පරිවාසකථා
“තෙනහි භික්ඛවෙ සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා එකාහ පටිච්ඡන්නාය එකාහ පරිවාසං දෙතුං” යනාදිනයෙන් පෙළෙහි නොයෙක් ආකාරයෙන් පරිවාසයද මානත්තයද වදාරණ ලදී. එහෙයින් ඒ මානන්තය පිළිබඳ ආ ආ තන්හි විනිශ්චය කියනු ලබන්නේ පෙළෙහි මෙන් අධික විස්තරයට පැමිණෙන්නේය. සුවසේ පරිග්රහය කරන්නට නොහැක්කේ වේ. එහෙයින් ඒ එක්කොට මෙහිම දක්වන්නෙමු.
මෙහි අදහස් කරන ලද මේ පරිවාසය නම් පටිච්ඡන්නපරිවාස සුද්ධන්තපරිවාස සමොධානපරිවාසයි තෙවැදෑරුම් වේ. එහි පටිච්ඡන්න පරිවාසය වනාහි පිළිසන් ඇවැත් පරිදි දියයුතුය. උදායි තෙරුන්ගේ මේ ඇවත යම්සේද එසේ කිසිවක්හට එක් දවසක් පිළිසන් ඇවැතක් වේ. උදායි තෙරුන්ටම මෙන් පසු භාගයෙහි යම්සේ ආවාහුද එසේ කිසිවක්හට දෙදවසක් එය පිළිසන් වූයේය. මේ ඇවැත මෙන් කිසිවක්හට එක් ඇවැතක් වේ. පසුභාගයෙහි යම්සේ ආවාහුද එසේ කිසිවක්හට දෙකක් තුනක් ඇවැත් හෝ එයින් මත්තෙහි හෝ වෙත්. එහෙයින් පටිච්ඡන්නපරිවාසය දෙන්නහු විසින් පළමුකොට වනාහි පටිච්ඡන්නභාවය දතයුතුය.
මේ ආපත්තිය දස අයුරකින් පිළිසන් වේ. එහි “ආපත්ති ච හොති ආපත්තිසඤ්ඤී ච, පකතත්තො ච හොති, පකතත්තසඤ්ඤී ච, අනත්තරායිකොච හොති, අනන්තරායිකසඤ්ඤී පහූච හොති, පහූසඤ්ඤී ච, ඡාදෙතුකාමො ච හොති, ඡාදෙති ච” යනු මේ මාතිකාය.
එහි “ආපත්ති ච හොති ආපත්තිසඤ්ඤීච” යම් ඇවතකට පැමිණියේද එය ආපත්තියම වේ. හෙතෙමේද එහි ආපත්තිසඤ්ඤීම වේ. මෙසේ දන්නේ වසාද, වසන ලද්දී වේ. තවද එහි මෙතෙමේ අනාපත්ති සඤ්ඤීවේද නොවසන ලද්දී වේ. අනාපත්තිය වනාහි ආපත්ති සංඥාවෙන්ද අනාපත්ති සංඥාවෙන්ද වසන්නහු විසින්ද නොවසන ලද්දීම වේ. ලහුකාපත්තියක් ගරුකයයි හෝ ගරුකාපත්තියක් ලහුකයයි හෝ වසානම් අලජ්ජී පක්ෂයෙහි සිටියි. ඇවැත වනාහි නොවසන ලද්දී වේ. ගරුකාපත්තිය ලහුකයයි හඟිමින් දෙසාද, නොම දෙසන ලද්දී වේ. නොවසන ලද්දී වේ. ගරුකාපත්තිය ගරුකයයි දැන වසානම් වසන ලද්දී වේ. ගරුකලහුකභාවය නොදුනීද, ඇවැත වසමි’යි වසාද, වසන ලද්දීම වේ.
“පකතත්තො” ත්රිවිධ උත්ක්ෂෙපණීය කර්මය නොකළ මහණතෙමේය. හෙතෙමේ පකතත්ත සඤ්ඤීව වසාද වසන ලද්දී වේ. තවද මට සඞ්ඝයා විසින් කර්ම කරණ ලදැයි අපකතත්තසඤ්ඤීව වසාද නොවසන ලද්දී වේ. අපකතත්ත වූ පකතත්තසඤ්ඤීහු විසින් හෝ අපකතත්තසඤ්ඤීහු විසින් හෝ වසන ලද්දී ද නොවසන ලද්දීම වේ.
“ආපජ්ජති ගරුකං සාවසෙසං ඡාදෙති අනාදරියං පටිච්ච
න භික්ඛුණි නො ච ඵුසෙය්ය වජ්ජං පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා”
න භික්ඛුණි නො ච ඵුසෙය්ය වජ්ජං පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා”
ඉතිරියක් සහිත වූ ගරු ඇවැතකට පැමිණෙයි. අනදර නිසා වසයි. (හෙතෙමේ) මෙහෙණක් නොවේ. ඇවැත වැසීමෙන් වරකුත් නොපහසන්නේය. මේ ප්රශ්නය විනයයෙහි දක්ෂයන් විසින් සිතන ලද්දීය’යි මෙය කියන ලද්දේමය.
මේ ප්රශ්නය වනාහි උක්ඛිත්තකයා කරුණු කොට කියනලදී
“අනත්තරායිකො” යමක්හට දශවිධ අන්තරායයන් අතුරෙහි එකෙකුත් නැත්තේද හෙතෙමේ භීරුකස්වභාව ඇති බැවින් අන්ධකාරයෙහි අමනුෂ්යචණ්ඩමෘගභයින් අන්තරායිකසඤ්ඤීව වසාද නොවසන ලද්දීම වේ. පර්වත විහාරයෙහි වසන්නා වූ යමක්හට කඳුරැලියක් හෝ හෙයක් හෝ ඉක්මවා ගොස් ආරොචනය කටයුතුවේද, අතරමගද චණ්ඩව්යාල අමනුෂ්යාදිභය ඇත්තේද මාර්ගයෝ පිඹුරෝ හොවිත්ද, හොය පිරිසිටියාවේද, මේ අන්තරායයක් ඇති කල්හිම අනන්තරායිකසඤ්ඤීව වසාද නොවසන ලද්දීම වේ. අන්තරායික සංඥාවෙන් වසන්නාවූ අන්තරායිකයා විසින් නොවසන ලද්දීම වේ.
“පහූ” මහණක්හු වෙතට යන්නටත් ආරොචනය කරන්නටත් යම් මහණෙක් තෙමේ සමර්ත්ථවේද, හෙතෙමේ පොහොසත්ය යන සංඥා ඇතිව වසාද, වසන ලද්දී වේ. මොහුගේ මුවෙහි ස්වල්පමාත්ර වූ ගන්ධයක් හෝ වේද, හනුවාතයෙක් හෝ විදීද, දතක් හෝ රිදේද, භික්ෂාව හෝ මදව ලැබුනීවේද, එපමණකින් වනාහි නොම කියන්නට නොම යන්නට නොහැක්කේද එහෙත් නොහැක්කෙමි’යි සංඥා ඇත්තේවේද, මෙතෙමේ පොහොසත්ව නොපොහොසත්ය සංඥා ඇත්තේ නම. මොහු විසින් වසන ලද්දීද නොවසන ලද්දී වේ. කියන්නට හෝ යන්නට හෝ නොපොහොසත් වූ අසමත් වූ පොහොසත්ය යන සංඥා ඇත්තහු විසින් හෝ නොපොහොසත්ය යන සංඥා ඇත්තහු විසින් හෝ වසන ලද්දීවේවා, නොවසන ලද්දීම වේ.