විහාරානුජානනකථා
සෙනාසනක්‍ඛන්‍ධකයෙහි - “අප්පඤ්ඤත්තං හොති” ඒ කාලයෙහි විහාර සෙනසුන නොඅනුදන්නා ලද්දේ වේ. “විහාර” නම් අදර්‍ධයොගාදියෙන් මුක්ත වූ සෙසු ආවාසයයි. “අඩ්ඪයොගො” ගුරුළුපියාපත් ලෙසින් කළවහල ඇති ගෙය “පාසාදො” දිග්පහය “හම්මියං” ඉතා උස්වූ මුදුන් වහල සහිත ප්‍රාසාදය කුළුගෙය පහයමය. “ගුහා” ගඩොලින් කළ ගුහාය, ගලින් කළ ගුහාය, දැවයෙන් කළ ගුහාය, පසින් කළ ගුහාය. “ආගතානාගතස්ස චාතුද්දිසස්ස සඞ්ඝස්ස” ආවාවූද නොආවාවූද සිවුදිසා වැසි සඞ්ඝයා උදෙසා,
අනුමොදනාගාථාවන්හි “සීතං උණ්හං” යනු සෘතුවිසභාග වශයෙන් වදාරණලදී. “සිසිරෙ චාපි වුට්ඨියො” යන මෙහි “සිසිරො” පොද බිඳු සහිත වාතය තෙමේ කියනු ලැබේ. “වුට්ඨියො” සෘජුවූ මෙඝ වර්‍ෂාමය. මේ සියල්ල “පටිහන්ති” යන මේ පදය හා ම යෙදියයුතුය.
“පටිහඤ්ඤති” විහාරය හෙතුකොට නැසේ. “ලෙණත්‍ථං” සැඟවී සිටීම පිණිස. “සුඛත්‍ථං” ශීතාදි උපද්‍රවරහිත බැවින් සැප විහරණය පිණිස “ඣායිතුඤ්ච විපස්සිතුං” මේ දෙපදය ද “සුඛත්‍ථඤ්ච” යන මේ පදය හා යෙදියයුතුය. විහාරදානය සැප පිණිසද පවතීයයි මේ වදාරණ ලද්දේ වේ. කවර සැපයක් පිණිසද, යත්:- ධ්‍යාන වඩන්නටද විදර්‍ශනා වඩන්නටද, යම් සැපයෙක්වේද, ඒ පිණිසය. තවද පරපදය සමගත් යෙදිය යුතුය. විහාරදානය ධ්‍යාන වඩන්නටද විදර්‍ශනා වඩන්නටද යන දෙකරුණ පිණිස පවත්නේය. මෙහි ධ්‍යාන වඩන්නාහ. විදර්‍ශනා වඩන්නාහ’යි සඞ්ඝයාහට දෙන්නහුගේ විහාරදානය බුදුරජාණන් වහන්සේ විසින් අග්‍රයයි වර්‍ණනා කරණ ලද්දේය. “සො ච සබ්බදදො හොති යො දදාති උපස්සයං”යි මෙය වදාරණ ලද්දේය.
යම් හෙයකින් අග්‍රයයි වදාරණ ලද්දේ ද “තස්මා හි පණ්ඩිතො පොසො” යන ගාථාව එහිලාද වදාරණ ලදය. “වාසයෙත්‍ථ බහුස්සුතෙ” යන මෙහි විහාරයෙහි පර්‍ය්‍යාප්ති බහුශ්‍රැතයන්ද ප්‍රතිවෙධ බහුශ්‍රැතයන්ද වාසය කරවන්නේය. “තෙසං අන්නංච” ඒ බහුශ්‍රැතයන්ට සුදුසුවූ ආහාරද පැන්ද වස්ත්‍රයන්ද ඇඳපුටු ආදි සෙනසුන්ද යන යමක්වේද, ඒ සියල්ල ඒ සෘජුවූ අකුටිලසිත් ඇත්තාවූ ඔවුන් කෙරෙහි “දදෙය්‍ය” පිහිටුවන්නේය. භෙදවනාහි විශේෂයෙන් ප්‍රසන්න සිතින් චිත්තප්‍රසාදය වළකානොවේ. මෙසේ වෙසෙසින් පහන් සිත් ඇත්තහුටමය. ඒ බහුශ්‍රැතයෝ ඒ විහාරදායකයාහට දහම් දෙසත් -පෙ- ආස්‍රවරහිතවූයේ පිරිනි වේ.
“ආවිඤ්ජනච්ඡිද්දං ආවිඤ්ජනරජ්ජුං” මෙහි කවුළුව පැහැසීමට අනුදත් රැහන නම් දිවි නගුටෙන් කරණලද්දීනම් වටීමය. වෙනකිසි රැහනක් නොවටී “තීහි තාළානි” අනුදත් යතුරුමුදු තුනය. “යන්තකං සූචිකං” මෙහි දොර අගුල ලෑම පිණිස යමක් යමක් දනීද, ඒ ඒ යන්ත්‍රයද, ඒ දොර අරින කූරද කිරීම වටියි. “වෙදිකාවාතපාන” නම් සෑයෙහි පිල සමානවූ “ජාලවාතපාන” නම් දැලක් සමානව බැඳි වාතපානය. “සලාකවාතපාන” නම් ටැම්තබා සෑදු වාතපානය “වක්කලිකං” මෙහි වස්ත්‍රයෙන් කළ පාපිස්නක් බඳින්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි. “වාතපාන භිසි” ජනෙල් කවුළුව පමණින් බිස්සක්කොට බඳින්නට අනුදනිමි, යන අර්‍ත්‍ථයි. “මීඪං” මැස්සක ආකාරයෙන් දැවමැටි ආදියෙන් කළ පිලක ආකාර මීඪය. “විදලමඤ්චං” වේවැල් ඇඳ. හුණබටින් හෝ විසූ ඇඳ.
“ආසන්‍දිකො” සිවුරැස් පුටුව කියනු ලැබේ. “උච්චකම්පි ආසන්‍දිකං”යි වදාළ වචනයෙන් එක් පසකින් දිග් පුටුවම අටඟුල් පා ඇත්තේ නොවටියි. සිවුරැස් ආසන්‍දිය වනාහි පමණ ඉකුත් වූයේත් වටීයයි දතයුතුය. “සත්තඞ්ග” නම් තුන් පසෙක හේත්තු ඇඳි තුනක් යොදා කළ ඇඳ මේ ඇඳක් පමණ ඉක්මවූයේද, වටියි. “භද්දපීඨං” වේවැලින් කළ පුටුව කියනු ලැබේ. “පීඨිකා” රෙදිකැබලි බැඳි පුටුවමය. “ඵලකපාදපීඨ” නම් දැවවැටිය මත්තෙහි පාතබා භොජනඵලකයක් මෙන් කළ පුටුමය. “ආමලක වට්ටිකපීඨ” නම් ඇඹුලුපල ආකාරයෙන් යෙදූ බොහෝ පා ඇති පුටුවය. මොවුහු වනාහි පෙළෙහි ආපුටුය. දැවයෙන් කළ සියලුම පුටු වටීය යනු මෙහි මේ විනිශ්චයයි. “කොච්ඡං” සුවඳ හොටින් කරණ ලද්දේ හෝ මුදුතණ බබුස්තණයෙන් කරණ ලද්දේ හෝ අටඟුල් පරමකොට ඇත්තේ වටියි.