5. විනිපාත සූත්‍ර වර්ණනාව
පස් වැන්නෙහි - සිබ දුග්ගති විනිපාත භයං සමතික්කන්තො = මිනිසුන් හට ඇතිවන දුර්භාග්‍යය සමග සතර අපායයන්ද දුරු කරන ලදී.
6. මිත්තාමච්ච සූත්‍ර වර්ණනාව
සය වැන්නෙහි - මිත්තා = ඔවුනොවුන්ගේ ගෘහයෙහි සම්පත් භුක්ති විදීම් වශයෙන් සිටින වචනයට සීමිත වූ මිත්‍රයෝ අමච්චා = තමා වෙතට කැඳවීමට කරන කතාව. තමා වෙතින් ඉවතට යැවීමට කරන කථාව. ඉරියවු පැවැත්වීම ආදියෙහි එක්ව පවත්නා කටයුතු ඥාති = නැදි මයිලන්ගේ පිරිසට අයත්වූවෝ සාලොහිතා = සමාන ලේ ඇති සොයුරු, සොයුරි මයිලණු ආදීහු.
7. දුතිය මිත්තාමච්ච සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි - අඤ්ඤථත්තං = (අන්‍ය වූ ස්වභාවය) නම් ප්‍රසාදය පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, ස්වභාවයන්හි අන්‍ය වූ ස්වභාවය, ගති පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, ලක්ෂණ පිළිබඳ අන්‍ය වූ ස්වභාවය, වෙනස්වීම පිළිබඳ අන්‍ය වූ ස්වභාවය යනුවෙන් විවිධ වේ. එහි මහා භූතයන්හි ස්වභාවයන් පිළිබඳ වෙනස් වූ ස්වභාවයක් අදහස් කරන ලදී. පෘථිවිධාතුව රත්රන් ආදියෙන් ඝනව පිහිටයි. පෘථිවිධාතුව දිය වී ගොස් ජලය බවට හැරෙයි. මෙහිදී පූර්ව ධාතුව දිය වී ගොස් ජලය බවට හැරෙයි. මෙහිදී පූර්ව ස්වභාවය ඉවත් වෙයි. (පෙර තිබු) ස්වභාවයෙහි අන්‍ය වූ ස්වභාවයක් පෙනෙයි. ලක්ෂණය ඉවත් නො වෙයි. රළු ලෙස පවත්වා ලක්ෂණ පවතී. උක්පැණි ආදී ස්වභාවයෙන් ආපෝධාතුව යුෂ ආකාරයෙන් සිටියි. එය වියලී ඝන වූ පෘථිවි ධාතු ස්වභාවයට පැමිණීමෙහිදී මුල් ස්වභාවය ඉවත් වෙයි. එහිදී ස්වභාවයේ අන්‍ය වූ ස්වභාවය පෙනෙයි. ලක්ෂණය ඉවත් නොවෙයි. බැඳී පැවතීමේ ලක්ෂණ ම ඇති වේ. තත්‍රිදං අඤ්ඤථත්තං = මෙහිදී වනාහී ගති පිළිබඳ වෙනස් වීමක් අදහස් කෙරේ. එය ආර්ය ශ්‍රාවකයාහට ඇත්තේ නැත. ප්‍රසාදය පිළිබඳ වෙනස් ස්වභාවයක්ද නැත්තේමය. මෙහිදී ප්‍රසාද ඵලය ප්‍රකාශ කිරීම පිණිස ගති වෙනස්වීම ම දක්වන ලදී. සෙස්ස සියළු තැන්හි පහසු වේ.
දෙවන රාජකාරාම වර්ගය නිමි.
3. සරකානි වර්ගය
1-2. මහානාම ආදි සූත්‍ර වර්ණනා
තුන්වන වග්ගයේ පළමු වැන්නෙහි ඉද්ධං = තෙල් මී පැණි, උක් පැණි ආදියෙන් සමෘද්ධ වූ ඵීතං = අත් සහ හිස අලංකාර කිරීම වශයෙන් යෙදූ මල් ඇති ආකීණ්ණ මනුස්සං = අතරක් නැතිව බොහෝ වූ මිනිසුන් ඇති සම්බාධ බ්‍යුහං = බ්‍යු හා යනුවෙන් කැඩී බිඳී ඇත්තාවූ ද, ගියමගෙහිම ආපසු ඒමට සිදු වන්නාවූ ද මාර්ගය ගැන කියනු ලැබේ. එවැනි අපහසු මාර්ග මෙහි බහුලව ඇතැයි යන අදහසින් “සම්බාධ බ්‍යුහ” යයි යෙදේ. මෙයින්ද නගරයේ පවත්නා අධික ජනාවාස බවම දැක්වේ. විබ්භන්තෙන = ඒ මේ දෙස ඇවිදිමින් නොසන්සුන් ලෙස හැසිරෙන පුද්ගලයා විසින් දෙවැන්න පහසු වේ.
