4. මොග්ගල්ලාන සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - උද්ධතා = උද්ධච්ච බව (නොසන්සුන් බව) ස්වභාවය කොට ගත් චංචල වන සිත් ඇති නොසන්සුන් වීම නිසා කොඩි ගස මත වාතයෙන් සැලෙන ධජයක් මෙන් එක් අරමුණක් කෙරෙහි සිත චලනය වෙයි. උන්නලානි = ඉහළට යොමු වූ බටගස් මතුවූ හිස් අහංකාරය යයි කියන ලද්දේ වෙයි. චපලා = පා සිවුරුවලින් සැරසීම් ආදී චපල බවින් යුතු වූ මුඛරා මුඛයේ රළු බව. රළු වචනයන් යයි කියන ලද්දේ වෙයි. විකිණ්ණවාචා = අසංයත වචන ඇති දවස පුරාම නිරර්ථක වචන කියන්නාවූ මුට්ඨස්සතිනො = මුළා වූ සිහි ඇති. අසම්යජානා = ප්රඥාව රහිත වූ විබ්භන්ත චිත්තා = පහ කරන ලද සිත් ඇති. (සිතින් ඉවත් කළ) සමාධිය නැති වීම නිසා ලැබුණ අවසරයෙන් නොසන්සුන් වීම හේතු කොට ගෙන. පාකතින්ද්රියා = අසංවර වූ ඉන්ද්රියයන් ඉද්ධාභිසංඛාරං = ආපෝ කසිණයට සමවැදී, ඉන් නැඟී ප්රාසාදය පිහිටි බිම් කොටස ජලය වේවායි අධිෂ්ඨාන කොට දිය මත පිහිටියාවූ ප්රාසාදයෙන් අහසට පැන නැඟී ඇඟිල්ලෙන් පහර ගැසීය. ගම්භීර නෙමො = ගැඹුරු ආවාටය. ගැඹුරු භූමි භාගයෙහි ඇතුළට පිවිසියේය යන අර්ථයයි. සුනිඛාතො = මනාව වළ දමන ලදුව යහපත් ලෙස තබන ලදී. මෙහිදී අභිඥා පාදක ඍද්ධිය කියන ලදී.
5. බ්රාහ්මණ සූත්ර වර්ණනාව
පස් වැන්නෙහි - ඡන්ද පහාණත්ථං = තණ්හා ඡන්දය කිරීම පිණිස මෙහිදී නිවන පාදක කොටගත් ඍද්ධිය කියන ලදී.
9. භාවනා සූත්ර වර්ණනාව
නව වැන්නෙහි - යො භික්ඛවෙ මග්ගො = අභිඥා පාදක කොටගත් සතරවන ධ්යානය අදහස් කරන ලදී.
10. විභඞ්ග සූත්ර වර්ණනාව
දස වැන්නෙහි - කොසජ්ජසහගතො = මෙහි භික්ෂුව ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුගේ සිතට මැලි බවක් ඇතුල් වෙයි. හෙතෙම මැලිබවක් මා තුළ ඇතුල් වීයයි දැන අපායට බියෙන් සිතට තර්ජනය කොට නැවත ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහු වෙතට නැවත මැලි බව ඇතුල් වේ. හෙතෙම නැවත ද අපායට බියෙන් සිතට තර්ජනය කොට ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කුසීත බවෙන් ගැවසී ගත් බැවින් ඡන්දය කොසජ්ජ සහගත (කුසීත බව හා බැඳුනේ) නම් වෙයි. කොසජ්ජ සම්පයුත්තො = එයටම (හෙවත් කොසජ්ජ සහගත යන්නටම) වෙනත් පර්යාය යෙදුමකි.
උද්ධච්ච සහගතො = මෙහි දී භික්ෂුව ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. එවිට ඔහුගේ සිත (උද්ධච්චයෙහි) නොසන්සුන් බවෙහි වැටේ. හෙතෙමේ බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිකොට සිත සතුටු කරවා ප්රීතිමත් කරවා කළයුතු දෙය කොට නැවත ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරයි. නැවත ඔහුගේ සිත නොසන්සුන් බවෙහි ඇතුල් වෙයි. හේ තෙමේ නැවත බුද්ධ ධම්ම සංඝ ගුණයන් සිහිපත් කොට සිත සතුටු කරවා, ප්රීතිමත් කරවා ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු නොසන්සුන් බවෙන් ගැවසී ගත් බැවින් ඡන්දය උද්ධච්ච සහගත (නොසන්සුන් බව හා බැඳුනේ) නම් වෙයි.
ථීන මිද්ධ සහගතො = මෙහි භික්ෂුව ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති ඔහුට නිදිමත ඇතිවෙයි. හේ තෙමේ මට (ථීන මිද්ධය) මැලි බව හා නිදිමත උපන්නේ යයි දැන ජලයෙන් මුහුණ පිස දමා කන් ඇද ප්රගුණව ඇති ධර්මය සජ්ඣායනා කොට දහවල්හි ගන්නා ලද ආලෝක සංඥාව මෙනෙහි කොට ථීන මිද්ධය පහ කොට නැවත ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරයි. ඉක්බිති ඔහුට නැවත ථින මිද්ධය උපදියි. හෙතෙමේ කියන ලද පිළිවෙළින්ම නැවතත් ථීන මිද්ධය පහකොට ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු ථින මිද්ධයෙන් ගැවසී ගත් බැවින් ඡන්දය ථීන මිද්ධ සහගත (මැලිබව හා නිදිමත සහිත) නම් වෙයි.
අනු වික්ඛිත්තො = මෙහි භික්ෂුව ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරමින් හිඳියි. ඉක්බිති කාමගුණයුත් අරමුණු ඔහුගේ සිත් අවුල් කරයි. හෙතෙමේ මාගේ සිත බාහිර හේතූන් විසින් අවුල් කරන ලද්දේ යයි දැන අනමතග්ග, දෙවදූත, වෙලාම, අනාගත භය යන ආදී සූත්රයන් සිහි කරමින් සූත්ර දණ්ඩනයෙන් සිතට තර්ජනය කොට, කළයුතු දෙය කොට ඡන්දය උපදවා කමටහන මෙනෙහි කරන්නේ වෙයි. මෙසේ ඔහු කාම විතර්කය ගැවසී ගත් බැවින් ඡන්දය බාහිර පංචකාම ගුණයන් නිමිති කොට කැළඹීමට කම්පනයට පත් වෙයි.