1. බල සූත්‍ර වර්ණනාව
බල කරණීය වර්ගයෙහි - පාදබල හා බාහුබලයෙන් කළයුතු දිවීම් පැනීම් තැවීම් උසුලාගෙන යාම් ආදී කර්මාන්ත සීලෙ පතිට්ඨාය = (පාතිමොක්ඛ සංවර, ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිසිත යන) චතු පාරිසුද්ධි සීලයෙහි පිහිටා අට්ඨංගිකං මග්ගං = විදර්ශනාව සහිත ආර්ය මාර්ගය
5. බීජ සූත්‍ර වර්ණනා
බීජගාම භූතගාම = මෙහි (මූල බීජ, ඛන්‍ධබීජ, අග්ගබීජ, ඵලබීජ, බීජබීජ යන) පස් වැදෑරුම් බීජ “බීජගාම” නම් වේ. එයම පත්‍රවලින් සම්පූර්ණ වූයේ නිල් පැහැති ස්වභාවයෙන් පටන්ගෙන වෘක්ෂ ලතා දක්වා වේ යයි දතයුතු වේ.
9. නාග සූත්‍ර වර්ණනා
බලං ගාගෙන්ති = බලය ගනිත්, ගන්නා ලද ශක්තීන් ස්ථිර ශරීර බවට පත් වේ. කුස්සුබ්හෙ ඔතරන්තී යන ආදියෙහි මේ අනු පිළිවෙළ කථාවයි. නාග ස්ත්‍රීහු වනාහී ගැබ් ගන්නා සමයෙහි ගැබ් පිහිටියාහු මෙසේ සිතත් “ඉදින් අපි මෙහි දරුවන් වදන්නෙමු නම් දියෙහි රළ වේගයට ද, ගුරුළන් හට ද (බියෙන්) දුව පැන පැමිණෙන අපගේ දරුවෝ තම වේගය ඉවසා දරා ගැනීමට නො හැක්කෝ වෙති.” ඒ නාග ස්ත්‍රීහු මුහුදෙහි ගිලී ගංමෝය සඳහා බිඳුණ ගංමුව දොරට පැමිණ පංච මහා ගංගාවනට පිවිස හිමවතට යති. එහි ගුරුළන් හට නො පැමිණිය හැකි රන් රිදී මැණික් ගුහාවන්හි වසමින් දරුවන් වදා නාග පෝතකයන් (ඔවුන්ගේ) වළලුකර ඇටචල මට්ටම පමණ වූ දියට බස්වා ජල තරණය පුහුණු කරවත්.
ඉක්බිති යම් කලෙක පිළිවෙළින් ඒ නාගයන් හට ගංගා ආදී නදීන්හි මෙතෙරින් එතෙරටද, ඒ තෙරින් මෙතෙරටද එතෙර මෙතෙර යාමට හැකිවේද, එකල්හි “දැන් අපගේ දරුවෝ දිය රළෙහි වේගය ද, ගුරුළන් ගේ වේගය ද ඉවසා දරා ගැනීමට සමත් වන්නාහ යි දැන තම ආනුභාවයෙන් මහා වර්ෂාවක් ඇති කරවා මුළු හිමවතම එකම ජලාශයක් කරමින් වැසි වස්වා රනින් හා රිදියෙන් කළ නැව් මවා මතුයෙහි රන් තරුවලින් විසිතුරු වූ, එක් තැන් කළ ගඳ මල් දම් හා රෙදි වියන් බඳවා සුරා, බත්, ගඳමල් ආදිය ගෙන්වා ගෙන එම නැව්වලින් මහා ගංගා පහ ඉක්මවා ක්‍රමයෙන් මහා සමුද්‍රයට පැමිණෙත්. එහි වෙසෙන්නාවූ ඒ නාගයෝ බඹ සියය, බඹ දහස, බඹ ලක්ෂය යන ප්‍රමාණයන්ට වැඩෙන්නාහු මහත් බවට, විශාල බවට පැමිණෙත්.
