8. ආදිත්තපරියාය සූත්‍ර වර්ණනාව
අට වැන්නෙහි - අනුබ්‍යඤ්ජන සේ නිමිත්තග්ගා භො = අත් හොබනේය. පා හොබනේය” යි මෙසේ හඟින්නේ කුඩා කොටස් හි ලක්ෂණ වශයෙන් රූපයෙහි නිමිති සිතට ගන්නා තැනැත්තාය. නිමිත්ත ග්රාහකයා වනාහී (හෙවත් කුඩා කොටස් වශයෙන් නිමිති ගන්නා තැනැත්තා වනාහී) බෙදා වෙන් කොට ග්‍රහණය කරයි. නිමිත්තග්‍රාහී තැනැත්තේ කිඹුල් සිරුරක් මෙන් සියල්ලම ගනියි. අනුව්යඤ්ජනග්රාහී තැනැත්තේ අත් පා ආදී වශයෙන්
බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ. විඤ්ඤාණං = කර්මය පිළිබඳව දැන ගැනීම. තස්මිඤ්චෙ සමයෙ කාලං කරෙය්ය - කිලිටි වු සිතින් කාල ක්‍රියා කරන්නාවූ කිසිවෙක් හෝ ඇත්තේ නැත. සියළු සත්ත්වයන්ගේ ම කාලක්‍රියා කිරීම භවාංගයෙන් ම සිදු වේ. කෙලෙස් බිය දක්වන්නෝ මෙසේ කීහ. (එසේ නැතහොත්) මතවාද වශයෙන් හෝ මෙසේ කියන ලදී. ඇස නමැති දොරටුවෙහි වනාහී අරමුණ ගැටුණ කල්හි රාග සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ගැටුණ අරමුණු රසය විඳ ගෙන භවාංගයට බැස ගනියි. භවාංගයෙහි සිට කාල ක්‍රියා කරයි. එසමයෙහි කලුරිය කරන්නාට ගති දෙකක් බලාපොරොත්තු විය හැක. එම මතවාදය වශයෙන් (කිලිටි වූ සිතින් කාල ක්‍රියා කරන්නා වූ කිසිවෙක් හෝ නැත යන) මේ මතය කියන ලදී.
ඉමං ඛ්වාහං - භික්ඛවෙ ආදීනවං = බොහෝ වූ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි විඳිය යුතු දුක් දකින්නෙම් මෙසේ කියමි. කෙසේ ද යත් “රත් වූ යකඩ කූරකින් ඇස්වල අඳුන් ගෑමට කැමැත්තේද” යනුයි. මේ පිළිවෙළින් සියළු තන්හිම අරුත් දත යුත්තේය. අයොසඞ්කුනා = යකඩ උලකින් සම්යලිමට්ඨං දෙකන් සිදුරු විනිවිද පොළව දක්වා යැවීම් වශයෙන් “සම්පලි මට්ඨං”යි කියන ලදී.
තෙවන වර සම්යලිමට්ඨං යනු නිඛාදනය (හෙවත් හාරන ආයුධය) පොළව තුළට යවා උඩට ඔසවා සොලවමින් කඩා බිඳ ඉවතට විසි කිරීම් වශයෙන් “සම්යලිමට්ඨං” යී කියන ලදී. සිවුවන වර සම්පලිමට්ඨං යනු බැම්මෙහි මුල සිඳ හෙලීම් වශයෙන් යන අදහසින් සම්පලිමට්ඨං” යි කියන ලදී. පස්වන වර සම්පලිමට්ඨං යනු තියුණු අවියකින් ශරීරයේ ස්පර්ශය හඳුනන සංවේදී ප්‍රදේශ උපුටා දැමීම වශයෙන් “සම්පලිමට්ඨං” යී කියන ලදී. සතති = ලොකුමිටක් සහිත දැලි පිහියක් යයි මෙහිදී දත යුතුයි. සොත්තං = වැතිර ගෙන නින්දට පිවිසීමයි. යථා රූපානං විචක්කානං වසංගතො සඞ්ඝං භින්දෙය්ය මෙයින් සිතුවිලිවල සංඝ භේදය දක්වා පාපකර්ම ගෙනදීමක් දක්වන ලදී. මෙහි සෙස්ස පහසුවෙන් අවබෝධ වන්නේය.
9-10. හත්ථපාදූපම ආදි සූත්‍ර වර්ණනා
නව වැන්නෙහි - හත්ථෙසු භික්ඛවෙ සති = අත් ඇති කල්හි දස වැන්න - න හොති = අවබෝධ කරගන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. සිතුවිලි දෙකෙහිදීම සුව දුක් විපාක ම දක්වා සසරෙහි පැවැත්ම හා නිවන ගැන කියන ලදී.
දෙවන සමුද්ද වර්ගය නිමියේය.
