්නේය. කිසේය, යත්:- “නවකෙහි” නවකයන් විසිනැයි සියල්ල දතයුතුය. ඉඩපහසු නැති ගෙවල මහතෙරුන්ට නික්මීමට අවකාශයක් නොවේද, එහෙයින් මෙසේ වදාරණලදී. මෙසේ හැසිරෙන්නාවූ නවකයන් විසින් ගෙදොර සිට තෙරුන් නික්මෙන කල්හි පිළිවෙළින් යායුතුය. ඉදින්, මහතෙරහු දුර හුන්නාහු වෙත්ද නවකයෝ ගෙයතුළ හුන්නාහු වෙත්ද, ථෙරාසනය පටන් පෙලටම නික්මිය යුතුය. කයින්කය නොගටන්නවුන් විසින් යම්සේ මිනිසුන්ට අතරින් යනු හැකිද එසේ තුනීවූ පෙලට යායුතුය.
පිණ්ඩචාරිකවත්තකථා
පිණ්ඩචාරිකවතෙහි - “කම්මං නික්‍ඛිපති” කපු හෝ කුල්ල හෝ මෝල හෝ යන යමක් ගෙණ කර්‍මාන්ත කෙරෙත්ද, සිටියාහු හෝ හුන්නාහු හෝ වෙත්ද, එය බහාතබයි. “න ච භික්‍ඛා දායිකා” ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂයෙක් හෝ වේවා, භික්‍ෂාව දෙන කල්හි මූණ නොබැලිය යුතුය.
ආරඤ්ඤිකවත්තකථා
ආරණ්‍යකවතෙහි - “සෙනාසනා ඔතරිතබ්බං” වසන තැනින් නික්මිය යුතුය.
“පත්තං ථවිකාය නික්‍ඛිපිත්‍වා” යන මෙහි ගමින් පිටත දිය නැත්තේද ඇතුළු ගමෙහිදීම බත්කිස කොට නැවත ගමින් පිටත දිය ඇත්තේ නම් ගමින් පිටත බත්කිස කොට පාත්‍රය සෝදා දිය පිසදමා පසුම්බියෙහි බැහිය යුතුය.
“පරිභොජනීයං උපට්ඨාපෙතබ්බං” ඉදින් බඳුන් නොසෑහේනම් බොන පැන්ම පිරිබෝ පැන්දකොට එළවා තැබිය යුතුය. බඳුනක් නොලබන්නහු විසින්හුණ නළයෙක හෝ එළවා තැබිය යුතුය. එද නොලබන්නහුට යම්සේ සමීපයෙහි දියවළක්වේද, මෙසේ කටයුතුය. ගිනිගානා දණ්ඩ ඇති කල්හි ගිනි දැල්වීම නොකිරීමද වටියි. වෙනෙහි වසන මහණහුට යම්සේද, කාන්තාරයට පැමිණියහු විසින්ද, එසේ ගිනිගානා දණ්ඩ කැමැති විය යුතුය. ගණවැසියාහට ඒ ගිනිගානා දණ්ඩ නැතිවද වටියි. නකත්තරුම නක්‍ඛත්තපද නම.
සෙනාසනවත්තකථා
සෙනාසනවතෙහි - දොර නම් යම්හෙයකින් මහත් ප්‍රයොජන ඇත්තේද, එහෙයින් එහි නවකයා විසින් දොර වසන කල්හි විචාරීමක් නැත්තේය. සෙසු උද්දෙසදානාදිය තෙරුන් විචාරාම නවකයන් විසින් කටයුතුය. දවස්පතාද විචාරීම සුදුසු වේ. නැවැතද ‘ස්වාමීනි’ විචාරණ ලද්දේම වේව’යි කියූකල්හි වෘද්ධතර තෙමේ යහපතැයි පිළිගණීද, තෙමේම හෝ ‘තෝ පහසු පරිදි වෙසෙව’යි කියාද, මෙසේ ඇති කල්හිද වටියි. සභාගයාගේ විශ්වාසයෙන්ද වටීමය. “යෙන ඛුඩ්ඪො තෙන පවෙත්තිතබ්බං” වෘද්ධයාහට අභිමුඛවීමෙන් පරිවර්‍තනය කටයුතුය. බොජුන්හල් ආදියෙහිද එපරිද්දෙන්ම පිළිපැදිය යුතුය.
ජන්තාඝරවත්තාදිකථා
ජනතාඝරවතෙහි - “පරිභණ්ඩං” ගිනිහල්ගෙයින් පිටබිමැ.
ආචමන වස්තුවෙහි - “සනිඋදකෙ” යන මෙහි ඉදින් දිය ඇත්තේද, පිළිසන් තැනක් නැත්තේද බඳුනකින් දියගෙණ ගොස් මල සේදිය යුතුය. බඳුනක් නැතිකල්හි පාත්‍රයෙන් ගෙණයායුතුය. පාත්‍රයක්ද නැතිකල්හි නැත්තේ නම් වේ. මෙය අතිවිවෘතය. ඉදිරියෙහි අන් ජලයක් වන්නේය’යි ගියාවූ ජලය නොලබන මහණහුටම පිඬුසිඟායන වෙලාව වේද කාෂ්ටයකින් හෝ අන් කිසිවකින් හෝ පිසදමා යායුතුය. මල නොසෝදා වලඳන්නටත් අනුමෝදනා කරන්නටත් අවකාශ ඇත්තේය. “ආගතපටිපාටියා” වැසිකිළියෙහිද මූත්‍ර කරණ තැනද නාන තොටෙහිද යන තුන් තන්හිම ආ පිළිවෙලින් මලමූත්‍ර කිරීම හා නෑම ප්‍රමාණය.