3. තතිය මහානාම සූත්‍ර වර්ණනාව
තුන් වැන්නෙහි - භගවාව එතං ජානෙය්‍ය එතහි ධම්මෙහි සමන්නාගතංවා අසමන්නාගතංවා = මෙය වනාහී ත්‍රිවිධ ධර්මයන්ගෙන් යුක්තවූ පුද්ගලයාගේ සෝවාන් වූ බව ද, චතුර්විධ ධර්මයන්ගෙන් යුක්ත වූ පුද්ගලයාගේ සෝවාන් වූ බව ද ඒ භාග්‍යවතුන් වහන්සේ ම දැන ගැනීමට හැකි වන සේකැයි යන අදහසින් කීය.
කොචිදෙව ධම්ම සමුප්පාදො උප්පජ්ජෙය්‍ය = කිසියම් කරුණක් උපදින්නේ නම්, එකතො අස්ස භගවා එකතො භික්‍ඛු සඞ්ඝො = යම් කරුණක් උපන් කල්හි භික්ෂු සංඝයා විවිධ මත දරන්නන් වුව ද භාග්‍යවතුන් වහන්සේ එක්මතයක් දේශනා කරන්නාහු වෙති. (එවිට) භික්ෂූ සංඝයා ද එක මතයකට පැමිණ, එකක්ම ප්‍රකාශ කරන්නාහු, එක්වූවාහුය යන අරුත වෙයි. තෙනෙවාහං = මා යම් මතයක් දරන බව ඔබ කියන්නහුද මම එයම දරන්නෙමි. රත්නත්‍රය කෙරෙහි ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රසාදයෙහි වෙනස් වීමක් නැත්තේය. එසේ කල්හි කුමක් හෙයින් මෙසේ කීවෝද යත් - භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥභාවය නිසා උන් වහන්සේට මෙසේ සිහි වේ. භික්ෂු සංඝයා තමාගේ අසර්වඥ භාවය නිසා නො දැනම එසේ කියති. ශාස්තෲන් වහන්සේට වනාහී නොදැනුවත් බවක් නම් නැත. එබැවින් මෙසේ කීහ. අඤ්ඤත්‍ර කල්‍යාණා අඤ්ඤත්‍ර කුසලා = යහපත් දෙයම කුසලයම යයි ද කියමි. යහපත් දෙයින් කුසලය වෙන් නොවූයේය යන අදහසයි. තව ද මෙය මෙනෙහි නො කිරීමේ දෝෂය ද වන්නේය.
4. සරකානි සූත්‍ර වර්ණනාව
සිවු වැන්නෙහි - ඉධ මහානාම එකච්චො පුග්ගලො = මේ හුදෙක් බඳුන් ම නොවේ. අපායෙන් මිදුණ තැනැත්තා මේ පුද්ගලයෝ ද මිදුණාහු යයි දැක්වීම පිණිස මෙය අරඹන ලදී. මත්තසො නිජ්ඣා ඛමන්ති = ප්‍රමාණය අනුවම බැලීමට කැමති වෙති. මෙයින් ධර්මයෙහි හැසිරෙන මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. අගන්තා නිරයං = මාර්ගස්ථ පුද්ගලයා වනාහී අපායෙන් නිදහස් වූයේ යයි හෝ මිදෙන්නේ යයි හෝ කීමට යෝග්‍ය වේද? යෝග්‍ය නොවේ. “යමකින් මිදෙන්නේ නම් එයින් “යන්නෝ”(ගත්තා) නම් නොවෙති” යනුවෙන් නො යන්නෝ (අගන්තා) අදහස් වේ. “නො යයි” යන අර්ථයයි. සද්ධා මත්තං පෙම මත්තං = මෙයින් ශ්‍රද්ධානුසාරී මාර්ගස්ථ පුද්ගලයා දැක්වේ. මහාසාලා = ආසන්නයෙහිම පිහිටි මහාසාර වෘක්ෂයන් සතර දක්වමින් මෙසේ කීය. මරණ කාලෙ සික්‍ඛං සමාදියී = මරණය සිදුවන සමයෙහි ත්‍රිවිධ ශික්ෂාවන්හි සම්පූර්ණත්වයට පත්වූයේ යයි දැක්වේ.