11. නිරාමිස සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි - සාමිසා = කෙලෙස් සහිත ආමිසයන් යන අරුතින් “සාමිස” නම් වේ. නිරාමිස තරා = නිරාමිෂ වූ ධ්‍යානයෙන් ලත් ප්‍රීතිය නිසා ආමිෂයෙන් වඩාත් බැහැර වූයේ වෙයි. ධ්‍යානයන් දෙකෙහිදී ප්‍රීතිය මහග්ගත හෝ ලෝකෝත්තර නොවන්නේ ද? නුවණින් සලකා බැලීමේ ප්‍රීතිය ලෞකික වුව ද ඒ ප්‍රීතීය කුමක් හෙයින් ආමිසයෙන් තොර වූයේ වෙයි ද? ශාන්ත ප්‍රණීත ධර්මයන් නුවණින් සලකා බැලීම් වශයෙන් උපන් බැවිනි. යම් සේ වනාහී රජුට කුලුපග වූ සුලු සේවකයා බාධාරහිතව සුවසේ රජ මැදුරට පිවිසෙනුයේ සිටු සෙනෙවි ආදීනට පා පහර වැදුණ නමුදු සැලකිල්ලට නොගනියි.
කුමක් හෙයින්ද යත් රජුගේ ආසන්න සේවකයකු බැවිනි. මෙසේ හෙතෙම අන් අයට වඩා උසස් වෙයි. මෙසේ මෙම නිරාමිෂ ප්‍රීතිය ද ශාන්ත ප්‍රණීත ධර්මයන් නුවණින් සලකා බැලීම් වශයෙන් උපන් බැවින් ලෝකෝත්තර ප්‍රීතියට ද වඩා උසස් යයි දත යුතුය. සෙසු අවස්ථාවන්හිදී ද මේ පිළිවෙළම වේ.
මෝක්ෂය ලබන අවස්ථාවේදී වනාහී රූපය හා සංයුක්තවූ මෝක්ෂය තමාට අරමුණු වූ රූප ආමිෂ වශයෙන් ම “සාමිස” (හෙවත් ආමිස සහිත වූයේ) නම් වේ. රූපය හා සංයුක්ත නොවූ මෝක්ෂය රූපයෙන් ද ආමිෂයෙන් ද තොර බැවින් නිරාමිෂ (හෙවත් ආමිෂ රහිත වූයේ) නම් වේ.
වේදනා සංයුත්තය සමාප්තයි.
3. මාතුගාම සංයුක්තය