3. බල වර්ගය
1-2. සුද්ධ ආදි සූත්ර වර්ණනා
දස වැන්නෙහි - රූපබලං යන මේ ආදියෙහි රූපසම්පත්තිය රූපබලයයි. භෝග සම්පත්තිය භෝග බලයයි, ඥාති සම්පත්තිය ඥාති බලයයි, පුත්ර සම්පත්තිය පුත්ර බලයයි, සීල සම්පත්තිය සීල බලයයි. පන් සිල් ද, දසසිල් ද නො කඩ කොට රකින්නහුගේ වනාහී සීල සම්පත්තියම සීල බලය නම් වේ. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානි = (යට කියන ලද) මේ පස උපකාරී වීම යන අරුතින් “බල” යයි කියනු ලැබේ.
3-10. පසය්හ ආදි සූත්ර වර්ණනා
පසය්හ = මැඩ පවත්වා. අභිභුය්යාති = මැඩ පවත්වයි. වසා ගෙන නැති කරයි. නොවරූප බලං තායිති = රූප බලය රැකීමට, ආරක්ෂා කිරීමට නො හැක්කේම වෙයි. නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති = (මොවුන්) දුසිල්වතුන්ය, සුචරිතය බිඳ ගත්තවුන්ය. (හික්මීමේ) සීමාවන් ඉක්ම ගියවූන්ය. (ආදිය කියමින්) ගෙලෙන් අල්වාගෙන පළවා හරිත්, එම කුල ගෘහයෙහි වාසයට ඉඩ නොදෙත්. වාසෙන්තෙව නං කුලෙන නාසෙන්ති = රූපයෙන් හෝ ධනයෙන් හෝ කුමන ඵලද? මොවුන් පිරිසිදු සිල්වතුන්ය. ආචාර සම්පන්නයන්ය යනුවෙන් දැන ඥාතීහු ඔවුන් එම කුලගෙහිම වාසය කරවත්, පීඩා නො කරත්. සෙස්ස සියලු තන්හිම පහසු අරුත් සහිත වේ.
මාතුගාම සංයුත්තය සමාප්තයි.
4. ජම්බුඛාදක සංයුක්තය
1. නිබ්බාන සූත්ර වර්ණනාව
ජම්බුඛාදක සංයුත්තයෙහි - ජම්බු ඛාදකො පරිබ්බාජකො = නම් නම ඇති, තෙරුන්ගේ සොහොයුරියගේ පුතා ඡන්න නම් පිරිවැජියා යොඛො ආවුසො රාගක්ඛයො = නිවනට පැමිණ රාගය ක්ෂය වෙයි. ඒ නිසා නිවන රාගක්ෂය යයි කියනු ලැබේ. දෝස හා මෝහයන් ක්ෂය කිරීම්වලදීද මේ පිළිවෙළම වේ.
යමකු වනාහී මේ සූත්රයෙන් ම ක්ලේශ ක්ෂය මාත්රයම නිර්වාණය වේයයි කියන්නේ නම් කෙලෙස් ක්ෂය වන්නේ තමාගේ ද නැතහොත් අන් අයගේද යනුවෙන් කවරකුගේ කෙලෙස් ක්ෂය වේද යන්න ඔහු කිව යුතු වේ. ඒකාන්තයෙන්ම තමාගේ යයි කියයි. අනතුරුව “ගෝත්රභූ ඥානයට (මාර්ග සිතට ආසන්න පූර්වයෙහි උපදනා සිතට) කුමක් අරමුණු වේදැයි ප්රශ්න කළ යුතුය. “නිවන අරමුණු වේය” යි දන්නා තැනැත්තා කියයි. ගෝත්රභූ ඥානය පහළ වූ කෙණෙහි කෙළෙස් ක්ෂය වූයේ ද, ක්ෂය වේද, මතුවට ක්ෂය වන්නේ දැයි විමසිය යුතුය (කෙලෙස්) ක්ෂය වූයේය යි හෝ ක්ෂය වේයයි හෝ නො කිව යුත්තේ ය. (මතු) ක්ෂය වන්නේයයි යනුවෙන් කිව යුතු වේ. කිම? ඒ කෙලෙස් ක්ෂය නොවූ කල්හිම ගෝත්රභූ ඥානය කෙලෙස් ක්ෂය කිරීම අරමුණු කරන්නේ ද යත්, ඒකාන්ත වශයෙන්ම එසේ කී කල්හි නිරුත්තර වන්නේය.
