9. කුල සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - දුබ්භික්ඛා = ආහාර හිඟ බව, ද්වීහිතිකා = ජීවත් වන්නෙමුද, නොවන්නෙමු ද යනුවෙන් මෙසේ පැවතී උත්සාහවත් බව (හෙවත් දරා ගැනීම) දුහිතිකා යනුවෙන් ද පාඨයක් වේ. (එහිද) මේ අරුත ම වේ. “දුක්ඛං ඊහති” හෙවත් (දුකසේ දරා ගනියි) යන මෙහි කිසිම ක්‍රියාවක් පහසුවෙන් සිදු කිරීමට නොහැක්කේය යන අරුතින් “දුහිතිකා” නම් වේ. ඒ ඒ තන්හි මළ මිනිසුන් ගේ විසුරුණා වූ සුදු පැහැති ඇට මෙහි ඇත යන අදහසින් සෙතට්ඨිකා (යි යෙදවන) සලාකවුත්තා = සලාක මාත්‍රයක් පමණක් බෙදා හරින ලදී. එහි යමක් විසුරුවන ලද්දේ ද, වපුරන ලද්දේ ද එය සලාක මාත්‍රයක් පමණක්ම විය. ප්‍රතිඵල නො උපදවන්නේය යන අර්ථයයි.
උග්ගිලිතුං = අන්ත දෙකම බැහැර කොට කියන්නට නොහැක්කේ ගිලගැනීමට හෝ වැමෑරීමට නො හැකි විය. ඔගිලිතුං = වාලධියෙහි දොසක් දැක. ඉවත් කිරීමට නොහැක්කේ ගිල ගැනීමට හෝ ඇතුලු කර ගැනීමට නොහැකි විය.
ඉතො සො ගාමණි එක නවුතො කප්පො = නාසයෙන් නික්මෙන්නාවූ වාතය යම්තාක් වූ කාලයක් තුළ නැවත ඇතුල් නොවේද, එපමණ කාලයකින් (හෙවත් එක් හුස්ම ගැනීම් කාලයක් තුළ) කල්ප අනූ එකක් සිතින් සිහිපත් කළේය. පිසූ ආහාර දන්දීම නිසා පෙර පැමිණි කිසිවකු නිවසේ සිටීදැයි දැන ගැනීම පිණිස (යොමු වූයේ නමුදු) එක් අයකුදු නො දක්නේ “ඉතොසො ගාමණී” යන ආදිය කීහ. දැන්, දන්දීම් ආදියෙහි අනුසස් දෙසන්නාහු “අථ ඛො යානි තානි කුලානි අඞ්ගානි” (ආඪ්‍යව පවත්නා. යම් බඳු වූ එම කුල ගෙවල් වේද) යනුවෙන් දම් දෙසුම ඇරඹූහ. එහි දාන සම්භුතානි යනු දානයෙන් හටගත්. දානයෙන් උපන් යන අදහසයි. සෙසු පද දෙකෙහි ද අරුත් මේ පිළිවෙළින්ම වේ. මෙහි වනාහී “සච්චං” (සත්‍යය) නම් සත්‍යවාදී බවයි. “සඤ්ඤමං” (සංයමය) නම් සෙසු සීලයයි. විකිරති = නුසුදුසු ලෙස වළඳමින් විසුරුවා හරියි. විධමති = ගිනි අවුලන්නාක් මෙන් වනසයි. විද්ධංසෙති = නසයි. අනිච්චතා = අනිත්‍ය භාවයට පත් වී අභාවයට යාමයි. නැතහොත් බොහෝ කලක් තුළ රැස් කරගත් දෙය සැණෙකින් අතුරුදන් වීමයි.
