1. සුද්ධික වර්ගය
1. සුද්ධික සූත්‍ර වර්ණනාව
ඉන්ද්රිය සංයුත්තයේ පළමුවැන්නෙහි - සද්ධින්ද්රියං සතින්ද්රියං පඤ්ඤින්ද්රියං = මේ තුන චාතුර්භූමික කුසල විපාකයන්හිදී ද, ක්රියාවන්හිදී ද ලැබේ. විරිය ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය යන මේවා චාතුර්භූමික කුසල්හිදී ද, අකුසල විපාකයෙහිදී ද, ක්රියාවෙහිදීද යන සියලු තැන්හිදී ලැබේ. මෙසේ මේ සූත්‍රය චාතුර්භූමික වූ සියල්ල සංග්‍රහ කෙරෙන ධර්ම කොට්ඨාශයක් වශයෙන් කියන ලද්දේයයි දත යුතුය.
7. දුතිය සමණ සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - සද්ධින්ද්රියං නප්පජානන්ති = සමුදය සත්‍යය වශයෙන් ද, මෙසේම නිරෝධය නිරෝධ සත්‍යය වශයෙන් ද, ප්‍රතිපදාව මාර්ග සත්‍යය වශයෙන් ද නො දනියි. සෙස්සෙහි ද මේ පිළිවෙළ ම වේ.
ශුක්ල පක්ෂයෙහි වනාහී නිශ්චය වශයෙන් ම මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්ද්රියයේ හටගැන්ම සිදුවෙයි. උත්සාහ කිරීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් වීර්ය ඉන්ද්රියයේ හට ගැන්ම සිදු වෙයි. වටහා ගැනීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් සති ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. වික්ෂිප්ත නොවීම් වශයෙන් මෙනෙහි කිරිමේ හේතුවෙන් සමාධි ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. දර්ශන වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ප්‍රඥා ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. එසේ ම ඡන්ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්ද්රියයේ හට ගැනීම සිදුවෙයි. ඡන්ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්ද්රියයන්ගේ හට ගැනීම සිදු වෙයි. මනසිකාර වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්ද්රියයන්ගේ හට ගැනීම සිදු වෙයි යනුවෙන් මේ අයුරින් ද අර්ථ දැක්විය යුතු වේ. පිළිවෙළින් මේ සූත්‍ර සතෙහිදී චතුරාර්ය සත්‍යය ම කියන ලදී.
8. දට්ඨබ්බ සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - කතඤ්ච භික්ඛවෙ සද්ධින්ද්රියං දට්ඨබ්බං චතුසු සොතාපත්තියඞ්ගෙසු = මේ ඉන්ද්රියයන්ගේ විෂයයෙහි ජ්‍යෙෂ්ඨ භාවය දැක්වීම සඳහා කියන ලදී. යම් සේ වනාහී සිටු පුතුන් සිවු දෙනකු ද, රජු ද යන වශයෙන් මිතුරන් පස් දෙනකු නැකැත් කෙළියෙහි යෙදෙමුයි වීථියට බට කල්හි එක් සිටු පුතකුගේ නිවසට ගිය විට ඉතිරි සිවු දෙනා නිහඬව සිටිත් ද, එකල්හි ගෘහ ස්වාමියා ද මේ අයට කන බොන දේ දෙන්න, සුවඳ මල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි. දෙවැන්නාගේ ද තෙවැන්නාගේ ද, සිවුවැන්නාගේ ද නිවාසවලට ගිය කල්හි ඉතිරි සිවු දෙනා නිහඬව සිටිත් ගෘහ ස්වාමියා ද මේ අයට කන බොන දේ දෙන්න, සුවඳ මල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි. ඉක්බිති හැමට අධිපති රජතුමා පසුව මාලිගයට ගිය විට තම නිවසෙහිදීම මේ අයට කන බොන දේ දෙන්න, සුවඳමල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි.
