9-10. ඉන්ද්රියසම්පන්න ආදි සූත්ර වර්ණනා
නව වැන්නෙහි - ඉන්ද්රිය සම්පන්නො = පිරිපුන් ඉඳුරන් ඇත්තේ. එහි - යමකු විසින් ඉන්ද්රියයන් සය විමසා බලා රහත් බවට පත් වූයේ ද, හෙතෙම තමාට සුවය නො සොයන ඉන්ද්රියයන්ගෙන් යුක්ත බැවින් ද, ඇස් ආදී වූ ඉඳුරන් සය විමසා බලන ඔහු (ශ්රද්ධා, වීර්ය, සති, සමාධි, ප්රඥා යනුවෙන් හැඳින්වෙන) උපන් ශ්රද්ධා ආදී ඉන්ද්රියයන්ගෙන් යුක්ත බැවින් ද “පරිපුණ්ණින්ද්රිය (පිරිපුන් ඉඳුරන් ඇත්තේ) නම් වෙයි. ඒ සඳහා ඔහුට භාග්යවතුන් වහන්සේ චක්ඛුන්ද්රියෙව යන ආදී පිළිවෙළින් දේසනාව විස්තර කොට එත්තාවතා ඛො භික්ඛු ඉන්ද්රිය සම්පන්නො හොති හෙවත් භික්ෂු තෙමේ මේ පමණකින් ඉන්ද්රිය සම්පන්න වේයයි වදාළහ. දසවැන්න යට කියන ලද පිළිවෙළ අනුවම වන්නේය.
පස්වන නව පුරාණ වර්ගය නිමියේය.
තෙවන පණ්ණාසකය සමාප්තයි.
16. නන්දික්ඛය වර්ගය
1-4. අජ්ඣත්තනන්දික්ඛය අනිච්ච ආදි සූත්ර වර්ණනා
නන්දික්ඛය වරගයේ පළමු වැන්නෙහි නන්දික්ඛයා රාගක්ඛයො රාගක්ඛයා නන්දික්ඛයො = “නන්දි” යන්නේද “රාග” යන්නේද අරුත් වශයෙන් ඇත්තේ එකක් යයි කියන ලදී. සුවිමුත්තං = අර්හත් ඵල විමුක්ති වශයෙන් “සුට්ඨු විමුත්තං” යන පදයන්හි අරුත් දෙන සේ “සුවිමුත්ත” යි සෑදී ඇත. මෙහි දෙවැන්න ආදියෙහි සෙස්සද පහසු වන්නේ ය.
5-6. සමාධි ආදි සූත්ර වර්ණනා
පස්වැන්න සමාධියේ ඌනතාවයක් ඇති අය පිළිබඳව වේ. සය වැන්න සමවත් විවේකයෙහි ඌනතාවයක් ඇති, සිතෙහි එකඟතාවයද, කයෙහි විවේකය ද ලබන මොවුන්ගේ කමටහන් වර්ධනය වන්නේයයි දැන කියන ලදී. එහි, ඔක්ඛායති යනු පෙනෙයි, ප්රකට වෙයි යන අරුත් දෙයි. මෙසේ මේ දෙකෙහිම විදර්ශනාව සමග සතර මඟ කියන ලදී.
7-9. කොට්ඨිත අනිච්ච ආදි සූත්ර වර්ණනා
සත් වැන්න ආදී සූත්ර තුනෙහි තෙරුන්ගේ විමුක්තිය මේරීමට පත් කරවන්නාවූ ධර්මයෝද කියන ලදහ.
10-12. මිච්ඡාදිට්ඨිප්පහාන ආදි සූත්ර වර්ණනා
දසවැන්න ආදීසූත්ර තුන වෙන් වෙන් ව පුද්ගල අදහස් වශයෙන් කියන ලදී. ඒවායේ අරුත් පෙර කියන ලද පිළිවෙළටම දත යුත්තේ වෙයි.
පළමුවන නන්දික්ඛය වග්ගය නිමියේය.
17. සට්ඨිපෙය්යාල වර්ගය
1-60. අනිච්ච ඡන්ද ආදි සූත්ර වර්ණනා
අනතුරුව සට්ඨි පෙය්යාල නම් (කොටස) වේ. එය පහසු අරුත් ඇත්තේමය. එහි වනාහි යම් බඳු සූත්ර හැටක් කියන ලද්දේද ඒවා (යේ) ඡන්දො පහාතබ්බො (හෙවත් ඡන්ද ස ඉවත් කළ යුතුය) යයි කියනු ලැබේ. මෙසේ ඒ ඒ පදයන්ගේ වශයෙන් හදාරවන්නවුන්ගේ අදහස් වශයෙන් කියන ලදී. මෙසේ ඒ සියල්ල වෙන් වෙන් ව පුද්ගලයන්ගේ අදහස් වශයෙන් කියන ලදී. එක් එක් සූත්රයේ කෙළවර භික්ෂූහු සැට නමක් බැගින් රහත් බවට පැමිණියහ.
