මූලායපටිකස්සනාරහවත්තකථා
“මූලායපටිකස්සනාරහා භික්ඛු සාදියන්නි පකතත්තානං” මූලාය පටිකස්සනයට සුදුසුවූ නවකතරයා හැර යටත් පිරිසෙයින් සෙසු පාරිවාසිකාදීගේද, මේ පාරිවාසික මූලාය පටිකස්සනාරහ මානන්තරහ මානත්තචාරික අබ්හානාරහ වූ පස්දෙන පිළිබඳය. තමතමන්ට නවකතරයන් හැර, සෙසු සියල්ලෝ පකතත්තයෝම වෙත්. කුමක් හෙයින, යත්: දෙදෙනාහට වැඩිමහලු පිළිවෙළින් අභිවාදනාදිය අනුදත් බැවිනි. එහෙයින් “අවසෙසානං අන්තමසො පරිවාසකාදීනම්පි” යනු වදාරණ ලදී. ඒ මූලාය පටිකස්සනාරහාදීන්ගේ ලක්ෂණය වනාහි ඉදිරියෙහි පහළවන්නේය. මෙහි සෙස්ස මෙයින් අන්යවූද, මානත්තාර්හාදීන්ගේ වත් අතුරෙහි පරිවාසිකවතෙහි කියූනයින්ම දත යුතුය.
“මූලායපටිකස්සනාරහචතුත්ථො ච” යනාදිතන්හි පාරිවාසික තෙමේ යම්සේද එසේ මේ විනයකර්මයන්හි මේ මූලාය පටිකස්සනයට සුදුසුවූවාහුද, ගණ පූරකයෝ නොවෙත්. සෙසු සඞ්ඝ කර්මයන්හි ගණපූරකයෝ වෙත්.
මානත්තචාරිකවත්තකථා
මානත්තචාරිකයාගේ වත්හි ‘දවස්පතා ආරොචනය කටයුතුය, යනු වෙනසය.
රාත්රිච්ඡෙදයන් අතුරෙහි “ඌණෙ ගණෙ” යන මෙහි “ගණො” යනු සිවුදෙනෙක් හෝ ඉන් වැඩිදෙනෙක් හෝය. එහෙයින් භික්ෂූන් තෙනමක් සමග වෙසේනම් රාත්රිච්ඡෙදය වේමය. මානත්තනික්ඛෙප සමාදානයන්හි කියනලද විනිශ්චය හා සමානය. සෙස්ස සියලුතන්හි ප්රකටමය.
පාරිවාසිකක්ඛන්ධක වර්ණනාව නිමි.
සමුච්චයක්ඛන්ධක වර්ණනාව
සුක්කවිස්සට්ඨිකථා
සමුච්චයක්ඛන්ධකයෙහි - “ඡාරත්තං මානත්තං” යන මෙහි ‘අපටිච්ඡන්නමානත්ත, පටිච්ඡන්නමානත්ත, පක්ඛමානත්ත, සමොධානමානත්ත’යි සිවුවැදෑරුම් වේ. එහි අපටිච්ඡන්නමානත්ත නම්, නොපිළිසන් ඇවතට පිරිවෙස් නොදී හුදෙක් ඇවැතට පැමිණි බැවින්ම මානතට සුදුස්සහුට යම් මානතක් දෙනුලැබේද, ඒය. පටිච්ඡන්නමානත්ත නම්, පිළිසන් ඇවැතට පිරිවෙස් විසූවහුට යම් මානතක් දෙනු ලැබේද ඒය. පක්ඛමානත්ත නම් පිළිසන්වූ හෝ නොපිළිසන්වූ හෝ ඇවැතට අඩමසක් මෙහෙණන්හට යම් මානතක් දෙනු ලැබේද ඒය. සමොධානමානත්ත නම් සියලු ඇවැත් එක්කොට යම් මානතක් දෙනු ලැබේද, ඒය. ඔවුන් අතුරෙහි මේ මානත “අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං”යි වදාළ බැවින් අපටිච්ඡන්නමානත්තයි දතයුතුය. ඒ අපටිච්ඡන්නමානත්තය දෙන්නහු විසින් එක් ඇවැතකට පැමිණියේ වේනම්, මේ සමුච්චයක්ඛන්ධකයෙහි කියූ නයින් දියයුතුය. ඇවැත් දෙකකට හෝ තුනකට හෝ ඉන් වැඩියකට හෝ පැමිණියේ නම් “එකං ආපත්තිං”යි යම්සේ කියන ලදද, එසේ “ද්වෙ ආපත්තියො තිස්සො ආපත්තියො”යි කියයුතුය. එයින් මතුවෙහි වනාහි සියයක් හෝ දහසක් හෝ වේද? “සම්බහුලා”යි කියයුත්තේය. නානාවස්තුක ආපත්තීහුද එක්කොට දියයුතුය. ඔවුන් දෙන විධිය පරිවාසදානයෙහි කියන්නෙමු.
මෙසේ ආපත්තීන්ගේ වසයෙන් කර්මවාක්යයකොට මානත දුන්කල්හි “එවමෙතං ධාරයාමි”යි කර්මවාක්යයාගේ කෙළවර මාලකසීමාවෙහිදීම “මානත්තං සමාදියාමි වත්තං සමාදියාමි” කියූනයින්ම වතසමාදන් වියයුතුය. සමාදන්ව එහිදීම සඞ්ඝයාට ආරොචනය කටයුතුය. ආරොචනය කරන්නහු විසින්ද -
“අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං අපටිච්ඡන්නං සොහං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං යාචිං, තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා අපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං අදාසි. සොහං මානත්තං චරාමි, වෙදියාමහම්භන්තෙ වෙදියතීති මං සඞ්ඝො ධාරෙතු” යි මෙසේ ආරොචනය කටයුතුය.