5. වාල සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි - සන්ථාගාරෙ - ශිල්ප ඉගෙන ගන්නා ශාලාවෙහි උපාසනං කරොන්තෙ = ඊතල ඈතට විදීමේ ශිල්පය පුහුණුවන්නන් අසතං අති පාතෙන්තෙ = ඊතල ඈතට විදිනාවුන් පොඞ්ඛානු පොඞ්ඛං = එක් ඊතලයක් විද එහි පසු කෙළවරට (දෙවන ඊයක්) විදියි ද, දෙවන ඊතලයේ පසු කෙළවරට නැවත තවත් ඊයක් ද, නැවත එහි ද පසු කෙළවරට තවත් ඊයක් ද යනුවෙන් මෙසේ විදින්නවුන් දුටුවේය. යත්රහිනාම = යම් අය විසින් දුරභිසම්භව තරං = වඩා දුෂ්කර වූ සත්තධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටි විජ්ඣෙය්ය = එක් අස් ලොමක් සතට පලා ඉන් එකක් ගෙන බටු ගෙඩියක් මැදින් බැඳ පැලූ තවත් ලොම් තීරුවක් ඊතලයේ අග කෙළවරහි බැඳ උසභයෙක (රියන් 140ක) දුර සිට ඊතලයෙහි බඳින ලද කෙළවරින් බටු ගෙඩිය බඳින ලද ලොම් ගස් කෙළවරට විදින්නේය යන අර්ථයයි. තස්මා = යම් හෙයකින් මෙසේ අවබෝධ කිරීමට අපහසු චතුරාර්ය සත්යයන් අවබෝධ කරන ලද්දේද, එහෙයිනි.
7. ඡිග්ගල සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි - අඤ්ඤමඤ්ඤඛාදිකා = එකිනෙකා කා දැමීම දුබ්බලඛාදිකා = බලවත් මත්ස්ය ආදීන් විසින් දුර්වල මත්ස්ය ආදීන් කෑම.
8. දුතියඡිග්ගල සූත්ර වර්ණනාව
අටවැන්නෙහි - මහා පඨවි = සක්වළ අතරෙහි ඇති මහ පොළව අධිච්ච මිදං සන්තෙ = අහඹුවෙන් ලැබුණ එම විය දඬුව ඉදින් දිරාපත් නොවන්නේ ද සමුද්රයෙහි ජලය නොවියලෙන්නේද, ඒ කැසුබුවා නො මැරෙන්නේ ද එසේවුව ද එය කලාතුරකින් සිදු වන්නේය යන අර්ථයයි.
මෙසේ අධිච්ච මිදං භික්ඛවෙ යන මෙහිදී මහාසීව ස්ථවිර තෙමේ වියදඬු සතරක් දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු දක්වයි. පෙරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් (මුහුදට) දමන ලද විය දඬුවක සිදුරෙන් ඒ අන්ධ කැසුබුවාගේ ගෙල ඇතුල් වීම මෙන්ම මිනිස් බව ලැබීම ද අපහසුය. දකුණු සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පාවෙමින් තිබුණ පළමු විය දඬුවෙහි සිදුර මත සිදුර සිටින සේ පිහිටා ඒ සිදුරෙන් අහඹුයෙන් කැසුබු ගෙල ඇතුල්වුවහොත් මෙන් තථාගතයන් වහන්සේ කෙනකුගේ පහළ වීම ද කලාතුරකින් සිදු වන්නකි. අපරදිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් පෙර තිබූ විය දඬු යුගලය මතට පැමිණ සිදුරමත සිදුර සිදුර සිටින සේ පිහිටිය හොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුවෙන් හෝ ඇතුල් වේද, එමෙන්ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්ම විනය මනාව පවත්නා කාලයක් වීම ද ඉතා කලාතුරකින් සිදු වන්නකි. උතුරු දිග සක්වළ මුව විටෙහි සිටි පුරුෂයකු විසින් දමන ලද විය දඬුවක් කැරකෙමින් තිබු පෙර වියදඬු තුන මතට පැමිණ සිදුරු මත සිදුර සිටින සේ පිහිටියහොත් ඒ සිදුරෙන් කැසුබු ගෙල අහඹුයෙන් ඇතුල්වේද එමෙන්ම චතුරාර්ය සත්යය අවබෝධය ද ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව දත යුතුය. නවවැන්න ආදිය අභිසමය සංයුත්තයෙහි කියන ලද පිළිවෙළින්ම වේ.
පස්වන පපාත වර්ගය නිමි.
6. අභිසමය වර්ගය
අභිසමය වග්ගය නිදාන වග්ගයෙහි අභිසමය සංයුත්තයෙහි විස්තර කරන ලද්දේමය.
