අමූළ්හවිනයකථා
“භාසිතපරිකන්තං” වචනයෙන් කියන ලද්දේය. කයින් කරණ ලද්දේය. නැවතී කරණ ලදය, යන අර්ත්ථයි. “සරතායස්මා එවරූපිං ආපත්තිං ආපජ්ජිතා” මෙහි ආයුෂ්මත් තෙමේ සිහිකෙරේද, යනු එහි අර්ත්ථයි.
යෙභුය්යසිකාකථා
“යෙභුය්යසිකාය වූපසමෙතුං” මෙහි යම් ක්රියාවක ධර්මවාදීහු ඉතා බොහෝ වෙත්ද, මෝතොමෝ යෙභුය්යසිකා නම.
නොදැහැමි ලහ ගැන්වීම් අතුරෙහි “ඔරමත්තකං” ස්වල්පමාත්ර අල්පමාත්ර ඩබර කිරීම් පමණක්ම. “න ච ගතිගතං” දෙතුන් ආවාසයක් කරා නොපැමිණි එහිම හෝ දෙතුන් වරක් විනිශ්චය නොකරණලද. “න ච සරිතසාරිතං” දෙතුන්වරක් ඒ භික්ෂූන් විසින් තමන් සිහිකරණ ලද්දේ හෝ අනුන් විසින් සිහිකරවන ලද්දේ හෝ නොවේ. “ජානාති” ලහ ගන්වන්නේ ‘අධර්මවාදීහු බහුතරහ’යි දනීද හේය. “අප්පෙවනාම” මේ ක්රමයෙන් ලහ ගන්වනු ලබන කල්හි ‘අධර්මවාදීහු බහුතර වන්නාහු නම් මැනැවැ’යි මොහුගේ මේ අදහසෙක් වේ. “ජානාති සඞ්ඝො” යනාදි අන්දෙතන්හිද මෙම නයවේ.
“අධම්මෙන ගණ්හන්ති” අධර්මවාදීහු “මෙසේ අපි බොහෝ වන්නෙමු’යි ලහ දෙක දෙක ගණිත්. “වග්ගා ගණහන්ති” ධර්මවාදීහු දෙදෙනෙක් එක් ධර්මවාදීසලාකයක් ගණිත්. මෙසේ ධර්මවාදීහු බොහෝ නොවන්නාහයි හඟින්නාහුද ඔවුහුය. “න ච යථා දිට්ඨියා ගණ්හන්ති” ධර්මවාදීව බලවත් පක්ෂයක් භජනය කරන්නෙමු’යි අධර්මවාදී සලාකයක් ගණිත්. දැහැමිලහ ගැන්වීම්හි මේ අර්ත්ථය පෙරළා දතයුතුය. මෙසේ ලහගන්වා ධර්මවාදීහු බහුතර වෙත්නම් ඔවුහු යම්සේ කියත්නම් මෙසේ ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. මෙසේ වූ කල්හි යෙභුය්යසිකාවෙන් සන්සිඳුනේ වේ. මේ මෙහි සඞ්ක්ෂෙපයයි. විස්තරය වනාහි ඉදිරියෙහිද එන්නේය.
තස්සපාපියසිකාකථා
“අසූචි” අපවිත්ර කාය වාක්කර්මයෙන් යුක්තවූයේද, “අලජ්ජී” දැන ඇවතට පැමිණීම් ආදීවූ අලජ්ජි ලක්ෂණයෙන් යුක්තවූයේ වේද, “සානුවාදො” උපවාද සහිතවූයේ වේද මෙසේ මේ ත්රිවිධ අඞ්ගයන්ගේ වසයෙන් කිරීම් තුනය සඞ්ඝයා විසින් කිරීමය. ධර්මයෙන් සමග්රවීමෙන් කිරීමය යන මේ දෙකැයි යන පස තස්ස පාපිය්යසිකාකර්මයට කරුණ නම් වෙත්. මෙහි සෙස්ස තර්ජනීය කර්මාදීන්හි කියූනයමය. මේ වනාහි මෙහි වචනාර්ත්ථයයි. මේ කර්මය වනාහි පව් බලවත් බැවින් යම් පවිටු පුද්ගලයෙක්වේද, ඔහුට කටයුතු බැවින් “තස්ස පාපිය්යසිකාකර්මය”යි කියනු ලැබේ.
