අවිස්සජ්ජියවත්ථුකථා
“පඤ්චිමානි” රාශිවශයෙන් පසෙක් වේ. ස්වාභාව වශයෙන් මේ ගරුභාණ්ඩයෝ බොහෝ වෙත්. එහි ආරම නම් පුෂ්පාරාමයෙක් ඵලාරාමයෙක් හෝය. ආරාමවස්තු නම් ඒ ආරාමයන්ම පිණිස පිරිසිඳ තැබූ අවකාශයයි. ඒ ආරාම නැසීගිය කල්හි හෝ ඒ ආරාමයන්ගේ පුරාණභූමිභාගයය. විහාර නම් යම්කිසි ප්රාසාදාදී සෙනසුනය. විහාරවස්තු නම් ඒ සෙනසුන පිහිටන අවකාශයය. මඤ්ච නම් පා සිදුරෙන් ඇඳවත ඇතුල්කොට කළ ඇඳ, පා හා එකට බැඳි ඇඳවත ඇති ඇඳ, කකුළු පා සටහන් පාඇති ඇඳ, ඇඳවත සිදුරෙහි පා ඇතුල් කොට කළ ඇඳ’යි පෙර කියූ ඇඳන් සතර අතුරෙහි එක්තරා එකෙක්ය. පීඨ නම් මසාරකාදීවූ සිවුවැදෑරුම් පුටු අතුරෙහි එක්තරා එකෙක්ය. භිසි නම් උණ්ණාභිසි ආදීවූ පස්වැදෑරුම් බිසි අතුරෙහි එක්තරා එකෙක්ය. බිම්බොහන නම් කියූ අයුරු ඇති බිම්බොහන අතුරෙහි එක්තරා එකෙක්ය. ලොහකුම්හි නම් කලු ලෝහයෙන් හෝ තඹ ලෝහයෙන් හෝ යන යම්කිසි ලෝහයකින් කළ සැළිය. ලෝහයෙන්ම කළ බොහෝ දිය ගන්නා සැළි ආදීන් අතුරෙහිද මේ නයම වේ. මෙහි වනාහි භාණකයි. බොහෝදිය ගන්නා සැලකියනු ලැබේ. “වාරකො” කළයයි. “කටාහං” කටාහමය. වෑ ආදීන් අතුරෙහිද වැල් ආදීන් අතුරෙහිද දැනගත නොහැක්කක්නම් නැත්තේය. මෙසේ:
ප්රථමද්විතීයගරුභාණ්ඩ කොටස් දෙකෙකින් යුක්තය. තෘතීය ගරුභාණ්ඩය සිවුකොටසකින් යුක්තය. සිවුවන ගරුභාණ්ඩය නව කොටසකින් යුක්තය. පස්වන ගරුභාණ්ඩ අටකොටසකින් යුක්තය.
මෙසේ පස් රැසකින් යුක්තවූ පස්විසි ආකාර වූ ගරුභාණ්ඩය, මාංශ දිව්ය ධර්ම බුද්ධ සමන්තචක්ෂුස් වශයෙන් නිර්මල වූ පසැස් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
එහි මේ විනිශ්චය කථාය. මේ සියලු ගරුභාණ්ඩයම මෙහි විසර්ජනය නොකට යුත්තේය. කීටාගිරි වස්තුවෙහි නොබෙදියයුතුයයි කියනලදී. පරිවාරයෙහි -
‘මහාර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් විසර්ජනය නොකටයුතු වූ නොබෙදියයුතු වූ පස් කොටසක් වදාරණ ලද්දේය. විසඳන මහණහුට පරිභොග කරණ මහණහුට ඇවැත් නොවේ. මේ ප්රශ්නය දක්ෂයන් විසින් සිතන ලද්දේය’යි
ආයේය. එහෙයින් මූලච්ඡෙද්ය වශයෙන් නොවිසඳිය යුතුය. නොබෙදිය යුත්තේද වේ. පරිවර්තන වශයෙන් වනාහි විසර්ජනය කරන මහණහුටද පරිභොග කරන මහණහුටද අනාපත්තියි මෙසේ මෙහි අදහස දතයුතුය.
එහි මේ පිළිවෙළකථාය:- මේ පස්වැදෑරුම්වූද ගරුභාණ්ඩය චීවර පිණ්ඩපාත භෙසජ්ජ පිණිස එළවීම නොවටියි. ස්ථාවර වස්තුවකින් ස්ථාවරවස්තුවක්ද ගරුභාණ්ඩයෙන් ගරුභාණ්ඩයද පරිවර්තනයෙහි වරදෙක් නැත්තේය. ස්ථාවරවස්තුවෙහි වනාහි ඛෙත්ත-වත්ථු-තටාක-මාතිකා යන මෙබන්දක් භික්ෂු සඞ්ඝයාහට විචාරීමද පිළිගැණීමද ඉවසීමද නොකට හැකිය. කැපකරුවන් විසින්ම විචාරණලද දෙයින් කැපබඩු වටනේය. ආරාමයකින් ආරාමයක් ආරාමවස්තුවක් විහාරයක් විහාරවස්තුවක් යන මේ සතර පරිවර්තනය කරන්නට හැක්කේය.