7. ආමකධඤ්ඤපෙය්යාල වර්ගය
3. පඤ්ඤා සූත්ර වර්ණනාව
ආමක ධඤ්ඤ පෙය්යාලයෙහි - අරියෙන ඤාණචක්ඛුනා = විදර්ශනාව ආදි කොට ඇති ලෞකික ලෝකෝත්තර නුවණ නමැති ඇසින්
4. සුරාමෙරය සූත්ර වර්ණනාව
සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතා = මෙහි දී “සුරා” යනු පිටිවලින් තැනූ සුරා. බත්වලින් තැනූ සුරා, කැවුම් ආදී කැවිලිවලින් තැනූ සුරා, අනියමින් ලැබුණ දෙයක් යොදා තැනූ සුරා, බොහෝ ද්රව්යයන් යොදා තැනූ සුරා යනුවෙන් පංචවිධ වේ. “මෙරය” නම් මල්වලින් තනන මද්ය හා ගෙඩි වර්ගවලින් තනන මද්ය යනුවෙන් කියන ලද යම්කිසි ආසවයක් (පැසවූ දෙයක්) වේ. “මජ්ජං” යනු සුරා හා ආසව යන මේ දෙකම ද නොවන එහෙත් මත් බව ඇති කරවන දේවල්ය. යම් චේතනාවකින් එය පානය කරත්ද ඒ ක්රියාව ප්රමාදයට කරුණු වන බැවින් “පමාදට්ඨාන” නම් වේ. එයින් වෙන්වූවාහු යනු මෙහි අරුතයි.
6-7. මත්තෙය්ය ආදි සූත්ර වර්ණනා
මත්තෙය්ය = මවට හිතවත් වූ. මව කෙරෙහි මනාව පිළිපන්න වූ යන අර්ථයයි. “පෙත්තෙය්ය” යන ආදී තැන්හි පියාට හිතවත් යනු පෙත්තෙය්ය නම් වේ.
8-9. සාමඤ්ඤ ආදි සූත්ර වර්ණනා
ශ්රමණයන් වහන්සේට හිතවත් අය (යන අදහස දෙන වචනය) සාමඤ්ඤා වේ. බ්රාහ්මණයන් හට හිතවත් අය (යන අදහස දෙන වචනය) බ්රහ්මඤ්ඤා වේ. ඒ ඒ අය කෙරෙහි මනාව පිළිපදින්නන්හටම මෙය තවත් වචනයක් වේ.
10. අපචායී සූත්ර වර්ණනාව
කුලෙ ජෙට්ඨාපචායිනො = පවුලේ ජ්යෙෂ්ඨයාට ගරු සත්කාර කරන, ඔහු කෙරෙහි යටත්ව හැසිරෙන යන අර්ථයයි.
8. දුතිය ආමකධඤ්ඤපෙය්යාල
8. බීජගාම සූත්ර වර්ණනාව
බීජගාම භූතගාම සමාරම්භ = මුල්වලින් පැලවන දෙය, කඳෙන් පැලවන දෙය, පුරුකෙන් පැලවන දෙය, මුදුනෙන් පැලවන දෙය, ඇටවලින් පැලවන දෙය යන පස්වැදෑරුම් වූ පැලවන දේවල්හිද, යම් කිසි නිල් තණ, වෘක්ෂ ආදියෙහි ද රෝපණය වීමේ සිටම කැඩීම්, දැවීම් ආදියෙන් වෙනසකට පත් කිරීමෙන් තොරවූ යන අරුතයි.
9. විකාලභොජන සූත්ර වර්ණනාව
විකාල භෝජනා = කල් ඉකුත් වූ පසු ආහාර වැළඳීම. මධ්යාහ්නය ඉක්ම ගිය තැන් පටන් (පසු දින) අහර වැළඳිය යුතු කාලය දක්වා යන අදහස වේ.
10. විලෙපන සූත්ර වර්ණනාව
මාලාදිසුමාලා = යම් කිසි මලක් ගන්ධං = යම්කිසි සුවඳ වර්ගයක් විලෙපනං = සම පාට කිරීමයි. එහි දී පැළඳීමක් බැවින් “ධාරෙන්ති” (දරන්නෝය) නම් ද, අඩුතැන් පිරවීමක් බැවින් “මණ්ඩෙන්ති “ (සරසන්නෝය නම් ද, සුවඳ ගැල්වීම් වශයෙන් හා සම වර්ණ ගැන්වීම් වශයෙන් දරාගැනීමක් බැවින් “විභූසෙන්ති” (පළඳිත්) නම් ද වේ. මහජනයා යම් බඳු දුසිල් සිතුවිල්ලකින් පෙර කී මල් දැරීම් ආදිය සිදු කරත් ද, (භික්ෂූහු) ඉන් ඉවත් වූවාහු යන අදහසයි.
9. තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ගය
1. නච්චගීත සූත්ර වර්ණනාව
සසුනට නොසුදුසු බැවින් විකාර චිත්ර ආදිය දැකීම “විසූක දස්සන” යයි තමාම නැටීම හෝ නැටවීම ආදී වශයෙන් නැටීම් ද, ගී ගැයීම් ද, වාදනය කිරීම් ද ප්රියජනක වූ මොණර නැටුම් ආදී වශයෙන් ද පවත්වනු ලබන නැටුම් ආදියේ විසුළු සහිත වූ දර්ශනයන්ය යන අදහසින් නච්චගීත වාදිත විසූක දස්සනා (යි යෙදේ) තමාම නැටුම් හි යෙදීම හෝ අනුන් නැටුම්හි යෙදවීම හෝ (අනුන් විසින්) යොදවනු ලැබූ නැටුම් දැකීම හෝ භික්ෂූන් හට ද, භික්ෂූණීන් හට ද සුදුසු නොවේ.