12. රාසිය සූත්‍ර වර්ණනාව
දොළොස් වැන්නෙහි - රාසියො = එක් රැස්කොට ප්‍රශ්න විමසන ලද බැවින් “රාසියො” = යන මෙය ධර්ම සංගීති කාරක තෙරවරුන් විසින් (යොදා) ගන්නා ලද නාමයකි. තපස්සිං = තපස් බව හා ආශ්‍රිත වූ ලුඛජීවිං = රූක්ෂලෙස (හෙවත් සුඛ විහරණයෙන් තොරව ගත කරන ජීවිතයක් ඇති. අන්තා = කොටස් ගාමො = ග්‍රාම්‍ය වූ (හෙවත් පැවතීමෙන් පහත්) ගම්මො යනුවෙන් ද පාඨයක් වේ. ග්‍රාම (හෙවත් නො දියුණු ප්‍රදේශයන්හි) වාසීන්ගේ ධර්මයය යන අරුතයි. අත්ත කිලමථානුයොගො = තමාහට දුක් දීමේ යෙදෙන. සිරුරට දුක් ඇති කරවන යන අරුතයි
කුමක් හෙයින් මෙහිදී කාම සුඛල්ලිකානු යෝගය (හෙවත් කම් සුවයෙහි ඇලී සිටීම) ගන්නා ලද්දේද? කුමක් හෙයින් අත්ත කිලමථානු යෝගය (හෙවත් තමාට දුක්විඳීමෙහි යෙදීම) ගන්නා ලද්දේද? කුමක් හෙයින් මධ්‍යම ප්‍රතිපදාව ගන්නා ලද්දේද? කාම සුඛල්ලිකානුයෝගය වූ කලී කාමභෝගි ජනයාගේ දැකීම පිණිස ගන්නා ලදී. අත්තකිලමථානු යෝගය තපසෙහි යෙදුණ අයගේ දැකීම පිණිස ගන්නා ලදී. මධ්‍යම ප්‍රතිපදාව ඡරාඡීර්ණ නොවන ත්‍රිවිධ වස්තූන්ගේ දැක්වීම පිණිස ගන්නා ලදී. මේවා දැක්වීම මෙන් කිනම් ප්‍රයෝජනයක්ද යත් මේ අන්ත දෙක අත්හැර තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූහ. උන්වහන්සේ කාමභෝගී වූ ද හැම දෙනම ගැරහීමට ලක් නොකරති, ප්‍රශංසා ද නොකරති. තපසෙහි යෙදෙන්නාවූ ද (අත්තකිලමථානුයෝගී) සියල්ලන් නො ගරහති, ප්‍රශංසා ද නොකරති. ගැරහිය යුත්තන් ම ගරහති. පැසසිය යුත්තන් ම පසසති. මේ අදහස පැහැදිලි කිරීම සඳහා (කාම සුඛල්ලිකානුයෝග, අත්ත කිලමථානුයෝග. මජ්ඣිම පටිපදා යන) මේවා දැක්වීමෙන් ප්‍රයෝජනයක් වේයයි දත යුතුය.
දැන් එම අදහස ප්‍රකාශ කරන සේක් “තයො ඛො මෙ ගාමණී කාම භොගිනො” (පින්වත් ග්‍රාමණී, මේ තිදෙනා වනාහී කාම භෝගීහු මය) යන ආදිය වදාළහ.
එහි - සාහසෙන = සාපරාධී (හෙවත් දුරදිග නොබලන) ක්‍රියාවකින්. න සංවිභජති - මිතුරන්, සහායකයන්, දැක පුරුදු අය, ආසන්න මිතුරන් යන මොවුන් විභාග නොකරයි.
න පුඤ්ඤානි කරොති = අනාගත භවයට හේතුවන පින් නොකරයි. ධම්මාධම්මෙන = ධර්මයෙන් සහ අධර්මයෙන් ඨානෙහි = කරුණුවලින් සච්ඡිකරොති තමා තවමින් අධික ලෙස තවමින් චතුරංග වීර්ය වශයෙන් හෝ ධුතාංග වශයෙන් හෝ කෙසේ නම් අවබෝධ කරගණීද? තිස්සො සන්‍දිට්ඨිකා නිජ්ජරා = මෙහි ත්‍රිවිධ ක්ලේශයන්ගේ පැවැත්ම පිණිස වන එකම මඟ “තිස්සො නිජ්ජරා” (හෙවත් තෙවැදෑරුම් නොදිරවීම්) යයි කියන ලදී.
13. පාටලිය සූත්‍ර වර්ණනාව
තෙළෙස්වැන්නෙහි - දුතෙය්‍යානි = දූත ක්‍රියාවන් සඳහා යොදා ගන්නා ලිපි හා වාචික පණිවුඩ පාණාතිපාතඤ්චාහං = මෙය කුමක් හෙයින් අරඹන ලද්දේද? හුදෙක් මෙපමණක් දන්නෙම් නොවෙමි. අන් දෙය ද මේ මේ දෙය ද දනිමියි සර්වඥභාවය දැක්වීම පිණිස අරඹන ලදී. සන්ති හි ගාමණි එකෙ සමණ බ්‍රාහ්මණ = සෙසු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ලබ්ධිය පෙන්වා එය ඉවත් කරවීම පිණිස මෙය අරඹන ලදී.
