සතිවිනයකථා
“පඤ්චිමානි භික්ඛවෙ ධම්මිකානි සතිවිනයස්ස දානානි” මෙහි පිරිසිදුවූ ඇවැත් රහිතයක්හට සතිවිනය දීම එක් අඞ්ගයෙක, චොදනා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, යාඥා කරණලද්දහුට දීම එක් අඞ්ගයෙක, ධර්මයෙන් සමගිව දීම එක් අඞ්ගයෙකැයි මෙසේ අඞ්ග පසෙකි. මේ අඞ්ගපස වනාහි එක් එක් අඞ්ගයක්හුගේ වසයෙන් නොලබත්. එහෙයින් මෙය දෙශනා මාත්රයකි. පඤ්චාඞ්ගයෙන් යුක්ත වූ සතිවිනයදීම ධාර්මිකය යනු මෙහි මේ අර්ත්ථයයි. එහිද “අනුවදන්ති” චෝදනා කරති. සෙස්ස ප්රකටමය. මේ සතිවිනය වනාහි ක්ෂීණාස්රවයාහටම දියයුතුය. අනිකක්හට නොදිය යුතුය. යටත් පිරිසෙයින් අනාගාමියක්හටද නොදිය යුතුය. හෙද වනාහි අනිකකු විසින් චොදනා කරණු ලබන්නක්හටම දිය යුත්තේය. චෝදනා නොකරණු ලබන්නක්හට නොදිය යුතුය. චෝදනා නොකරණු ලබන්නක්හට දුන් කල්හි එහි චොදකයාගේ කථාව නොනගියි. චොදනා කරන්නේද ‘මේ ක්ෂීණාස්රවතෙමේ සනිවිනය ලද්දේය. කවරෙක් තාගේ කථාව ගන්නේදැ’යි පහකටයුතු බවට පැමිණේ.
අමූළ්හවිනයකථා
“භාසිතපරිකන්තං” වචනයෙන් කියන ලද්දේය. කයින් කරණ ලද්දේය. නැවතී කරණ ලදය, යන අර්ත්ථයි. “සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා” මෙහි ආයුෂ්මත් තෙමේ සිහිකෙරේද, යනු එහි අර්ත්ථයි.
යෙභුය්යසිකාකථා
“යෙභුය්යසිකාය වූපසමෙතුං” මෙහි යම් ක්රියාවක ධර්මවාදීහු ඉතා බොහෝ වෙත්ද, මෝතොමෝ යෙභුය්යසිකා නම.
නොදැහැමි ලහ ගැන්වීම් අතුරෙහි “ඔරමත්තකං” ස්වල්පමාත්ර අල්පමාත්ර ඩබර කිරීම් පමණක්ම. “න ච ගතිගතං” දෙතුන් ආවාසයක් කරා නොපැමිණි එහිම හෝ දෙතුන් වරක් විනිශ්චය නොකරණලද. “න ච සරිතසාරිතං” දෙතුන්වරක් ඒ භික්ෂූන් විසින් තමන් සිහිකරණ ලද්දේ හෝ අනුන් විසින් සිහිකරවන ලද්දේ හෝ නොවේ. “ජානාති” ලහ ගන්වන්නේ ‘අධර්මවාදීහු බහුතරහ’යි දනීද හේය. “අප්පෙවනාම” මේ ක්රමයෙන් ලහ ගන්වනු ලබන කල්හි ‘අධර්මවාදීහු බහුතර වන්නාහු නම් මැනැවැ’යි මොහුගේ මේ අදහසෙක් වේ. “ජානාති සඞ්ඝො” යනාදි අන්දෙතන්හිද මෙම නයවේ.
“අධම්මෙන ගණ්හන්ති” අධර්මවාදීහු “මෙසේ අපි බොහෝ වන්නෙමු’යි ලහ දෙක දෙක ගණිත්. “වග්ගා ගණහන්ති” ධර්මවාදීහු දෙදෙනෙක් එක් ධර්මවාදීසලාකයක් ගණිත්. මෙසේ ධර්මවාදීහු බොහෝ නොවන්නාහයි හඟින්නාහුද ඔවුහුය. “න ච යථා දිට්ඨියා ගණ්හන්ති” ධර්මවාදීව බලවත් පක්ෂයක් භජනය කරන්නෙමු’යි අධර්මවාදී සලාකයක් ගණිත්. දැහැමිලහ ගැන්වීම්හි මේ අර්ත්ථය පෙරළා දතයුතුය. මෙසේ ලහගන්වා ධර්මවාදීහු බහුතර වෙත්නම් ඔවුහු යම්සේ කියත්නම් මෙසේ ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. මෙසේ වූ කල්හි යෙභුය්යසිකාවෙන් සන්සිඳුනේ වේ. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි ඉදිරියෙහිද එන්නේය.
තස්සපාපියසිකාකථා
“අසූචි” අපවිත්ර කාය වාක්කර්මයෙන් යුක්තවූයේද, “අලජ්ජී” දැන ඇවතට පැමිණීම් ආදීවූ අලජ්ජි ලක්ෂණයෙන් යුක්තවූයේ වේද, “සානුවාදො” උපවාද සහිතවූයේ වේද මෙසේ මේ ත්රිවිධ අඞ්ගයන්ගේ වසයෙන් කිරීම් තුනය සඞ්ඝයා විසින් කිරීමය. ධර්මයෙන් සමග්රවීමෙන් කිරීමය යන මේ දෙකැයි යන පස තස්ස පාපිය්යසිකාකර්මයට කරුණ නම් වෙත්. මෙහි සෙස්ස තර්ජනීය කර්මාදීන්හි කියූනයමය. මේ වනාහි මෙහි වචනාර්ත්ථයයි. මේ කර්මය වනාහි පව් බලවත් බැවින් යම් පවිටු පුද්ගලයෙක්වේද, ඔහුට කටයුතු බැවින් “තස්ස පාපිය්යසිකාකර්මය”යි කියනු ලැබේ.