1-11. කායගතාසති ආදි සූත්‍ර වර්ණනා
අසංඛත සංයුත්තයෙහි පළමුවැන්නෙහි - අසංඛතං = නො සාදන ලද හිතෙසිනා = යහපත සොයන්නහු විසින් අනුකම්පකෙන = අනුකම්පා කිරීමෙන් අනුකම්පං උපාදාය = අනුකම්පාව සිතෙන් ග්‍රහණය කොට අනුකම්පාව හේතු කොට ගෙන යයි ද කියන ලද්දේ වෙයි. කතං වා තං මයා = මෙම අසංස්කාරිතය (හෙවත් නිවන) ද, අසංස්කාරිතයට යන මඟ ද දේසනා කරන තථාගතයන් වහන්සේ විසින් ඔබහට කරන ලද දේශනාව වූ අවිපරීත (වෙනස් නොවන) ධර්ම දේශනය මෙපමණ සානුකම්පක වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යයයි. මින් මතුවට වනාහී ප්‍රතිපත්ති රැකීම නම් ශ්‍රාවකයන්ගේ කෘත්‍යයකි. එසේ හෙයින් එතානි භික්‍ඛවෙ රුක්‍ඛමූලානි - මේ අම්හාකං අනුසාසති = යයි කියන ලදී. මෙයින් වෘක්ෂමූල සේනාසනය දක්වයි. සුඤ්ඤාගාරානි = මෙයින් ජනශුන්‍යවූ ස්ථානයක් ගැන කියවේ. (රුක්ඛමුල, සුඤ්ඤාගාර යන) දෙකින්ම භාවනාවට යෝග්‍ය වූ සෙනසුන ගැන කියයි. (ලෝකෝත්තර) දායාදය ලබා දෙයි.
ඣායථ = අරමුණු අනුව ධ්‍යාන වැඩීමෙන් ද, අටතිස් අරමුණු සලකුණු ලෙස තබා ධ්‍යාන වැඩීමෙන් ද අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධ (පස) ආයතන (සය) ආදිය අරමුණු කොට ධ්‍යාන වඩන්නයයිද සමථ හා විදර්ශනා වඩන්නයයිද කියන ලද්දේ වෙයි. මා පමාදත්‍ථ = ප්‍රමාද නොවව්. මා පච්ඡා විප්පටි සාරිනො අහුවත්‍ථ = යමකු පෙර තරුණ කල්හි ද නීරෝගී කල්හි ද, පරිභෝග වස්තූන් සහිත සම්පත්තියෙන් යුත් කල්හිද. ශාස්තෲන් වහන්සේ හමුවන කල්හි නුවණින් මෙනෙහි කිරීමෙන් තොරව දිවාරාත්‍රි මකුණන් විදින කල්හිදු නිදමින් සයනගත සුවය හා අලස ලෙස ගත කරන මිද්ධ සුඛය ද විදිමින් ප්‍රමාද වෙමින් වෙසෙත් ද, ඔව්හු පසුව තමන් ජරාවට, රෝගාබාධවලට, මරණයට, විපතට පත්වූ කල්හි ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි ද පෙර තමා ගත කළ ප්‍රමාදයෙන් ගත කළ කාලය සිහිපත් කරමින් ප්‍රතිසන්ධිය හා මරණය පිළිබඳ බැරෑරුම් ස්වභාවය දකිමින් පසුතැවිලි වෙත්. යුෂ්මත්හු වනාහී එසේ නොවවු, යන කරුණු දක්වමින් “මා පච්ඡා විප්පටි සාරිනො අහුවත්‍ථ” (පසුව පසුතැවිලි නොවව්) යනුවෙන් කීහ.
අයං වො අම්හාකෙ අනුසාසති = “අප වෙතින් උගත් ධ්‍යාන වඩවූ, ප්‍රමාද නොවවු” යනුවෙන් මෙය ඔබට අනුශාසනය ද අවවාදය ද වේයයි කියන ලද්දේ වෙයි.
