6. සූකරඛත වර්ගය
1. සාලා සූත්ර වර්ණනාව
සය වන වර්ගයේ පළමුවැන්නෙහි - සුරියෙන = ශූර භාවයෙන් බොධාය = අවබෝධය සඳහා.
2. මල්ලක සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - මල්ලකෙසු = මෙ නම් ජනපදයෙහි මේ සූත්රයෙහිදී ඉන්ද්රියයන් සතර මිශ්රව දක්වන ලදී. ආර්ය ඥානය ලෝකෝත්තර වේ. එය ද ඉන්ද්රියයන් සතර හා මිශ්ර කොට, මිශ්ර වුවක් යයි බෙදා දැක්වීමට සුදුසු වේ.
3. සෙඛ සූත්ර වර්ණනාව
තුන්වැන්නෙහි - නහෙව ඛො කායෙන ඵුසිත්වා විහරති = කයෙන් ස්පර්ශ කොට ලබා ගෙන වාසය නො කරයි. ස්පර්ශ කිරීමට ලබා ගැනීමට නො හැකි වෙයි. පඤ්ඤායච අතිවිජ්ඣ පස්සති = ප්රඥාවන්ත ලෙස සලකා බැලීමෙන් මතු අර්හත් ඵල ඉන්ද්රියය ඇතැයි දැන ගනියි. අර්හත්ඵලය තුළ ඵුස්සිත්වා විහරති යනු ප්රතිලාභ ලබා වාසය කරයි (යන අදහසයි) පඤ්ඤාය = ප්රත්යවේක්ෂා ප්රඥාවෙන් (නුවණින් සලකා බැලීමෙන්) අර්හත් ඵල ඉන්ද්රියය ඇතිවන්නේ යයි දැන ගනියි. නකුහිඤ්චි කිස්මිඤ්චි = මේ වචන දෙකම එකනෙකට යෙදිය හැකි වෙනත් වචනයන් වේ. (හෙවත් පර්යාය වචනයන් වේ) කිසියම් හෝ භවයෙක්හි නො උපදිත් යන අර්ථයයි. මේ සූත්රයෙහිදී ලෝකෝත්තර වූ ඉන්ද්රියයන් පහ ද, ලොව ඇසුරු කොට පවත්නා ලෞකික වූ ඉන්ද්රියයන් සය ද කියන ලද්දේය.
4-5. පද ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති = යම් කිසි ධර්ම පද ද, යම් කිසි ධර්ම කොටස් ද වේ නම් ඒවා අවබෝධය සඳහා පවතී. පස්වැන්න පහසු වේ.
7. බ්රහ්ම සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - චිත්තං රක්ඛති ආසවෙසුච සාසවෙසුච ධම්මෙසු (කාමාවචර ආදී ත්රෛභූමක ධර්මයන් නිමිති කොට කෙලෙස් ඉපදීම වළක්වමින්, කෙලෙස්වලින් ද, කෙලෙස් සහිත ස්වභාවයන් වලින් සිත ආරක්ෂා කරන්නේ නම් වෙයි. සත්වැන්න පහසු වන්නේය.
8-10. සූකරඛත ආදි සූත්ර වර්ණනා
අට වැන්නෙහි - සූකර ඛතායං = ඌරන් විසින් සාදන ලද ලෙණෙහි. එක් බුද්ධාන්තර කාලයක් තුළ, පොළව වැඩෙමින් පවතින අතරතුර කාශ්යප බුද්ධ කාලයෙහි එම ලෙණ පොළව තුළට ඇතුල් විය. ඉක්බිති දිනක් එක්තරා ඌරෙක් ඌ විසු ආවරණ ස්ථානයේ කෙළවර ආසන්නයේ පස් සෑරුවේය. වැසි වට පසු පස් සේදී ගොස් ආවරණ ස්ථානයේ කෙළවර විවෘත වූයේය. වනයෙහි හැසිරෙන එක්තරා තැනැත්තෙක් එය දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ස්ථානයක් විය යුතුයයි සිතා එය පිළිසරකර කරන්නෙමියි හාත්පසින් පස් ඉවත් කොට ලෙණ සෝදා කුටියෙහි රැකවරණ සිදු කොට දොර ජනෙල් යොදා, සුදු පිරියමින් ද, සිතුවමින්ද මනාව නිමවා රිදී පටකට සමවන සේ වැලි ඉස විහාර ස්ථානයක් කොට ඇඳ පුටු පනවා භාග්යවතුන් වහන්සේගේ වාසය සඳහා පුද කළේය. ලෙණ ගම්භීර විය. පහළට බැස ඉහළට නැගිය යුතුය. ඒ සඳහා මෙය කියන ලදී. පරමනිපච්චකාරං = භාවනපුංසක පදයකි. යම් සේ ඉතා යටහත්ව පවතීයයි කියන ලද්දේ වෙයි ද, එසේ පවතිමින් අනුත්තරං යොගක්ඛෙමං = රහත් බව සප්පතිසො = ජ්යෙෂ්ඨයකු සහිත සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සයවන සූකර ඛත වර්ගය නිමි.
7. සම්බොධි වර්ගය
1-10. සංයොජන ආදි සූත්ර වර්ණනා
සත්වන වර්ගයෙහි - ඵල සත, පූර්වභාගයෙන්, ඒවායේ පහළ ඵල දෙක ආදි කොට මිශ්රව කියන ලදී. මෙහි ද, මින් පසු ද සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේය.
ඉන්ද්රිය සංයුත්තය නිමි.
5. සම්මප්පධාන සංයුක්තය
සම්මප්පධාන සංයුත්තයේ සියලු සූත්රයන්හිම පුර්වභාග විදර්ශනාවන් කියන ලදි.
සම්මප්පධාන සංයුත්තය නිමි.
6. බල සංයුක්තය
බල සංයුත්තයෙහි - බලයන්, ශක්තීන් මිශ්රව කියන ලදී. සෙස්ස සියලු කල්හි පහසු වේ.
බල සංයුත්තය සමාප්තයි.
7. ඉද්ධිපාද සංයුක්තය
1. චාපාල වර්ගය
1. අපාර සූත්ර වර්ණනාව
ඉද්ධිපාද සංයුත්තයේ පළමු වැන්නෙහි - ඡන්දය (කැමැත්ත) නිසා පවත්වනු ලබන සමාධිය. ඡන්දසමාධි නම් වේ. ප්රධාන වූ සංස්කාරයෝ (යන අදහස සඳහා) පධාන සඞ්ඛාරා (යයි යෙදේ) සමන්නාගතං = ඒ ධර්මයන්ගෙන් යුක්ත වූයේ. සෘද්ධිය සඳහා මුල්වූයේ හෝ ඍද්ධිය ලැබූ පසුබිමය හෝ යනුවෙන් ඉද්ධිපාද නම් වේ. සෙස්සෙහි ද මේ පිළිවෙළම වේ. මෙය මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහී ඉද්ධිපාද විභංගයෙහි දක්වන ලදී. විශුද්ධි මාර්ගයෙහි මෙයට අර්ථ දක්වන ලදී. එසේම මග්ග, බොජ්ඣඞ්ග, සතිපට්ඨාන යන සංයුත්තයන්හි ද, මෙහි ද එක් පරිච්ඡේදයක්ම වේ.