තිණවත්ථාරකාදිකථා
“කක්ඛළත්තාය වාළත්තාය” කර්කශභාවය පිණිසද ව්යාලභාවය පිණිසද “භෙදාය” සඞ්ඝභෙදය පිණිස “සබ්බහෙව එකජ්ඣං” කිසිවක්හුගේ ඡන්දය නොගෙණ ගිලනුන්ද එහිම ගෙණ අවුත් එකට රැස්විය යුතුය. “තිණවත්ථාරකෙන වූපසමෙය්ය” මෙහි මේ කර්මය තිණවත්ථාරකයක් සමාන බැවින් තිණවත්ථාරකැයි වදාරණ ලදී. යම්සේ ගූථය හෝ මූත්රය හෝ ගටනු ලබන්නේ දුගද බැවින් පෙළාද, එපරිද්දෙන්ම යම් අධිකරණයක් මූලානුමූලයට ගොස් සන්සිඳුවනු ලබන්නේ කර්කශභාවය පිණිස ව්යාලභාවය පිණිස සඞ්ඝභෙදය පිණිස පවතීද, ඒ අධිකරණය මේ කර්මයෙන් සන්සිඳුනේ ගූථයක් මෙන් පිළිසන්වූයේ සන්සිඳුනේ වේය’යි මේ කර්මය තිණවත්ථාරකයක් සමාන බැවින් තිණවත්ථාරකැයි වදාරණ ලදී.
“ථුල්ලවජ්ජං” පාරාජිකාපත්තියද, සඞ්ඝාදිසෙසාපත්තියද. “ගිහීපටි සංයුත්තං” ගිහින්ට ලාමකබැවින් කුලමලකීම, ගැරහීම, දැහැමි යමක් පැවැත්ම යන මොවුන් අතුරෙහි පැමිණි ඇවැත.
“එවඤ්ච පන භික්ඛවෙ තෙ භික්ඛූ තාහි ආපත්තීහි වුට්ඨිතා හොන්ති” මෙසේ තිණවත්ථාරක කර්මවාක්යය කළකල්හි කර්මවාක්යයාගේ කෙළවර යම් පමණ භික්ෂූහු එහි රැස්වූවාහුද යටත්පිරිසෙයින් නිදිගත්තාහුද ඒ ඒ ක්රියාවන්ට පැමිණියාහුද, අන්යවිහිත වූවාහුද ඒ සියලු භික්ෂූහු උපසම්පදා මාළකයෙහි පටන් ථුල්ලවජ්ජ ගිහි පටිසංයුත්තද හැර සෙසු ආපත්තීන්ට පැමිණියාහුද ඒ සියලු ඇවැතින් නැගීසිටියාහු වෙත්. යම් කෙනෙක් ‘මට මෙය නොරුස්නේය’යි ඔවුනොවුන් දෘෂ්ටි ප්රකාශය කෙරෙත්ද, නොහොත් ඔවුන් සමග ඇවතට පැමිණද එහි නොආවාහුද අවුත් ඡන්දය දී පිරිවෙන් ආදියෙහි හුන්නහු හෝ වෙත්ද, ඔවුහු ඇවතින් නොනැගිටිත්. එහෙයින් “ඨපෙත්වා දිට්ඨාවිකම්මං ඨපෙත්වා යෙ න තත්ථ හොන්ති” යනු වදාරණ ලදී.
අධිකරණකථා
“භික්ඛුණිනං අනුපඛජ්ජ” භික්ෂුණීන්ගේ අභ්යන්තරයට වැද විවාදාධිකරණාදීන්ගේ වචනාර්ත්ථය දුට්ඨදොස වර්ණනාවෙහි කියන ලද්දේමය. “විපච්චතාය වොහාරො” සිත්හි දුක් පිණිස ව්යවහාරය. පරුෂ වචනය යන අර්ත්ථයි. “යො තත්ථ අනුවාදො” ඔවුන් චෝදනා කරණකල්හි යම් දොෂාරෝපණයක් වේද, “අනුවදනා” යන මෙය කියූ විපත් අතරෙහි එක්තරා එකකින් චෝදනා කරන ආකාරය දැක්වීමය. සමීපව කීමම යන අර්ත්ථයි. “අනුල්ලපනා අනුභණනා” යන පද දෙක චොදනාකරය පිළිබඳ වෙවචන මාත්රයෙක්මය. “අනුසම්පවංකතා” නැවැත නැවැත කායවාචාචිත්තයෙන් එහිම තදින් නැමුනු බවය. අවනතභාවය යන අර්ත්ථයි. “අබ්භුස්සහනතා” කුමක් හෙයින් මෙසේ උපවාද නොකරන්නෙම්දැ’යි උත්සාහකොට චොදනා කිරීමය. “අනුබලප්පදානං” මුල්වචනයට කරුණු දක්වා පසු වචනයෙන් බලය දීමය.