සඞ්ඝභෙදකකථා
“අථඛො ද්වෙදත්තො සඞ්ඝං භින්දිත්වා” ඒ දෙව්දත්තෙමේ මෙසේ සලාක ගන්වා එහිම එක්ම සීමාව තුළ වෙන්ව උපොසථයකොට ගියේය. එහෙයින් මෙය කියනලදී.
[missing trans]
“මහාවරාහස්ස” මහ ඇතුට “භිසං ඝසානස්ස” නෙළුඹල කන්නාවූ. [missing trans]
“සුතා” අසන්නෙක් වේ. “අසන්දිද්ධො ච අක්ඛාති” නිසැකව කියන්නේය. අනුසන්ධි වසයෙන් යොද යොදා
අපායයෙහි උපදින්නේයයි “ආපායික” නමි. “නෙරයික” යනුද මෙසේය. අන්තඃකල්පයක් සිටින්නේයයි “කප්පට්ඨ” නමි. දැන් බුදුරජුන් දහසක් විසිනුදු පිළියම් කරන්නට නොහැක්කේයයි “අතෙකිච්ඡ” නමි.
“ජලංව යස්සා අට්ඨා” යසසින් බබලන්නකු මෙන් සිටියේය. “දෙවදත්තොති මෙ සුතං” දෙව්දත් මෙබඳුයයි භාග්යවතුන් වහන්සේ විසින් අසනලද්දේ ද, ඇත්තේය. එයම ගෙණ මෙය කියනලදී. “ආසජ්ජනං” පවිටු සිතින් බුදුරජුන් කරා පැමිණ වෙහෙසකොට හෝ යන අර්ත්ථයි. “අවීචිනිරයං පත්තො” මේ වනාහි ආශිංසනය පිණිස අතීත වචනයි. “භෙස්මා” විපුලගම්භීරභාවයෙන් භයානක වූ.
උපාලිපඤ්හාකථා
“එකතො උපාලි එකො” ධර්මවාදී පක්ෂයෙහි එක් මහණෙක් තෙමේ “එකතො ද්වෙ” අධර්මවාදී පක්ෂයෙහි දෙදෙනෙක් “චතුත්ථො අනුසාවෙති සලාකං ගාහෙති” සඞ්ඝයා බිඳින්නෙමි’යි අධර්මවාදියා සිවුවැනිව අස්වයි. අවබෝධ කරවමින් අස්වයි. ‘තොපට පමණක් නරකභය ඇත්තේ නොවේ. අපටද ඇත්තේය, අපට අවීචිමාර්ගය නොවැසුනේය. අපි අකුසලයෙන් බිය නොවන්නමෝ නොවෙමු. මේ ධර්මය තෙමේ, අවිනයයක් හෝ අශාස්නාශාසනයක් හෝ වන්නේනම් අපි නොගණුම්හ’ යනාදි ක්රමයෙන් ‘අධර්මය, ධර්මය’යි මෙසේ අටළොස් වැදෑරුම් භෙදකර වස්තු අවබෝධ කරව’යි යන අර්ත්ථයි. “සලාකං ගාහෙති” මෙසේ අස්වා ‘මේ සලාකය ගණිවු, මෙය රුචිකරවු’යි කියමින් සලාක ගන්වයි.
“එකතො උපාලි ද්වෙ හොන්ති” යනාදියෙහිද මේනයම වේ. “එවං ඛො උපාලි සඞ්ඝරාජිචෙව හොති සඞ්ඝභෙදො ච”යි මෙසේ වේ. මෙපමණකින් වනාහි සඞ්ඝ තෙමේ බිඳුනේ නොවේ.
“භික්ඛු ඛො උපාලි පකතත්තො සමාන සංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දති” යන මෙහි මෙසේ වන්නේය. දෙව්දත් තෙමේ කෙසේ පියවිසැහැවි ඇත්තේද, කෙසේ පියවිසැහැවි නැත්තේදැ’යි රජු නැසවූ බැවින් හා රුධිරොත්පාදය කළ බැවින්ය. එහිලා කියම්හ. ඇණවීම වැරදගිය බැවින් රජහු නැසවීමක් නැත්තේය. ‘කුමාරය’ එසේනම් තෝ පියා නසා රජ වෙව, මම භාග්යවත්හු මරා බුදුවන්නෙමි’යි ඒ දෙව්දත්හුගේ ඇණවීම මෙසේය. කුමාරතෙමේ රජවී පසුව පියා මැරවූයේය. මෙසේ වනාහි ඇණවීම වැරදුනු බැවින් රජහු නැසවීමක් නැත්තේය. රුධිරොත්පාදය කළ ඇසිල්ලෙහිම රුධිරොත්පාද හෙතුවෙන් භාග්යවතුන්වහන්සේ විසින් අභව්යභාවය නොවදාරණ ලදී. භාග්යවතුන් වහන්සේගේ වචනය හැරම ඒ දෙව්දත්හුගේ අභව්යභාවය ආරොපණය කරන්නට නොහැකිය.
‘මහණෙනි’ රුධිරොත්පාදකතෙමේ අනුපසම්පන්නවූයේ උපසපන් නොකටයුතුය, උපසපන්වූයේ නැසිය යුත්තේය’යි