එහි මේ පරිවර්තනයයි:- සඞ්ඝයාගේ පොල් අරමෙක් දුරවූයේ වේ. කැපකරුවෝද ඉතා වැඩියක් කන්නාහ. යමක් නොකත්ද, එයින් ගැල්වැටුප්ද දී ටිකක්ම ගෙණ එත්. ඒ ආරාමයට නොදුරෙහි අන්යවූ ග්රාමවාසී මනුෂ්යයන්ගේ විහාරය සමීපයෙහි ආරාමයක් වේ. ඒ මිනිස්සු සඞ්ඝයා වෙත එළැඹැ ස්වකීය ආරාමයෙන් ඒ ආරාමය ඉල්ලා සිටිති. එකල්හි සඞ්ඝයා විසින් “සඞ්ඝයාට රුස්නේය’යි අපලොකනයකොට පිළිගත යුතුය. මහණුන්ට අයත් රුක් දහසෙක් වේ නම්, මිනිසුන්ට අයත් පන්සියයෙක් වේනම, තොපගේ ආරාමය කුඩායයි, නොකියයුතුය. කිසිලෙසකින් මේ ආරාමය කුඩා වූයේද, තවද අනික් ආරාමයට වඩා ඉතා වැඩි ආදායමක්දේද, සම අයක්මදේද, මෙසේ ඇති කල්හිද කැමති කැමැති කෙණෙහි පරිභොග කරන්නට හැකියයි ගතයුතුමය. ඉදින් මිනිසුන් අයත් රුක් ඉතා බොහෝවේ නම් ‘තොපගේ රුක් බොහෝ නොවේදැ’යි කියයුතුය. ඉදින් ‘අතිරෙකය අපට පින්පිණිස වේවා, සඞ්ඝයාට දෙමු’යි කියත්නම් සඞ්ඝයාට දන්වා පිළිගත යුතුය. මහණුන්ගේ වෘක්ෂයෝ ඵල දරන්නාහු නමුත් මිනිසුන්ගේ වෘක්ෂයෝ ඒතාක් ඵල නොගණිත්ද කිසි ලෙසකිනුත් ඵල නොගණිත්ද වැඩිදවසක් නොයවා ඵල ගන්නාහයි පිළිගත යුතුමය. මිනිසුන්ගේ වෘක්ෂයෝ ඵලදරන්නාහු නමුත් මහණුන් අයත් වෘක්ෂයෝ ඒතාක් ඵල නොගණිත්ද, ‘තොපගේ වෘක්ෂයෝ ඵල දරන්නෝ නොවෙත්දැයි කියයුතුය. ‘ස්වාමීනි’, ගණු මැනැව, අපට පින් වන්නේය’යි දෙත්නම් සඞ්ඝයාට දන්වා පිළිගත යුතුය. මෙසේ ආරාමයෙන් ආරාමය පරිවර්තනය කටයුතුය. මේ නයින්ම ආරාමවස්තුවද, විහාරයද විහාරවස්තුවද ආරාමයකින් පරිවර්තනය කටයුතුය. මහත්වූ හෝ කුඩාවූ හෝ ආරාම වස්තුවකින් ආරාමය ආරාමවස්තුව විහාරය විහාරවස්තුව පරිවර්තනය කටයුතුය.
විහාරයකින් විහාරයක් කෙසේ පරිවර්තනය කටයුත්තේද, යත්: ඇතුළුගමෙහි සඞ්ඝයාට අයත් ගෘහයක්වේද, මිනිසුන්ට අයත් ප්රාසාදයක් විහාරමද්ධ්යයෙහි වේද, ගෙය හා පහය යන දෙකම අගයකරණකොට සමවේද, ඉදින් මිනිස්සු ඒ පහයෙන් ඒ ගෙය ඉල්ලත්ද, ඒ ඉල්ලීම පිළිගැනීම වටියි. මහණුන්ට අයත් ඉතා මාහැඟි ගෙයක් වේනම්, ‘අපගේ ගෙය ඉතා මාහැගියයි කියූ කල්හිද කිසි ලෙසකින් ඉතා මාහැගිගෙය පැවිද්දන්ට සරුප්නොවේ. පැවිද්දන්ට එහි වසන්නට නොහැක්කේය. මේ පහස සරුප්ය ගණු මැනැවැ’යි කියත්ද, මෙසේ ඇති කල්හිද පිළිගැණීම වටියි. මිනිසුන්ගේ ගෙය මාහැගිවේනම්, ‘තොපගේ ගෙය මාහැගි නොවේදැ’යි කියයුතුය. ‘ස්වාමීනි’, වේවා, අපට පින්වන්නේය, ගණු මැනැවැයි කියූ කල්හි පිළිගත යුතුය. මෙසේ විහාරයෙන් විහාරය පරිවර්තනය කටයුතුය. මේ නයින්ම විහාරවස්තුවද ආරාමයද ආරාමවස්තුවද විහාරයකින් පරිවර්තනය කටයුතුය. මේ නයින්ම විහාරවස්තුවද ආරාමයද ආරාමවස්තුවද විහාරයකින් පරිවර්තනය කටයුතුය. මාහැඟි වූ හෝ මදක් අගනාවු හෝ විහාරවස්තුවකින්ද විහාරය විහාරවස්තුව ආරාමය ආරාමවස්තුව යන මොවුහු පරිවර්තනය කටයුතුය. මෙසේ වනාහි ස්ථාවරදෙයකින් ස්ථාවර දෙයක් පරිවර්තනය කිරීම දතයුතුය.