19. ආසීවිස වර්ගය
1. ආසිවිසොපම සූත්‍ර වර්ණනාව
ආසී විස වර්ගයේ පළමු වැන්නෙහි භික්ඛු ආමන්තෙසී = තනිව හැසිරෙන්නා වූ ද, තිදෙනා බැගින් හැසිරෙන්නා වූ ද, සිවු දෙනා බැගින් හැසිරෙන්නාවූ ද පස් දෙනා බැගින් හැසිරෙන්නාවූ ද අන් අය සමග එකට ගැළපෙන පැවතුම් ඇති. (භාවනාවෙහි) ක්‍රියාකාරීව වෙසෙන. (අන් අය විසින් උපදෙස් දීම් වශයෙන්) යොදවන ලද්දාවූ. දුඃඛ ලක්ෂණාදියෙන් යුත් සියළුම කර්මස්ථාන ලාභීන් පිරිවරා ගෙන හුන්, භාවනානුයෝගී භික්ෂූන් හට ආමන්ත්‍රණය කළේය. මේ සූත්‍රය වනාහී පුද්ගල අදහස් වශයෙන් කියන ලදී. පුද්ගලයන් අතරෙහි ද විස්තර වශයෙන් කියූ කල්හි අවබෝධ කර ගත හැක්කාවූ, ප්‍රදේශ වාසීවූ, දුඃඛ ලක්‍ෂණාදී කර්මස්ථාන ධාරී, උපස්ථාන වේලාවේහි පැමිණ ශාස්තෲන් වහන්සේ පිරිවරා හුන් පිරිසට කියන ලදී. එසේ වුවද උග්ඝටිතඤ්ඤ (හෙවත් කරුණු වහා අවබෝධ කරගත හැකි පුද්ගල කොටස) ආදී සිවු වැදෑරුම් පුද්ගලයන් හට ද මෙය යෝග්‍ය වන්නේමය. උග්ඝටිතඤ්ඤ පුද්ගලයා වනාහී මේ සූත්‍රයේ මාතෘකාව දැන ගැනීමෙන්ම අර්හත් භාවයට පැමිණෙන්නේ ය. විපචිතඤ්ඤු පුද්ගලයා මාතෘකාව විස්තරයට භාජන කිරීමෙන් ද, නෙය්‍ය (හෙවත් ඤෙය්‍ය) පුද්ගලයා මේ සූත්‍රය සජ්ඣායනා කරමින්, විමසමින් නුවණින් මෙනෙහි කරමින් කළ්‍යාණ මිත්‍රයන් සේවනය කිරීමෙන්, භජනය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් ද අර්හත්භාවයට පැමිණෙන්නෝ ය. පද පරම (හෙවත් වචන කියවීම මිස අර්ථාවබෝධයක් නැති) පුද්ගලයාට මේ සූත්‍රය අනාගතයෙහි පුරුද්දක් පිණිස වන්නේ ය. මෙසේ සියල්ලන් හට ම උපකාරී වන බව දැන භාග්‍යවතුන් වහන්සේ මහමෙර ඔසවා පෙන්වන්නාක් මෙන් ද, අහස විස්තර කොට දක්වන්නාක් මෙන් ද. සක්වල පව්ව කම්පා කරවන්නාක් මෙන් ද මහත් උත්සාහයෙන් “සෙය්යථාපි භික්ඛවෙ” යනුවෙන් මෙම ආසී විසෝපම සූත්‍රය ආරම්භ කළ සේක.
එහි චත්තාරො ආසී විසා යනු කට්ඨ මුඛ. පුතිමුඛ. අග්ගිමුඛ. සත්ථමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම වියලි දණ්ඩක් මෙන් තද වෙයි. නැමෙන සන්ධි ස්ථානවල දැඩි සේ යකඩ උලකින් අනිනු ලබන්නාක් මෙන් වෙයි. පූතිමුඛ සර්පයා විසින් දෂ්ට කරන ලද්දහු ගේ සිරුර ඉදී කුණු වු කොස් ගෙඩියක් මෙන් ඕජස් සහිත බවට පැමිණ වැගිරෙයි. කිරිගොටුවෙහි දැමූ ජලය මෙන් වෙයි. අග්ගිමුඛ නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරය ම දැවී ගොස් අලු මිටක් මෙන් ද, දහයියා මිටක් මෙන් ද විසිරී යයි. “සත්ථමුඛ” නම් සර්පයා විසින් දෂ්ට කරන ලද්දහුගේ සකල ශරීරයම සිදුරුවෙයි. හෙනයක් වැඳුණ තැනක් මෙන් ද, ගෙයකට සොරෙන් ඇතුල් වීමට මහ නියනකින් සාදන ලද විවරයක් මෙන් ද වෙයි. මෙසේ විෂ වශයෙන් වෙනස්ව බෙදුනාවූ සර්පයෝ සතර වර්ගයක් වෙති.