1. සමුද්ද සූත්ර වර්ණනාව
සමුද්ද වර්ගයේ පළමුවැන්නෙහි - චක්ඛුං භික්ඛවෙ පුරිසස්ස සමුද්දො = යම් සේ පිරවීමට අපහසුය යන අරුතෙන් හෝ එසේ නැතහොත් උඩට මතු වේය යන අරුතෙන් සමුද්ද යන පදය සෑදී ඇත. ඇසම සමුද්රය වෙයි. එහිදී පොළවේ සිට අකනිටා බඹලොව දක්වා එක් රැස් වී ඇති නීලාදී අරමුණු පිරිපුන් බවක් ඇති කිරීමට අසමත් වේ. මෙසේ පිරවීමට අපහසුය යන අරුතින් ද ”සමුද්ද” නම් වේ. ඇස ද ඒ ඒ නීල ආදී අරමුණු කෙරෙහි යොමු වීමේදී අසංවර වී. එහි බැස ගෙන කෙලෙස් ඉපදීමට හේතුවන සේ දොස් සහිත ගමනින් යන්නේයයි, මතුවේ යයි, යන අරුතින් ද සමුද්ද නම් වේ. තස්ස රූපමයො වෙගො = සමුද්රයේ අප්රමාණ වු රළ පෙළින් හටගත් වේගය මෙන් ඒ ඇස නමැති සමුද්රයේ ද රැස් වන නීල ආදී භේද ඇති ආරම්මණයන්ගේ වශයෙන් බොහෝ වූ රූපමය වු වේගයක් යයි දත යුතුය. යො තං රූපමයං වෙගං සහති = යමකු තම ඇස් නමැති සමුද්රයෙහි රැස් වූ ඒ රූපමය වු වේගයන් කෙරෙහි ප්රිය මනාප වීමෙහිදී රාගය ද, අප්රිය අමනාප වීමෙහිදී ද්වේෂය ද, ඒ පිළිබඳ විමංසනය යොමු නොවූ කල්හි මෝහය ද උපදින අතර, මෙසේ රාග ආදී කෙළෙස් නො උපදින්නේ නම් උපේක්ෂා භාවයෙන් ඉවසීම ද සිදු වේ.
“ස ඌමිං” (හෙවත් රළ සහිත) යන ආදියෙහි කෙලෙස් රළ සහිත වූ යන අදහසින් සඌමිං යයි යෙදේ. කෙලෙස් නමැති දියසුලි යන අදහසින් සාවට්ටං යි යෙදිණ. කෙළෙස් ග්රහණය සහිත යන අදහසින් සගාහං යි යෙදිණ. කෙලෙස් රකුසන් සමග යන අදහසින් සරක්ඛසං යි යෙදිණ. ක්රෝධ සහ සිත් තැවුල් යන අරුත් වශයෙන් ද ”සඌමී” යන්න යෙදේ. මෙසේ ද කියන ලද්දේය. “මහණෙනි. ඌමී භය (හෙවත් රළ මතු වීමේ බිය) යන මෙය වනාහී කොධුපනායාස (හෙවත් ක්රෝධය හා සිත් තැවුල) යන්නට තවත් නමකි “කාම ගුණ (හෙවත් ඉන්ද්රිය ගෝචර අරමුණු) වශයෙන් සාවට්ටං (හෙවත් කෙලෙස් නමැති දිය සුලි) යී යෙදේ. මෙසේත් කියා ඇත. “මහණෙනි, (කෙලෙස් නමැති දිය සුලි ග්රහණය යන අරුත් ඇති “ආවට්ටග්ගහ” යනු රූප, ශබ්ද ආදී කාම ගුණ පඤ්චකයට තවත් නමකි” මාතුගාම (හෙවත් ස්ත්රිය) වශයෙන් “සරක්ඛසං” (හෙවත් රකුසා සහිත) යි යෙදේ. මෙසේද කියා ඇත. “මහණෙනි, (රකුසා සමඟ යන අරුත් ඇති) “සාරක්ඛසං” යන මෙය (ස්ත්රිය යන අරුත ඇති) මාතුගාම යන්නට තවත් නමකි” සෙසු (කන්, නාස් ආදී) දොරටු පිළිබඳව ද මේ පිළිවෙළම වේ. ඌමීභයං දුත්තරං අච්චතරි කෙලෙස් රළට බියෙන් ඉක්මවීමට අපහසු වූ බිය සහිත බව ඉක්මවීය. ලොකන්තගූ = සංස්කාර ලෝකයේ කෙළවරට ගියේ. පාරං ගතො වුච්චති = නිවනට ගියේ යයි කියනු ලැබේ.
2-3. දුතිය සමුද්ද ආදි සූත්ර වර්ණනා
දෙවැන්නෙහි සමුද්දො = මතුවේය යන අරුතින් සමුද්ද නම් වේ. තෙමෙන්නේ ය යන අරුතින් ද එසේ කියවේ. යෙභූය්යෙන = ආර්ය ශ්රාවකයන් හැර සමුන්නා = තෙත් වු, වැඩියෙන් තෙත් වු, දියෙහි ගිලුනාවු තන්නාකුලක - ජාතා = කලින් යට විස්තර කළ කරුණුම වේ. මච්චු ඡහො - මාරයන් තිදෙන බැහැර කොට සිටියේ අනුපධි = උපධි තුනකින් බැහැර වු අපුනබ්භවාය = නිවන සඳහා අමොභයි මච්චු - රාඡං = ඔහු ගිය තැන පිළිබඳව දැනගැනීමට නො හැකිවන සේ හෙතෙම මාරයා මුලා කොට ගියේ තෙවැන්න පෙර කියන ලද අයුරින්ම දත යුතුය.
