4. සරකානි සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - ඉධ මහානාම එකච්චො පුග්ගලො = මේ හුදෙක් බඳුන් ම නොවේ. අපායෙන් මිදුණ තැනැත්තා මේ පුද්ගලයෝ ද මිදුණාහු යයි දැක්වීම පිණිස මෙය අරඹන ලදී. මත්තසො නිජ්ඣා ඛමන්ති = ප්‍රමාණය අනුවම බැලීමට කැමති වෙති. මෙයින් ධර්මයෙහි හැසිරෙන මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. අගන්තා නිරයං = මාර්ගස්ථ පුද්ගලයා වනාහී අපායෙන් නිදහස් වූයේ යයි හෝ මිදෙන්නේ යයි හෝ කීමට යෝග්‍ය වේද? යෝග්‍ය නොවේ. “යමකින් මිදෙන්නේ නම් එයින් “යන්නෝ”(ගත්තා) නම් නොවෙති” යනුවෙන් නො යන්නෝ (අගන්තා) අදහස් වේ. “නො යයි” යන අර්ථයයි. සද්ධා මත්තං පෙම මත්තං = මෙයින් ශ්‍රද්ධානුසාරී මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. මහාසාලා = ආසන්නයෙහිම පිහිටි මහාසාර වෘක්ෂයන් සතර දක්වමින් මෙසේ කීය. මරණ කාලෙ සික්‍ඛං සමාදියී = මරණය සිදුවන සමයෙහි ත්‍රිවිධ ශික්ෂාවන්හි සම්පූර්ණත්වයට පත්වූයේ යයි දැක්වේ.
5. දුතිය සරකානි සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි - දුක්ඛෙත්තං = සම මට්ටමක් නැති කෙත දුබ්භූමිං = ලුණු නිසා වැනසුණ නිසරු වූ බිම. ඛණ්ඩානි = බිඳී ගියාවූ පූතීනි = දියෙන් තෙමී කුණු වූ බවට පැමිණියාහු වාතාතප හතානි = වාතයෙන් ද, හිරු රැසින්ද වැනසී ගිය බැවින් ඕජස් රහිත බවට ගියා වූ, අසාරාදානි = නොගන්නා ලද හරය ඇති. අසුඛ සයිතානි = කොටු ආදියෙහි බහා මනාව නොතබන ලද්දාවූ සුඛසයිතානි = තබන ලද ස්ථානයෙන් මාස සතරක් තුළම නොසෙල්වුනා වූ.
6. අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්‍ය = ක්ෂණයකින් වේදනාව සන්සිඳෙන්නේය. මිච්ඡා ඤාණෙන = වැරදි ලෙස මෙනෙහි කිරීමෙන්. මිච්ඡා විමුත්තියා = නෛර්යාණික නොවන විමුක්තියෙන් තස්මා සද්ධඤ්ච සීලඤ්ච = ගාථාවන් කියන ලද අර්ථ ඇත්තේමය. යත්‍රහිනාමා = යමෙක් වනාහී.
7. දුතිය අනාථපිණ්ඩික සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - සම්පරායිකං මරණ භයං = පරලොව හේතු කොට ගෙන ඇතිවන මරණ බිය. ගිහී සාමීචිකානි = ගිහියන් හට සුදුසු දේ. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
තුන්වන සරකානි වර්ගය නිමි.
4. පුඤ්ඤාභිසන්ද වර්ගය
1. අභිසන්ද සූත්‍ර වර්ණනාව
සිවුවන වර්ගයේ පළමු වැන්නෙහි - පුඤ්ඤාභි සන්‍දා කුසලාභිසන්‍දා = පින් නමැති ගංගාවෝ, කුසල් නමැති ගංගාවෝ සුඛස්සාහාරා = සුවයට ඇති හේතූන්.
4. දෙවපද සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - දෙව පදානි = දෙවිවරුන්ගේ නුවණින් හෝ දෙවියකුගේ නුවණින් යටපත් කරන ලද පද ඇති විසුද්ධියා = පිරිසිදු බව සඳහා මේ සූත්‍රයෙහිදී සතර ආර්ය ඵලයන්හි පිහිටි පුද්ගලයෝ පිරිසිදුය යන අර්ථයෙන් දෙවියෝ නම් වෙති.
8. වස්ස සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි - පාරං ගන්ත්‍වා = පාරං යනුවෙන් නිවන කියනු ලැබේ. එයට පැමිණි යන අරුතයි. ආසවානං ඛයාය සංවත්තන්ති = පළමුව නිවනට පැමිණ පසුව නො පවතිත් යයි ද (නිවනට) යමින්ම පවතිත් යයිද මෙසේ දේශනා කරන ලදී.
10. නන්දිය සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - දිවා පවිවෙකාය රත්තියා පටි සල්ලානාය = දහවල්හි විවේකය සඳහා ද, රාත්‍රියෙහි භාවනාව සඳහා ද වේ. ධම්මා න පාතුභවන්ති = සමථ විදර්ශනා ධර්මයෝ නො උපදිත්. සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සිවු වන පුඤ්ඤාභිසන්‍ද වර්ගය නිමි.
5. සගාථකපුඤ්ඤාභිසන්ද වර්ගය
1. අසඞේඛය්‍ය සූත්‍ර වර්ණනාව
පස්වන වග්ගයේ පළමුවැන්නෙහි - අසංඛෙය්‍යො = මිණුම් ප්‍රමාණය වශයෙන් අසංඛ්‍ය වූ, යොදුන් වශයෙන් ද මෙයට සංඛ්‍යාවන් තිබේ. බහුභෙරවං = සප්‍රාණික වූ ද, අප්‍රාණික වූද භයානක ආරම්මණයන්ගේ වශයෙන් “බහුභෙරවං” යයි යෙදේ. පුථු = බොහෝ වූ සවන්ති = ගලා බස්නා උපයන්ති = සමීපයට යති.