18. සමුද්ද වර්ගය
1. සමුද්ද සූත්ර වර්ණනාව
සමුද්ද වර්ගයේ පළමුවැන්නෙහි - චක්ඛුං භික්ඛවෙ පුරිසස්ස සමුද්දො = යම් සේ පිරවීමට අපහසුය යන අරුතෙන් හෝ එසේ නැතහොත් උඩට මතු වේය යන අරුතෙන් සමුද්ද යන පදය සෑදී ඇත. ඇසම සමුද්රය වෙයි. එහිදී පොළවේ සිට අකනිටා බඹලොව දක්වා එක් රැස් වී ඇති නීලාදී අරමුණු පිරිපුන් බවක් ඇති කිරීමට අසමත් වේ. මෙසේ පිරවීමට අපහසුය යන අරුතින් ද ”සමුද්ද” නම් වේ. ඇස ද ඒ ඒ නීල ආදී අරමුණු කෙරෙහි යොමු වීමේදී අසංවර වී. එහි බැස ගෙන කෙලෙස් ඉපදීමට හේතුවන සේ දොස් සහිත ගමනින් යන්නේයයි, මතුවේ යයි, යන අරුතින් ද සමුද්ද නම් වේ. තස්ස රූපමයො වෙගො = සමුද්රයේ අප්රමාණ වු රළ පෙළින් හටගත් වේගය මෙන් ඒ ඇස නමැති සමුද්රයේ ද රැස් වන නීල ආදී භේද ඇති ආරම්මණයන්ගේ වශයෙන් බොහෝ වූ රූපමය වු වේගයක් යයි දත යුතුය. යො තං රූපමයං වෙගං සහති = යමකු තම ඇස් නමැති සමුද්රයෙහි රැස් වූ ඒ රූපමය වු වේගයන් කෙරෙහි ප්රිය මනාප වීමෙහිදී රාගය ද, අප්රිය අමනාප වීමෙහිදී ද්වේෂය ද, ඒ පිළිබඳ විමංසනය යොමු නොවූ කල්හි මෝහය ද උපදින අතර, මෙසේ රාග ආදී කෙළෙස් නො උපදින්නේ නම් උපේක්ෂා භාවයෙන් ඉවසීම ද සිදු වේ.
“ස ඌමිං” (හෙවත් රළ සහිත) යන ආදියෙහි කෙලෙස් රළ සහිත වූ යන අදහසින් සඌමිං යයි යෙදේ. කෙලෙස් නමැති දියසුලි යන අදහසින් සාවට්ටං යි යෙදිණ. කෙළෙස් ග්රහණය සහිත යන අදහසින් සගාහං යි යෙදිණ. කෙලෙස් රකුසන් සමග යන අදහසින් සරක්ඛසං යි යෙදිණ. ක්රෝධ සහ සිත් තැවුල් යන අරුත් වශයෙන් ද ”සඌමී” යන්න යෙදේ. මෙසේ ද කියන ලද්දේය. “මහණෙනි. ඌමී භය (හෙවත් රළ මතු වීමේ බිය) යන මෙය වනාහී කොධුපනායාස (හෙවත් ක්රෝධය හා සිත් තැවුල) යන්නට තවත් නමකි “කාම ගුණ (හෙවත් ඉන්ද්රිය ගෝචර අරමුණු) වශයෙන් සාවට්ටං (හෙවත් කෙලෙස් නමැති දිය සුලි) යී යෙදේ. මෙසේත් කියා ඇත. “මහණෙනි, (කෙලෙස් නමැති දිය සුලි ග්රහණය යන අරුත් ඇති “ආවට්ටග්ගහ” යනු රූප, ශබ්ද ආදී කාම ගුණ පඤ්චකයට තවත් නමකි” මාතුගාම (හෙවත් ස්ත්රිය) වශයෙන් “සරක්ඛසං” (හෙවත් රකුසා සහිත) යි යෙදේ. මෙසේද කියා ඇත. “මහණෙනි, (රකුසා සමඟ යන අරුත් ඇති) “සාරක්ඛසං” යන මෙය (ස්ත්රිය යන අරුත ඇති) මාතුගාම යන්නට තවත් නමකි” සෙසු (කන්, නාස් ආදී) දොරටු පිළිබඳව ද මේ පිළිවෙළම වේ. ඌමීභයං දුත්තරං අච්චතරි කෙලෙස් රළට බියෙන් ඉක්මවීමට අපහසු වූ බිය සහිත බව ඉක්මවීය. ලොකන්තගූ = සංස්කාර ලෝකයේ කෙළවරට ගියේ. පාරං ගතො වුච්චති = නිවනට ගියේ යයි කියනු ලැබේ.