4-6. ඛීරරුක්ඛොපම ආදි සූත්ර වර්ණනා
සිවු වැන්නෙහි - ප්රහීන නොවූයේ අරුතින් පවතී. ඒ නිසා මෙසේ කියන ලදී. හේ ප්රහීන නොවූයේ වෙයි. පරිත්තා = පර්වතයක් පමණ වූ හෝ රූපයක් අප්රිය වූවක් හෝ සිත් නො ගන්නා දෙයක් හෝ සුළු දෙයක් ලෙස හැඟී යාමක් හෝ බවට පත් විය හැක. එසේ වුවද රූපයන් ඔහුගේ සිත ග්රහණය කරගනී යයි දක්වයි. කො පන වාදො අධිමත්තානං ප්රිය අරමුණක් වන සිත් ගන්නා වස්තුව සිත බැඳගන්නේය. යන මේ අදහසෙහි කවර නම් කථාවක් ද? නිය පිටට ගත හැකි තරම් ප්රමාණවත් වන්නා වු මිණිමුතු ආදී සිත් ගන්නා වස්තුවක් වුව ද (යමකුට) පමණ ඉක්ම වු අරමුණක් විය හැකියයි දත යුතුය. සාරො ආදීවූ පද තුන ද එකිනෙකට සමානාර්ථ ඇත්තේය භින්දෙය්ය = පහර දෙන්නේය හෝ පලන්නේය. පස්වැන්නෙහි - තදුභයං = ඒ දෙකය සයවැන්න පහසු වේමය.
7. උදායී සූත්ර වර්ණනාව
සත් වැන්නෙහි අනෙක පරියායෙන = නොයෙක් කරුණුවලින් ඉතිපායං = මෙය මෙසේ ද (විය හැක) මේ සූත්රයෙහි අනිත්ය භාවයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.
8. ආදිත්තපරියාය සූත්ර වර්ණනාව
අට වැන්නෙහි - අනුබ්යඤ්ජන සේ නිමිත්තග්ගා භො = අත් හොබනේය. පා හොබනේය” යි මෙසේ හඟින්නේ කුඩා කොටස් හි ලක්ෂණ වශයෙන් රූපයෙහි නිමිති සිතට ගන්නා තැනැත්තාය. නිමිත්ත ග්රාහකයා වනාහී (හෙවත් කුඩා කොටස් වශයෙන් නිමිති ගන්නා තැනැත්තා වනාහී) බෙදා වෙන් කොට ග්රහණය කරයි. නිමිත්තග්රාහී තැනැත්තේ කිඹුල් සිරුරක් මෙන් සියල්ලම ගනියි. අනුව්යඤ්ජනග්රාහී තැනැත්තේ අත් පා ආදී වශයෙන්
බෙදා ඒ ඒ කොටස් වෙන්ව ගනියි. මේ ග්රාහකයෝ දෙදෙනා ම එක් ජවන වාරයකදීම (නිමිත්ත) ලබත් ජවන වාර කීපයකදී නම් කිව යුත්තක්ම නැත. (හෙවත් වැඩියෙන් නිමිති ගනීත්මය) නිමිත්තස්සාදෙ ගථිතං = නිමිත්ත ආස්වාදනයෙන් ඒ හා ගැට ගැසේ. බැඳේ. විඤ්ඤාණං = කර්මය පිළිබඳව දැන ගැනීම. තස්මිඤ්චෙ සමයෙ කාලං කරෙය්ය - කිලිටි වු සිතින් කාල ක්රියා කරන්නාවූ කිසිවෙක් හෝ ඇත්තේ නැත. සියළු සත්ත්වයන්ගේ ම කාලක්රියා කිරීම භවාංගයෙන් ම සිදු වේ. කෙලෙස් බිය දක්වන්නෝ මෙසේ කීහ. (එසේ නැතහොත්) මතවාද වශයෙන් හෝ මෙසේ කියන ලදී. ඇස නමැති දොරටුවෙහි වනාහී අරමුණ ගැටුණ කල්හි රාග සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ගැටුණ අරමුණු රසය විඳ ගෙන භවාංගයට බැස ගනියි. භවාංගයෙහි සිට කාල ක්රියා කරයි. එසමයෙහි කලුරිය කරන්නාට ගති දෙකක් බලාපොරොත්තු විය හැක. එම මතවාදය වශයෙන් (කිලිටි වූ සිතින් කාල ක්රියා කරන්නා වූ කිසිවෙක් හෝ නැත යන) මේ මතය කියන ලදී.
ඉමං ඛ්වාහං - භික්ඛවෙ ආදීනවං = බොහෝ වූ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි විඳිය යුතු දුක් දකින්නෙම් මෙසේ කියමි. කෙසේ ද යත් “රත් වූ යකඩ කූරකින් ඇස්වල අඳුන් ගෑමට කැමැත්තේද” යනුයි. මේ පිළිවෙළින් සියළු තන්හිම අරුත් දත යුත්තේය. අයොසඞ්කුනා = යකඩ උලකින් සම්යලිමට්ඨං දෙකන් සිදුරු විනිවිද පොළව දක්වා යැවීම් වශයෙන් “සම්පලි මට්ඨං”යි කියන ලදී.