2. දුතිය අසඞ්ඛත වර්ගය
1-1837. අසඞ්ඛත ආදි සූත්‍ර වර්ණනා
කායෙ කායානුපස්සී යන මේ ආදියෙහි යමක් කිව යුතුනම් එය වෙනම කියන්නෙමු.
අන්තං යන ආදියෙහි තෘෂ්ණා රතියෙහි අභාවයෙන් අන්තං යනු වේ. (කාමාසව භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන) ආශ්‍රවන් සතරේ අභාවයෙන් අනාසවං යී යෙදේ. පරමාර්ථ සත්‍ය හේතුවෙන් සච්චං නම් වේ. (සසරේ) පැවැත්මෙහි පසු කෙළවර යන අරුතින් පාරං යනු වේ. සියුම් යන අරුතින් නිපුණං යනු වේ. අවබෝධයට ඉතා අපහසු බැවින් සුදුද්දස යනු වේ. දිරීමෙන් ජරාවට පත් නොවූ බැවින් අජරං නම් වේ. ස්ථිරය යන අරුතින් ධුවං නම් වේ. විනාශ නොවන බැවින් යන අදහසින් අපලොකිතං යනු වේ. චක්ෂුර් විඥානයෙන් නොදැකිය හැකි බැවින් යන අදහසින් අනිදස්සනං යනු වේ. තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපංචයන්ගේ අභාවයෙන් යන අරුතින් නිප්පපඤ්චං යනු වේ.
ශාන්ත ස්වභාවයෙන් යන අරුතින් සන්තං යනු වේ. මරණය නොවේය යන අරුතින් අමතං යනු වේ. උතුම්ය යන අරුතින් පණීතං නම් වේ. සශ්‍රීකය යන අරුතින් සිවං නම් වේ. උපදාව රහිත බැවින් යන අරුතින් ඛෙමං නම් වේ. තෘෂ්ණාව ක්ෂය කළ හේතුවෙන් යන අරුතින් තණ්හක්‍ඛයං නම් වේ.
විස්මය පළ කිරීමේ අදහසින් අසුර ගැසිය යුතුවූවක්ය යන අදහසින් අච්ඡරියං නම් වේ. පෙර සිදු නොවූයේ අබ්භුතං නම් වේ. ඉපදීමක් හෙවත් හටගැනීමක් නැතිව පවත්නේය යනුවෙන් ද අබ්භූතං නම් වේ. දුක් නැති බැවින් යන අදහසින් අනීතිකං නම් වේ. දුක් නැති ස්වභාවය ඇති බැවින් යන අදහසින් අනීතිකධම්මං යි නම් වේ. තෘෂ්ණාව නැති බැවින් යන අදහසින් නිබ්බාණ නම් වේ. හිංසා පීඩා නැති බැවින්ම යන අදහසින් අබ්‍යාපජ්ඣං නම් වේ. විරාගය හෙවත් නිවන අවබෝධ කර ගැනීමට හේතුවන බැවින් යන අදහසින් විරාගං නම් වේ. පරමාර්ථය පිරිසිදු බැවින් යන අදහසින් සුද්ධි නම් වේ. තෙවැදැරුම් භවයන්ගෙන් මිදුණ බැවින් මුත්ති නම් වේ. කාමය, ආලය ආදිය නැති බැවින් යන අදහසින් අනාලය නම් වේ. පිහිටීම යන අරුතින් දීපං නම් වේ. (සිතින්) එකට ඇලී පැවතිය යුතුය යන අරුතින් ලෙණං නම් වේ. රැකීම යන අරුතින් තාණ නම් වේ. බියට (පත් අයට) සරණ වීම යන අරුතින් සරණං නම් වේ. බියනැසීම යන අරුතයි. ඉවතට යාමට මඟ පිහිටා ඇත යනුවෙන් පරායණං නම් වේ. සෙස්ස මෙහි කියන ලද පිළිවෙළ අනුවම වන්නේය.