පටිච්ඡන්නපරිවාසකථා
දැන් පිළිසන් වූ එක් ඇවැතක්හුගේ වසයෙන් යම් මේ පෙළක් කියන ලදද, එය ප්රකට අර්ත්ථ ඇත්තීමය.
ඉන්පසු දෙදවස, තුන් දවස, පස් දවස පිළිසන් වූ ආපත්තීන්ගේ වසයෙන් පෙළ කියා පස් දවසක් පිළිසන් ඇවැත පිළිබඳ පිරිවෙස පටන් අන්තරාපත්ති තොමෝ දක්වන ලදී. යම්හෙයකින් වනාහි ඒ ඇවැතට පැමිණියේ මූලාය ප්රතිකර්ෂණයට සුදුසු වූයේ නම්වේද, එහෙයින් මොහුට එහි මූලාය ප්රතිකර්ෂණය අනුදන්නා ලද්දේය. ඉදින්වනාහි නික්ෂිප්ත වත් ඇත්තේ ඇවැතට පැමිණේද, මූලාය ප්රතිකර්ෂණයට සුදුසු නොවේ. කුමක් හෙයින යත්:- යම්හෙයකින් හෙතෙමේ පිරිවෙස් නොවසනුයේ පැමිණියේ නම්, ප්රකෘති ආත්මස්ථානයෙහි සිටියේ පැමිණියේද, එහෙයින් ඒ ඇවැතට වෙන්ව මානතෙහි හැසිරිය යුතුය. ඉදින් ඇවැත පිළිසන් වූවාවේද, පිරිවෙස විසිය යුතුය. යම් මේ මූලාය ප්රතිකර්ෂණයක් කියන ලදද, ඒ මූලාය ප්රතිකර්ෂණය කළකල්හි විසූ පිරිවෙස් දවස් මැකී ගියාහු වෙත්. මෙසේ පිරිවෙසෙහි අන්තරාපත්තිය දක්වා නැවැත මානතට සුදුසුවූවහුගේ අන්තරාපත්තිය දක්වා මූලාය ප්රතිකර්ෂණය කියන ලදී. ඒ ප්රතිකර්ෂණය කළ කල්හි මානත පිරූ දවස්ද පිරිවෙස් ගෙණ වුසූ දවස්ද මකන ලද්දාහු වෙත්. ඉක්බිති අබ්හානයට සුදුසුවූවහුගේ අන්තරාපත්තිය දක්වා මූලාය ප්රතිකර්ෂණය වදාරණ ලදී. ඒ මුලාය ප්රතිකර්ෂණයද කළ කල්හි ඒ සියල්ලෝ මකන ලද්දාහුම වෙත්. ඉන්පසු අන්තරාපත්තීන් යොදා අබ්හාන කර්මය දක්වන ලදී. මෙසේ ප්රතිච්ඡන්නවාරයෙහි එකාහප්රතිච්ඡන්නාදි වශයෙන් පසෙක, අන්තරාපත්ති වශයෙන් සතරෙකැයි කර්මවාක්යය නවයක් දක්වන ලද්දාහු වෙත්.
සමොධානපරිවාසකථා
ඉන්පසු පක්ෂයක් ප්රතිච්ඡන්න වූ ඇවැත් තුළ පිරිවෙස පටන් පස් දවසක් ප්රතිච්ඡන්න වූ අන්තරාපත්තියගේ වසයෙන් සමොධාන පරිවාසයද සමොධානමානතද දක්වන ලද්දේය. මෙහිද මානතෙහි හැසිරෙන කාලයෙහි මානතට සුදුසු කාලයෙහි පැමිණි ඇවැත නිමිතිකොට මූලාය ප්රතිකර්ෂණය කළ කල්හි මානත පිරූ දවස්ද පිරිවෙස් ගෙණ වුසූ දවස්දැයි සියල්ලෝ මකන ලද්දාහු වෙත්. කුමක් හෙයින, යත්: යම්හෙයකින් ප්රතිච්ඡන්න වූ අන්තරාත්ති ඇත්තේද එහෙයිනි. එහෙයින්ම “මුලාය පටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්වා ඡාරත්තං මානත්තං දෙතු” යි වදාරණ ලදී. ඉන්පසු සියලු අන්තරාපත්තීහු යෙදූ අබ්හානකර්මය දක්වා සුක්කවිසට්ඨි වස්තුව නිමවන ලදී.
අග්ඝසමොධානපරිවාසකථා
ඉක්බිති එකාපත්තිමුලකයද ආපත්තිවඩ්ඪනකයද යන නය දෙක දක්වා අග්ඝසමොධානපරිවාසය දක්වන ලද්දේය.
ඉක්බිති සිතා දැන ආරොචනය නොකළ ආපත්ති වස්තුව දක්වා සිතා නොදැන්ම සිහිනොකිරීම විමති ඇතිබව යන මෙයින් ඇවැත ආරොචනය නොකළකල්හි පසුව ලජ්ජි ධර්මයෙහි හෝ දැනීම සිහිකිරීම, විමති නැතිබව යන මොවුන් උපන්කල්හි හෝ යමක් කටයුතුද එය දක්වන්නට “ඉධ පන භික්ඛවෙ” යනාදිනයින් පෙළ තබන ලද්දීය. ඉක්බිති නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් පිළිසන් වූවන්ගේ නොපිළිසන් බව දක්වන්නට එසේම පෙළ තබනලදී.
ද්වෙමාසපරිවාසකථා
ඉක්බිති දෙමසක් පිළිසන් ඇවැත් දෙකක් පිළිබඳව එක් මසක් පිරිවෙස් ඉල්ලීමෙහි වස්තුව දක්වා සිහි නොකොට නොදැනීම සිහිනොකිරීම විමති ඇතිබව යන මේ කරුණුකොට ආරොචනය නොකළකල්හි අන් මසෙක ලජ්ජි ධර්මාදිය උපන් කල්හි යමක් කටයුතුද, එය දක්වන්නට නොදැනීම සිහි නොකිරීම විමති යන මෙයින් ප්රතිච්ඡන්න කළහුගේ අප්රතිච්ඡන්නභාවය දක්වන්නටද පළමුනයින්ම පෙළ තබනලදී.
සුද්ධන්තපරිවාසාදිකථා
ඉක්බිති “ආපත්තිපරියන්තං න ජානාති රත්තිපරියන්තං න ජානාති” යනාදිනයින් සුද්ධන්තපරිවාසය දක්වන ලදී.
ඉක්බිති පාරිවාසිකයා ආදිකොට සිවුරු හැර නැවත උපසම්පන්නාදීන් කෙරෙහි ප්රතිපත්තිය දක්වනු පිණිස පෙළතබන ලදී.
එහි “අන්තරා සම්බහුලා ආපත්තියො ආපජ්ජති පරිමාණපටිච්ඡන්නායො” යනාදි තන්හි ආපත්ති පරිච්ඡෙද වසයෙන් ප්රමාණ ආපත්තීහුද ප්රතිච්ඡන්නාපත්තීහුය යන අර්ත්ථය.
“පච්ඡිමස්මිං ආපත්තික්ඛන්ධෙ” එක්ම ඒ ආපත්ති ස්කන්ධය. පසුව වැසූ බැවින් “පච්ඡිමස්මිං ආපත්තික්ඛන්ධෙ”යි කියන ලදී. “පුරිමස්මිං” යන මෙහිද මේ නයම වේ.