මාලී කුණ්ඩලී = මාලා (මල්දම්) යන්නෙන් “මාලී” යනු ද, කුණ්ඩලෙහි (කර්ණාභරණ යන්ගෙන්) යන්නෙන් “කුණ්ඩලී” යනු ද සැදේ. ඉත්‍ථි කාමෙහි = ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තෝ “ඉත්‍ථි කාමා” නම් වෙති. ඔවුන් විසින් යන අරුතින් “ඉත්‍ථි කාමෙහි” නම් වේ. ආවසථාගාරං = කුල ගෙයක එක් තැනෙක් හි එක් අයකුගේ ම සුව පහසු වාසය පිණිස සාදන ලද වාසස්ථානය තෙනාහං යථා සන්ති යථාබලං සම්හඡාමි = තමාගේ ශක්තියට අනුරූප වන ලෙස ද, බලයට අනුරූප වන ලෙස ද මම ඔහුට කොටස් වෙන් කරමි. අලං = යුතු වූ (සුදුසුවූ) කඞ්ඛනියෙ ඨානෙ = සැක කළයුතු කරුණෙහි. චිත්ත සමාධිං = එම ධර්ම සමාධියෙහි සිටියාවූ ඔබ විදර්ශනාව සමග මාර්ග සතර වශයෙන් ඉදින් චිත්ත සමාධිය ලබා ගන්නෙහියයි දක්වයි. අපණ්ණකතායමය්හං = මේ පිළිවෙත මාගේ සත්‍ය භාවය (හා) නිර්දෝෂිභාවය නිසා මෙසේ පවතී යන අරුතයි. කටග්ගාහො = රළුදේ ග්‍රහණය කිරීම.
අයං ඛො ගාමණී ධම්මසමාධි තත්‍ර චෙ ත්‍වං චිත්ත සමාධිං පටිලභෙය්‍යාසි = මෙහි “ධම්ම සමාධි” යනු දශකුශල ධර්ම මාර්ගයට අයත් ධර්මයන්ය. “චිත්ත සමාධි” යනු විදර්ශනාව සහිතවූ මාර්ග සතරය. නැතහොත් ප්‍රමෝදය උපදියි ද, ප්‍රමෝදය පත්වූවහට ප්‍රීතිය උපදියි ද යනුවෙන් මෙසේ කියන ලද්දාවූ ප්‍රමෝදය ප්‍රීතිය ශාන්තභාවය සුඛය සමාධිය සංඛ්‍යාත වූ පඤ්චධර්මයෝ “ධම්ම සමාධි” නම් වෙති. “චිත්ත සමාධිය” වනාහී විදර්ශනාව සහිතව මාර්ග සතරමය. වැලිදු දස කුසල දහම් මග හා සතර බඹ විහරණ යන මෙය “ධම්ම සමාධි” නම් වේ. එය පුරන්නහුට උපන් සිත එකඟ බව “චිත්ත සමාධි” නම් වේ. එවං ත්‍වං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍යාසි = මෙසේ ඔබ ඉහත විස්තර කියූ මෙම ධර්ම සමාධියෙහි පිහිටියේ. ඉදින් මෙසේ චිත්ත සමාධිය ලැබ ගන්නෙහියයි එක් අංශයකින් මෙම සැකය ඉවත් කරන්නෙහිය යන අරුතයි. සෙස්ස සියළු තන්හිම කියනලද පරිදිම දත යුත්තේය.
ගාමණී සංයුත්තය සමාප්තයි
9. අසඞ්ඛත සංයුක්තය
1. අසඞ්ඛත වර්ගය
1-11. කායගතාසති ආදි සූත්‍ර වර්ණනා
අසංඛත සංයුත්තයෙහි පළමුවැන්නෙහි - අසංඛතං = නො සාදන ලද හිතෙසිනා = යහපත සොයන්නහු විසින් අනුකම්පකෙන = අනුකම්පා කිරීමෙන් අනුකම්පං උපාදාය = අනුකම්පාව සිතෙන් ග්‍රහණය කොට අනුකම්පාව හේතු කොට ගෙන යයි ද කියන ලද්දේ වෙයි. කතං වා තං මයා = මෙම අසංස්කාරිතය (හෙවත් නිවන) ද, අසංස්කාරිතයට යන මඟ ද දේසනා කරන තථාගතයන් වහන්සේ විසින් ඔබහට කරන ලද දේශනාව වූ අවිපරීත (වෙනස් නොවන) ධර්ම දේශනය මෙපමණ සානුකම්පක වූ ශාස්තෲන් වහන්සේගේ කෘත්‍යයයි. මින් මතුවට වනාහී ප්‍රතිපත්ති රැකීම නම් ශ්‍රාවකයන්ගේ කෘත්‍යයකි. එසේ හෙයින් එතානි භික්‍ඛවෙ රුක්‍ඛමූලානි - මේ අම්හාකං අනුසාසති = යයි කියන ලදී. මෙයින් වෘක්ෂමූල සේනාසනය දක්වයි. සුඤ්ඤාගාරානි = මෙයින් ජනශුන්‍යවූ ස්ථානයක් ගැන කියවේ. (රුක්ඛමුල, සුඤ්ඤාගාර යන) දෙකින්ම භාවනාවට යෝග්‍ය වූ සෙනසුන ගැන කියයි. (ලෝකෝත්තර) දායාදය ලබා දෙයි.