මෙසේම ශ්‍රද්ධාව පංචම කොට ඇති ඉන්ද්රියයන් ඔවුනොවුන් එක්ව වීථියට බසින කලෙක්හි මෙන්, එක් අරමුණක් උපදනා කල්හි දු, යම්සේ පළමු වැන්නාගේ ගෙහි දී ඉතිරි සිවු දෙනා නිහඬව හිඳිත් ද, එකල්හි ගෘහ ස්වාමියා ම විධාන කරයි ද, මෙසේ සෝවාන් අංගයට පැමිණිමේ නිශ්චිත ලක්ෂණ සහිත වූ සද්ධින්ද්රියම ජ්‍යෙෂ්ඨ වෙයි, පූර්වාංගම වෙයි. සෙස්ස එයට අනුව පවතී. යම්සේ දෙවැන්නාගේ නිවසෙහිදී ඉතිරි සිවු දෙනා නිහඬව හිඳිත්ද, එකල්හි ගෘහ ස්වාමියාම විධාන දෙයි. මෙසේ කෙලෙස් තවන වීර්යයට පැමිණියේ දැඩි උත්සාහ සහිත ලක්ෂණ ඇති විරියින්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි. පූර්වාංගම වෙයි: සෙස්ස එයට අනුව පවතී. යම්සේ තුන් වැන්නාගේ නිවසෙහිදී සෙස්සන් නිහඬව සිටිත් ද, එකල්හි ගෘහස්වාමියාම විධාන දෙයි. මෙසේ සතිපට්ඨානයට පැමිණියේ වැටහීම් ලක්ෂණ සහිත සතින්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි: පුර්වාංගම වෙයි: සෙස්ස එයට අනුව පවතී. යම් සේ සිවු වැන්නාගේ නිවසෙහිදී ඉතිරි සිවු දෙනා නිහඬව හිදිත් ද, එකල්හි ගෘහ ස්වාමියාම විධාන දෙයි. මෙසේ ධ්‍යානය මුල් කොට ඇති විමෝක්ෂයට පැමිණියේ චංචල නොවීමේ ලක්ෂණ සහිත සමාධි ඉන්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි : පුර්වාංගම වෙයි. සෙස්ස එයට අනුව පවතී. හැමට පසුව රජ ගෙදරට ගියවිට යම්සේ ඉතිරි සතර දෙනා නිහඬව සිටිත් ද, එකල්හි රජතුමා ම නිවසෙහි විධාන දෙයි. මෙසේ ආර්ය සත්යයනට පැමිණියේ විශේෂ දැනීම් ලක්ෂණ සහිත ප්‍රඥා ඉන්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි, පූර්වාංගම වෙයි, සෙස්ස එයට අනුව පවතී.
9. විභඞ්ග සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - සති නෙපක්කෙන = මෙහි බුද්ධිමත් බව (නිපක භාවය) නෙපක්ක නම් වේ. මෙය ප්‍රඥාවට නමකි. කුමක් හෙයින් වනාහී සතිය (සිහිය) බෙදා දැක්වීමේදී ප්‍රඥාව යයි කියන ලද්දේද යත් - සිහියෙහි බලවත් බව දැක්වීම පිණිසය. බලවත් සිහියම මෙහිදී අදහස් වේ. එය ද ප්‍රඥාව මුල් කොට ගත් බලවත් ස්වභාවයක් වේ. ප්‍රඥාවෙන් වෙන් වූවක් නොවේ. ප්‍රඥාව මුල් කොට ගත් සිහිය දක්වමින් මෙසේ කීය. චිර කතං = දිගු කලක් තුළ කරන ලද දන්දීම හෝ සිල් රැකීම හෝ පොහෝ දින පෙහෙවස් රැකීම හෝ වේ. චිරභාසිතං = අසවල් තැනෙහිදී මා විසින් අසවල් නම් දෙය කියන ලද්දේ යයි යනුවෙන් මෙසේ දිගු කලක් තුළ කියන ලද දෙය වොස්සග්ගාරම්මණං කරිත්ථා = නිවන අරමුණු කොට උදයත්ථ ගාමිණියා = උදාවීමට ද අස්තවීමට ද යන්නා වූ ඇති වීම හා නැතිවීම යන ස්වභාවයන් ග්‍රහණය කර ගැනීම පිණිසය යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ශ්‍රද්ධා සති ප්‍රඥා එක් වූ සමාධි ඉන්ද්රියය ඉපදවූ ලෝකෝත්තර ස්වභාවයම කියන ලදී. දස වැන්නෙහි ද මෙම දහම් බෙදීමම පවතී.