10. මණිචූළක සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - තං පරිසං එතදවොච = ඔහුට මෙසේ අදහස් විය. පැවිදිවන්නාවූ කුල පුත්‍රයෝ අඹු දරුවන් ද රන් රිදී (ආදී වස්තුව) ද අත්හැර දමා ම පැවිදි වෙති. යමක් අත්හැර දමා පැවිදි වූවාහු ද, එය ගැනීමට ඔවුන් හට නො හැක්කේය යන න්‍යායයෙහි පිහිටා “මා අය්යො” යන ආදී වදන් කීය. එකං සමෙතං මෙම පඤ්චකාම ගුණයන් කෙරෙහි ඇති ආශාව ශ්‍රමණ ධර්මයක් නොවේය, ශාක්‍ය පුත්‍ර (සර්වඥ) යන් වහන්සේගේ ධර්මයක් (ද) නොවේය යනුවෙන් ඒකාන්ත ලෙසම දරාගෙන සිටින්නෙහි ය.
කිණං = සෙනසුන වසන තණ පත් පරියෙසිතබ්බං ආවාස ගෘහයෙහි තෘණ ආවරණය හෝ උළු ආවරණය පලුදු වූ කල්හි, එය සකස් කළ අය වෙතට ගොස් “ඔබ විසින් කරවන ලද සෙනසුන වැස්සට තෙමෙන්නේය. එහි වාසය කළ නො හැක්කේය” යනුවෙන් කිව යුතුය. හැකි කම ඇති මනුෂ්‍යයෝ එය සකස් කරත්, හැකියාව නැති යුෂ්මත්හු වඩුවකු ගෙන්වාගෙන සකස් කර ගන්න යයි අපි ඔවුන් හට අවබෝධ කරවන්නෙමු යයි කියත්. මෙසේ කී කල්හි (පිළිසකර) කොට ඔවුන් හට කිව යුතුය. මනුෂ්‍යයෝ ඔවුනට දිය යුතු දෙය දෙති. යම් හෙයකින් ආවාසය සඳහා හිමිකරුවන් නො වෙත්නම් අන් අයට හෝ පිඬු පිණිස හැකි වේ. වතින් දැනුම් දී (පිලිසකර) කරන්නට වටනේය. මේ සඳහා “පරියෙසි තබ්බං” යයි කියන ලදී.
දා රුං = සෙනසුනෙහි යට ලී ආදිය පලුදු වන විට ඒ සඳහා යොදා ගන්නා දැව සකටං = ගෘහය (තුළ ඇති දේවල්) විකෘති කොට තනන තාවකාලික ගැලක් එය හුදෙක් ගැලක් පමණක්ම නොවේ. වෙනත් වෑ පොරෝ උදලු ආදී උපකරණ ද මෙසේ සපයා ගත යුතු වේ. පුරිසො = පුද්ගලයා අත්කමක් වශයෙන් පරීක්ෂා කළ යුතු වේ. යම් කිසි පුරුෂයකු හට ඇවැත්නි, අත්කමක් සිදුකොට දක්වන්නැයි කියා (සිටි කල්හි) දක්වන්නෙමි ස්වාමීනි” යි (පිළිතුරු) කී විට මේ මේ දෙය කරන්නැයි යම් කැමතිවන දෙයක් කියයි ද එය තනාදීම වටනේය. නත්වෙවාහං ගාමණි කෙනචි පරියායෙන = මම කිසියම් කරුණකින් රන් රිදී යන මේවා සැපයිය යුතුයයි නො කියමි.
11. භද්‍රක සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි - මල්ලෙසු = එනම් වූ ජන පදයෙහි වධෙන මරණයෙන් ජානියා = ධනය හීන වීමෙන්. අකාලිකෙන පත්තෙන = කල් පසු නො කොට පැමිණීමෙන්, කල් ඉක්මවීමක් නැතිව පැමිණීමෙන් යන අරුත් ඇත්තේ වේ. වීරවාසි නාම කුමාරො = ඔහුගේ මෙම නම ඇති පුත්‍රයා බහි ආවාසකෙ පටිවසති = නගරයෙන් පිටත කිසියම් ශිල්පයක් උගනිමින් වාසය කරයි. මේ සූත්‍රයේදී පවත්නාවූ දුක පිළිබඳව කියන ලදී.