3. මාතුගාම සංයුක්තය
1. මාතුගාම වර්ගය
1-2. මාතුගාම ආදි සූත්‍ර වර්ණනා
මාතුගාම සංයුත්තයේ පළමු වැන්නෙහි අඞ්ගෙහි සුබ නොවන අංගයන්ගෙන් යුත් නචරූපවා = පිරිහී ගිය රූපය ඇති, විරූපී, දැකීමට ප්‍රිය නොවන නචභොගවා = වස්තු සම්පත්තිය නැති. ධනවත් නොවන නචසීලවා = සීලය පිරිහුණා වූ, දුසිල්වූ අලසොච = නූල් කැටීම් පිසීම් ආදී කටයුතු කිරීමට නො හැකි වෙයි. - කුසීත, අලස, හුන් තැන හිඳගෙනමද, සිටි තැන සිට ගෙනම ද නිදන්නේය. පජඤ්චස්ස නලභති = මේ පුරුෂයාට කුල පරම්පරාව පිහිටුවන්නා වූ පුතකු නො ලැබේ. ස්ත්‍රිය වඳ තැනැත්තියක් වෙයි. පුර පක්ෂය (සඳ ඇති දෙසතිය) කියන ලද කරුණු වෙනස් කිරීමෙන් දත යුතුය. දෙවැන්න පළමු වැන්නෙහි කියන ලද පිළිවෙළින්ම වෙනස් කළ යුතුය.
3. ආවෙණිකදුක්ඛ සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි - ආවේණිකානි = පෞද්ගලිකව හිමිකම් ඇත්තාවූ, අන් පුද්ගලයන් සමඟ පොදු නොවන්නා වූ, පාරිචරියං = සේවකයකු සේ ක්‍රියා කරන බව.
4-9. තීහි ධම්මෙහි ආදි සූත්‍ර වර්ණනා
සිවු වැන්නෙහි - මච්ඡෙරමල පරියුට්ඨිතෙන = පෙරවරු කාලයෙහි වනාහී කිරි හා දීකිරි රැකීම. පවනෙහි තැබීම ආදිය කිරීමට පටන් ගත් ස්ත්‍රිය කුඩා පුතුන් විසින් ඉල්ලනු ලබන්නී නමුදු කිසිවක් දීමට නො කැමති වෙයි. ඒ නිසා “පෙරවරුවෙහි මසුරු මලයෙන් මැඩුණු සිතින්” (හෙවත් පුබ්බණ්හ සමයං මච්ඡෙරමල පරියුට්ඨිතෙන චෙතසා) යන මෙය කියන ලදී. දහවල මැද කල්හි වනාහී ස්ත්‍රිය ක්‍රෝධයෙන් ඇලලී ගොස් සිටින්නී වෙයි. ඇතුළු ගෙයි කලහයකට ඉඩක් නො ලබන්නී නම් අසල් නිවසකට ගොස් හෝ කලහ කරයි. සැමියා පිළිබඳව ද ඔහු සිටි සහ හුන් තැන් බලමින් ඇවිදියි. එබැවින් “දහවල මැද කල්හි ඊර්ෂ්‍යාවෙන් ඇළලී ගිය සිතින්” (හෙවත් මජ්ඣන්තික සමයං ඉස්සා පරියුට්ඨිතෙන චෙතසා) යයි කියන ලදී. සවස් කල්හි වනාහී අසද්ධර්මයෙහි හැසිරීම සඳහා සිත යොමුවෙයි. එබැවින් “සවස් කල්හි කාමරාගයෙන් වෙළී ගිය සිතින්” (හෙවත් සායණ්හ සමයං කාමරාග පරියුට්ඨිතෙන චෙතසා) යයි කියන ලදී. පස්වැන්න ආදිය පහසු අරුත් ඇත්තේ ම වෙයි.
3. බල වර්ගය
1-2. සුද්ධ ආදි සූත්‍ර වර්ණනා
දස වැන්නෙහි - රූපබලං යන මේ ආදියෙහි රූපසම්පත්තිය රූපබලයයි. භෝග සම්පත්තිය භෝග බලයයි, ඥාති සම්පත්තිය ඥාති බලයයි, පුත්‍ර සම්පත්තිය පුත්‍ර බලයයි, සීල සම්පත්තිය සීල බලයයි. පන් සිල් ද, දසසිල් ද නො කඩ කොට රකින්නහුගේ වනාහී සීල සම්පත්තියම සීල බලය නම් වේ. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චබලානි = (යට කියන ලද) මේ පස උපකාරී වීම යන අරුතින් “බල” යයි කියනු ලැබේ.
3-10. පසය්හ ආදි සූත්‍ර වර්ණනා
පසය්හ = මැඩ පවත්වා. අභිභුය්යාති = මැඩ පවත්වයි. වසා ගෙන නැති කරයි. නොවරූප බලං තායිති = රූප බලය රැකීමට, ආරක්ෂා කිරීමට නො හැක්කේම වෙයි. නාසෙන්තෙව නං කුලෙ න වාසෙන්ති = (මොවුන්) දුසිල්වතුන්ය, සුචරිතය බිඳ ගත්තවුන්ය. (හික්මීමේ) සීමාවන් ඉක්ම ගියවූන්ය. (ආදිය කියමින්) ගෙලෙන් අල්වාගෙන පළවා හරිත්, එම කුල ගෘහයෙහි වාසයට ඉඩ නොදෙත්. වාසෙන්තෙව නං කුලෙන නාසෙන්ති = රූපයෙන් හෝ ධනයෙන් හෝ කුමන ඵලද? මොවුන් පිරිසිදු සිල්වතුන්ය. ආචාර සම්පන්නයන්ය යනුවෙන් දැන ඥාතීහු ඔවුන් එම කුලගෙහිම වාසය කරවත්, පීඩා නො කරත්. සෙස්ස සියලු තන්හිම පහසු අරුත් සහිත වේ.
මාතුගාම සංයුත්තය සමාප්තයි.
4. ජම්බුඛාදක සංයුක්තය
1. නිබ්බාන සූත්‍ර වර්ණනාව