අඤ්ඤත්රපටිභොගපටික්ඛෙපාදිකථා
“නාති හරන්ති” කුකුස්කොට දිරාවැටුනු සඞ්ඝික සෙනාසනයෙහි ඇඳපුටු ආදිය අනික් තැනකට ගෙණගොස් පරිභොග නොකෙරෙත්. “ගුත්තත්‍ථාය” ඒ දිරාවැටෙන සෙනසුනෙහි යම් ඇඳපුටු ආදියක් වේද, ඒ ඇඳපුටු රැකීම පිණිස අන්තැනකට ගෙන යෑමට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. එහෙයින් සඟසතු ඒ ඇඳ පුටු ආදිය අන්තැනකට ගෙණ ගොස් සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරණ මහණහුට නැසුනේද, මැනැවින් නැසුනේය. දිරූයේද, මැනැවින් දිරූයේය. ඉදින් ඉන්පසු නීරොග නම් ඒ විහාරය පිළිදැගුම් කළ කල්හි නැවැත ප්‍රකෘතිමත් කළ යුතුය. පෞද්ගලික පරිභොගයෙන් පරිභොගකරණ මහණහුට ඇසුනේ හෝ වේද, දිරූසේ හෝ වේද, ග්‍රීවාවේ. ඒ නැසීගිය විහාරය යමකු විසින් පිළිසකර කළ කල්හි දියයුත්තේමය. ඉදින් එයින් ගොනැස් ආදිය ගෙණ අන් සඟසතු ආවාසයෙක යොදත්නම් මොනවට යොදනලද්දාහුය. පෞද්ගලික වාසයෙක යොදන්නවුන් විසින් මිල හෝ දියයුතුය. නැවත ප්‍රකෘතිමත් හෝ කටයුතුය. හැරදැමූ විහාරයෙන් ඇඳපුටු ආදිය සොරසිතින් ගන්නේ ඉදිරීම නිමිතිකොට බඩු අගය කරණකොට කරවිය යුත්තේය. නැවැත ආවාසික කාලයෙහි දෙන්නෙමි’යි ගෙණ සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරණ මහණහුට නැසුනේද මැනැවින් නැසුනේය. දිරූයේද මැනැවින් දිරූයේ වේ. නීරොගනම් ප්‍රකෘතිමත් කළයුතුය. පෞද්ගලික පරිභොගයෙන් පරිභොග මහණහුට නැසුනේද දිරූයේද ග්‍රීවාවේ. එයින් ගෙණ දොර ජනෙල් ආදිය සඞ්ඝිකාවාසයක හෝ පෞද්ගලිකාවාසයක හෝ යොදන ලද්දාහුද නැවැත දියයුත්තාහුමය.
“ඵාතිකම්මත්‍ථාය” වැඩීම පිණිස එය යම්සේ මුල්ඇගීමෙන් නොපිරිහේද මෙසේ කටයුතු මෙසේ නිපදවියයුතු ඇඳපුටු ආදිය පිණිස මෙහි ඵාතිකර්‍මය, සමවූ හෝ අධිකවූ හෝ අගනා ඇඳපුටු ආදි සෙනසුනම වටියි.
“චක්කලිකං” කම්බිලි ආදියෙන් වෙළා කළ චක්‍රාකාරවූ පාපිස්නය. “අල්ලෙහි පාදෙහි” යම් පාදයකින් පෑගුන තැන දිය පෙනේද මෙබඳු පාදයන්ගෙන් පිරිබඩ කළ කලු පැහැති බිම හෝ සෙනසුන හෝ නොපෑගිය යුතුය. දියතෙත පමණක් පෙනේද දියනොපැනේ නම් වටියි. පාපිස්න වනාහි තෙත්පයින්ද පෑගීම වරද නොවේ. උපාහන සහිතවූවහු විසින් දෝනාලද පයින් පෑගු තැනම නොවටියි.
“චොළකෙන පළිවෙඨෙතුං” සුණුපිරියම් කළ බිමෙහි හෝ පිරිබඩ කළ බිමෙහි හෝ නටුවක් හෝ කළාලක් හෝ නැත්තේ නම් රෙදිකඩකින් පාවෙළිය යුතුය. ඒ රෙදිකඩක් නැති කල්හි පර්‍ණයක් නමුදු ඇතිරීම වටනේය. කිසිවක් නොඅතුරා පාතබන මහණහුට දුක්කටය වේ. ඉදින් එහි නෙවාසිකයෝ යම්කිසිවක් නොඅතුරණලද බිමෙහි පාතබත්ද නොසේදූ පයින්ද වලඤ්ජනය කෙරෙත්ද, ආවාසික භික්‍ෂූන් විසින් පරිභොග කළ ව්‍යවහාරය සේ සෙසු මහණුන් විසින්ද එසේම වලඤ්ජනය කිරීම වටියි.
