2. අනුරාධ සූත්‍ර වර්ණනාව
දෙවැන්න ඛන්‍දිය වර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අබ්‍යාකත අධිකාරයෙන් (හෙවත් ප්‍රකාශ නොකළ කොටස් අඩංගු අධිකාරයෙන්) මෙය කියන ලදී.
3-8. උපගත ආදි සූත්‍ර වර්ණනා
තුන්වැන්නෙහි - රූපගත මෙතං = මෙහි රූප මාත්‍රය පමණක්ම වේ. මෙහි රූපයෙන් තොර වූ කිසියම් සත්ත්වයෙක් නම් නැත්තේය. රූපය ඇති කල්හි වනාහී නාම මාත්‍රවූ මෙය පවතී යයි දැක්වේ. වෙදනාගතමෙතං යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. අයං ඛො ආවුසොහෙතු මෙය රූප ආදියෙන් තොරව නොලැබිය හැකි තත්ත්වයකිය යන්න භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දකි. සිවු වැන්න ආදිය පහසු අරුත් දරන්නේ වේ.
9. කුතූහලශාලා සූත්‍ර වර්ණනාව
නව වැන්නෙහි - කුතුහල සාලායං = කුතූහල සාලා නමින් වෙනම ශාලාවක් නැත. යම් ශාලාවෙක වනාහී විවිධ වූ තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද නා නා විධ කථාවන් පවත්වත් ද, “මේ තෙමේ කුමක් කියයි ද, මේ තෙමේ කුමක් කියයිද” යනුවෙන් බොහෝ දෙන ප්‍රශ්න කරත් ද, මෙසේ බොහෝ දෙනාට කුහුල උපදවන තැනක් බැවින් “කුතුහලසාලා” යයි කියනු ලැබේ. දුරම්පි ගච්ඡති = ආභස්සර නම් බ්‍රහ්ම ලෝකය දක්වා වුවද යයි. ඉමඤ්ච කායං නික්‍ඛිපති චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි. අනුප්පන්තො හොති චුති චිත්තයෙහි ම ප්‍රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ.
10. අත්ථත්ත සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - තෙසමෙතං ලද්ධි අභවිස්ස = ඔවුන් ගේ විශ්වාස සමග මේ එක් දෙය සිදු විය. -පෙ- අනුලොම් ලෙස සිදු විය. -පෙ- නුවණ පහළ වීම සඳහා ධර්මයන් අනාත්මය යනුවෙන් (ඉගැන්වෙන) යමක් වේ නම් එය සියළු ධර්මයන් ම අනාත්ම වේ යන විදර්ශනා ඥානය උපදවයි. කෙසේ වුව ද මෙහි අනුලෝම තත්ත්වය සිදුවන්නේය යන අර්ථය වේ.
11. සභිය සූත්‍ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි - එත්තකෙන එත්තකමෙව = ඇවැත්නි, යම් කිසි දෙයකට වනාහී මෙය මෙපමණ කලකින් හේතුවක් ඇති වූ කල්හි, රූපයක්ය යන ආදී ප්‍රඥප්තියක් ඇති වේද, හේතුවක් ඇති නොවූ කල්හි රූපයක්ය යන ප්‍රඥප්තියක් ඇති නොවේයයි ප්‍රකාශ වන්නේද ඔහුට බෙහෙවින් මේ ප්‍රමාණයන්ම ඇති වන්නේය. කොපන වාදො අභික්කන්තෙ = ප්‍රියජනක වූ කල්හි වනාහී බොහෝ මනාප වූ ධර්මදේශනා පිළිවෙළෙහි කිනම් වාදයෙක්ද? ඒ පිළිබඳව විවාදයක් නැත. කථාව සිඳී ගියේය.
අව්‍යාකත සංයුත්තය සමාප්තයි.
සාරත්‍ථප්පකාසීනි නම් වූ සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි
සළායතන වර්ග වර්ණනාව මෙතෙකින් නිමියේය.