මාර්ග ඥානයෙනුදු මෙය යෙදිය යුතුයි. මාර්ග (ය අවබෝධ කර ගන්නා) කෙණෙහිම කෙලෙස් ක්ෂය වේයයි කියනු නො ලැබේ. කෙලෙස් ක්ෂීණ නොවූ, කල්හි කෙළෙස් ක්ෂය වීම අරමුණු නොවේ. එහෙයින් යම් තත්ත්වයකට පැමිණ රාගාදිය ක්ෂය වේද? ඒ තත්ත්වය නම් නිවනයයි පිළිගත යුතු වේ. ඒ වනාහී රූපී ධර්මයන්ය, අරූපී ධර්මයන්ය යන ආදී ද්විත්ව (ධර්ම) යහි අරූපී ධර්මයන්යයි සංග්රහ කොට ගන්නා ලද බැවින් කෙලෙස් ක්ෂය වීම් මාත්රය පමණක්ම නොවේ.
2. අරහත්ත සූත්ර වර්ණනාව
අර්හත්වය පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු ප්රකාශ කිරීමේදී යම් හෙයකින් අර්හත්වය රාග ද්වේෂ මොහයන්ගේ ක්ෂීණ වීමේ අන්තයෙහිදී උපදීද, එහෙයින් “රාගක්ඛය, දොසක්ඛය ලැබී ඇත)
3-15. ධම්මවාදී ආදි සූත්ර වර්ණනා
තෙ ලොකෙ සුගතා = එම රාගාදීන් අත්හැර ගිය බැවින්, මනාලෙස ගියෝය. (සුට්ඨු ගතා) යි යන අරුතින් “සුගත” යයි යෙදේ. දුක්ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්ථං = පැවැත්ම (හෙවත් සසර) පිළිබඳ දුක මුළුමනින්ම දැන ගනු පිණිස. දුක්ඛතා = දුඃඛ ස්වභාවය. දුක්ඛ දුක්ඛතා යන ආදියෙහි දුකයයි හැදින්වෙන දුඃඛ ස්වභාවය “දුක්ඛ දුක්ඛතා” නම් වේ. සෙසු පද දෙකෙහි ද මේ පිළිවෙළ ම වේ.
16. දුක්කර සූත්ර වර්ණනාව
අභිරති - පැවිද්ද පිණිස කැමැත්ත ඇති (අකැමැත්ත නැති) නචිරං ආවුසො = ඇවැත්නි. උදෑසන අනුශාසනා ලැබූ, ධර්මානුකූලව පිළිපන් භික්ෂූ සවස්හි විශේෂත්වය (මාර්ග ඵල) අවබෝධ කරන්නේය. සවස්හි අනුශාසනා ලැබුයේ උදෑසන විශේෂත්වය (මාර්ග ඵල) අවබෝධකර ගත්තේ යයි කියන ලද බැවින් උත්සාහ ගන්නේ, වෑයම් කරන්නේ නොබෝ කලෙකින් පහසුවෙන්ම රහත් වන්නේය, රහත් බැව්හි පිහිටන්නේ යයි දක්වයි. සෙස්ස සියලු තන්හි පහසු අරුත් ඇත්තේ ම ය.
ජම්බුඛාදක සංයුත්තය සමාප්තයි.
5. සාමණ්ඩකානි සංයුක්තය
1-16. නිබ්බාන ආදි සූත්ර වර්ණනා
සාමණ්ඩකාදී සංයුත්තයෙහි ද මේ නයින් ම අර්ථය දත යුත්තේය.
සාමණ්ඩක සංයුත්තය සමාප්තයි.
6. මොග්ගල්ලාන සංයුක්තය