“න භික්‍ඛවෙ පරිකම්මකතා භිත්ති” සුදු බිත්තියක් හෝ සිතියම් කළ බිත්තියක් හෝ හුදෙක් බිත්තියම නොවේ. දොරද පිරියම් කළ නොකළ ජනේලයද හේත්තු පුවරුකඩද ගල්ටැඹද රුක්ටැඹද සිවුරකින් හෝ කිසිවකින් හෝ නොවසා හේත්තුවන්නට නොලබාමය.
“ධොතපාදකා” දෝනාලද පා ඇත්තෝව දෝනාලද පයින් පෑගියයුතු තන්හි නිදන්නට කුකුස් කෙරෙත්. “ධොතපාදකෙ” යනුද පාඨයි. දෝනාලද පාදයෙන් පෑගිය යුතු තැනටම මේ නමෙකි. “පච්චත්‍ථරිත්‍වා” පිරිබඩ කළ බිම හෝ බුමුතුරුණු ඇති සෙනසුන හෝ සඟසතු ඇඳපුටු හෝ තමන් සතු පසතරණකින් අතුරාම නිදියයුතුය. පසතරණය හැකුළුනු කල්හි නිදන්නහුගේ කිසි ශරීරාවයවයක් ඇඳ හෝ පුටුව හෝ පහසාද දුක්කටාපත්තිමය. ලොම්වලින් පහසන කල්හි ලොම් ගණනින් ඇවැත්මය. පරිභොග ශීර්‍ෂයෙන් හේත්තුවන මහණහුටද මෙම නයවේ. අත්තලපාතලින් පැහැසීමද, පෑගීමද වටියි. ඇඳපුටු බැහැරට ගෙණයන මහණහුගේ සිරුරෙහි වදීද ඇවැත් නොවේ.
සඞ්ඝභත්තාදිඅනුජානනකථා
“න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං” සියලු සඞ්ඝයාට බත් සපයන්නට නොහැකිවෙත්. “ඉච්ඡන්ති උද්දෙසභත්තං” යනාදිතන්හි එක් මහණකු හෝ මහණුන් දෙදෙනකු හෝ -පෙ- මහණුන් දසනමක් හෝ භික්‍ෂු සඞ්ඝයා වෙතින් උදෙසා දෙනු මැනැවැ’යි මෙසේ උදෙසීමෙන් ලත් මහණුන්ට බත් සපයන්නට කැමැති වෙති. අන්කෙනෙක් එසේම මහණුන් පිරිසිඳ ගෙණ නිමන්ත්‍රණයකොට ඒ මහණුන්ට බත් සපයන්නට කැමැතිවෙත්. අන්කෙනෙක් සලාක සිඳද, අන්කෙනෙක් පක්‍ෂයෙහි දියයුතු බත, පොහෝදිනයෙහි දියයුතුබත, පෑළවිය දිනයෙහි දියයුතු බතැයි මෙසේ නියමකොට එක් මහණක්හට හෝ මහණුන් දෙනමකට හෝ -පෙ- මහණුන් දසනමකට හෝ බත් සපයන්නට කැමැති වෙත්. මෙසේ මේ බත් “උද්දෙසභත්ත, නිමන්තණභත්ත” යන ව්‍යවහාරයට පැමිණියහ. යම්හෙයකින් ඒ මනුෂ්‍යයෝ දුර්භක්‍ෂයෙහි බත් සපයන්නට නොහැකිවෙත්ද, සුභික්‍ෂකාලයෙහි වනාහි නැවත සඟබත් සපයන්නට හැකි වෙත්ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ බත ඇතුළත්කොට “අනුජානාමි භික්‍ඛවෙ සඞ්ඝභත්තං උද්දෙසභත්තං” යනාදිය වදාළ සේක.
ඒ බත් අතුරෙහි සඟබතෙහි ඨිතිකාවක් නම් නැත්තීය. එහෙයින් ‘අපට අද දස දොළොස් දවස් අනුභව කරන්නවුන්ට දැන් අන් තැනකින් මහණුන් ගෙණෙවු’යි. එහි මෙසේ නොකියයුතුය. ‘පළමු දිනයන්හි අප විසින් නොලද්දේය දැන් එය අපට ගන්වාලවු’යි මෙසේද කියන්නට නොලබන්නේය. ඒ වනාහි ආ ආ වුන්ට පැමිණේමය.