එවමෙව ඛො = මෙහි හිමාලය පර්වතය මෙන් චතුපාරිශුද්ධි ශීලය දැක්විය යුතුය. නාග පෝතකයන් මෙන් යෝගාවචරයන් ද, කුඩා විල්මෙන් ආර්ය මාර්ගය ද, මහා සමුද්‍රය මෙන් නිර්වාණය ද දැක්විය යුතුය. යම් සේ නාගපෝතකයෝ හිමවතෙහි පිහිටා කුඩා විල් ආදියෙන් මහ සමුදුරට පැමිණ ශාරීරිකව මහත් බවට පැමිණෙත් ද, එසේම යෝගීහු සීලය ආධාර කොට ගෙන, සීලයෙහි පිහිටා ආර්ය මාර්ගයෙන් නිවනට පැමිණ අර්හත් මාර්ගයෙන්ම පැමිණි අභිඥධර්මයන් ඇති කල්හි ගුණශරීර වශයෙන් මහත් බවට පැමිණෙත්.
17. කුම්හ සූත්‍ර වර්ණනා
කුම්හො = දිය කළය. නො පච්චාවමති = ආපසු නො හැරෙයි, ඇතුළට නොපිවිසෙයි යන අර්ථයි.
25. ආකාස සූත්‍ර වර්ණනා
පුරත්‍ථිමා = නැගෙනහිර දෙසින් පැමිණි වාතය පච්ඡිම ආදියෙහි ද මේ පිළිවෙළම වේ. චත්තාරොපි සතිපට්ඨානා = යම් සේ වනාහී පෙරදිග ආදී වශයෙන් වෙන්වූ මෙම වාතයන්ගේ එක්වීම අහසෙහිදී සිදු වේද, එසේම මෙහිද සතර සතිපට්ඨානයන්ය යන ආදී වශයෙන් කියන ලදී. බෝධිපාක්ෂික ධර්මයෝ විදර්ශනාව සහිත ආර්ය මාර්ගයාගේ භාවනාව සඳහා වර්ධනය වෙති. ඒ නිසා මෙය කියන ලදී.
29. මේඝ සූත්‍ර වර්ණනා
ගිම්හානං පච්ඡිමෙ මාසෙ = ඇසළ මාසයෙහි. උපහතං = දෙපාවුන්ගේ හා සිවුපාවුන්ගේ පා පහරින් පොළෝ තලයෙහි නැඟී සිට ඉහළට යොමු වී (පහන්) වැටී ආකාරයට පත් වී අහසෙහි විහිදෙන රජොජල්ලං = (ඇඟේ තැවරී ඇති) පස් දුවිලි තට්ටුව.
37. නවා සූත්‍ර වර්ණනා
සාමුද්දිකාය නාවාය = යන ආදිය වනාහී යට වෙළෙන්දා පිළිබඳ උපමා මෙහිදී විස්තර කරන ලද්දේමය.
41. ආගන්තුක සූත්‍ර වර්ණනා
ආගන්තුකා ගාරං = පින් කැමැත්තවුන් විසින් නුවර මැද කරවන ලද ආගන්තුකයන් සඳහා වූ ගෘහය, එහි රාජරාජ මහාමාත්‍යවරුන් හට ද නැවතීම සඳහා පැමිණිය හැක. අහිඤ්ඤා පරිඤ්ඤෙය්‍ය = යම් සේ වනාහී පෙරදිග ආදී දිසාවන්ගෙන් පැමිණි එම ක්ෂත්‍රිය ආදීන් හට ද ආගන්තුක ගෘහයෙහි වාසය පිණිස කැමැත්ත උපදීද, එසේම මනාවූ නුවණින් දත යුතුව ඇතැයි යන ආදී මේ ධර්මයන් හට ද, මනා වූ නුවණින් දැන ගත යුතුව ඇතැයි යන විදර්ශනා ආර්ය මාර්ගය වැඩීමට ද කැමතිවෙත් ද ඒ නිසා මෙය කියන ලදී. නදීසූත්‍රය යට කියන ලද පිළිවෙළ අනුවම වේ.