1. දේවදහ සූත්ර වර්ණනාව
දේවදහ වර්ගයේ පළමු වැන්නෙහි - දෙවදහං = නපුංසක ලිංගිකව ආ නාම පදයකි. නියම් ගම. මනොරමා = මන පිනවන, මනාපවන යන අර්ථයි. අමනොරමා = මනාප නොවන
2. ඛණ සූත්ර වර්ණනාව
දෙවැන්නෙහි - ඡඵස්සායතනිකො = වෙන් වෙන් වශයෙන් (චක්ඛු, සොත ආදී) ස්පර්ශ ආයතනික නම් ඇති නිරයන් (අපායයන්) නැත. එක් තිසක් වන සියළුම මහා නිරයන්හි වු කලී (චක්ඛු, සොත ආදී) දොරටු සයෙන් ස්පර්ශ වින්දනය පවතින්නේමය. මෙය වනාහී අවීචි මහා නරකය සඳහා කියන ලදී. සග්ග = මෙහිදීද තව්තිසා පුරයම අදහස් කෙරිණ. කාමාවචර දිව්ය ලෝකයන්හි වනාහී එක් තැනෙක හෝ ස්පර්ශායතන සය ඇති කල්හි හැඟීම් ගැනීමේ හා පිට කිරීමේ නැතිවීමක් නම් නැත. මෙයින් කුමක් දැක්වේද යත් - නිරයෙහි ඒකාන්ත දුක් විඳින ස්වභාවයෙන් ද, දෙව්ලොවෙහි ඒකාන්ත සුව විඳිනා බැවින් අතිශයින් ක්රීඩාවන්හි ඇලීම් වශයෙන් උපන් පමාවෙන් ද මාර්ග බ්රහ්ම චර්යාවෙහි විසීමට නොහැකි වන්නේ ය. මිනිස් ලොව වු කලී සුව දුක් දෙකින්ම ගැවසී ගත්තේ ය. මෙහිම අපාය ද ස්වර්ගය ද පෙනෙයි. මෙය මාර්ග බ්රහ්මචර්යාව සඳහා ක්රියා කළ හැකි භූමිය නම් වෙයි. ඒ බිම ඔබ විසින් ලබන ලදී. එබැවින් යම්බඳු වූ ඔබ මේ මිනිස් සිරුරු ලැබුවාහු ද, එබඳු වු ඔබ ඒකාන්තයෙන් ලාභයක් ලැබුවාහුමය. ඔබ විසින් යම් බඳුවූ මේ මිනිසත් බවක් ලබන ලද්දේ ද (ඒ හේතුවෙන්ම) ඔබ විසින් බ්රහ්මචර්යාවෙහි විසීමට සුදුසු කලක් ලබන ලද්දේ වේ. පැරැන්නන් විසින් මෙසේ කියන ලද්දේ ද වේ.
අයං කම්මභූමි ඉධ මග්ග භාවනා
ඨානා නි සංවෙජනියා බහු ඉධ.
සංවේග සංයොජනියෙසු වත්ථුසු
සංවේග ඡා තොව පයුඤ්ජ යොනිසොති
ඨානා නි සංවෙජනියා බහු ඉධ.
සංවේග සංයොජනියෙසු වත්ථුසු
සංවේග ඡා තොව පයුඤ්ජ යොනිසොති
මෙය බඹසර සඳහා සුදුසු (කර්ම) භූමිය යි. ආර්ය මාර්ග ඥානය සඳහා සුදුසු භූමියයි. සංවේග ඉපද වියයුතු කරුණු මෙහි බොහෝ වේ. සංවේග විය යුතු දේවල් කෙරෙහි සංවේග උපදවා ගෙන ම නුවණින් යුතුව එහි යෙදෙන්න. (එම ඡේදය ගාථාවෙන් මෙසේ දක්වා ඇත.)
එහි සංවෙගා යනු “සංවිධා” යන්නයි.
මගද බසින් ආ එම ගාථාව හෙල බසින් මෙසේ ද දැක්විය හැක.
බඹසර සමග අරිමග නැණ වැඩීම ට
සංවේගයට කරුණු ද ඇත මෙහි එම ට
සංයෝජන වත්හි බැමි නුවණින් සුම ට
ලෙස බැඳතබා යනු මැන බව පරතෙර ට
සංවේගයට කරුණු ද ඇත මෙහි එම ට
සංයෝජන වත්හි බැමි නුවණින් සුම ට
ලෙස බැඳතබා යනු මැන බව පරතෙර ට
3. සගය්හ සූත්ර වර්ණනාව
තෙවැන්නෙහි - රූප සමුදිතා = රූපයෙහි හටගත් දුක්ඛා දුකට පත්වූ, සුඛො = නිවන් සුවයෙන් සුවපත් වු කෙවලා = සකල වු යාවතත්ථිති වුච්චති = යම් ප්රමාණයක් ඇත්තේ යයි කියයි. එතෙ වො = මෙහි “ව” කාරය නිපාතයක් පමණි. පච්චණීක මිදං හොති සබ්බලොකෙන පස්සතං = මෙය දකින්නා වු පණ්ඩිතයන්ගේ යම් දර්ශනයක් වේද එය මුළු ලොව සමග ම ප්රති විරුද්ධ වෙයි. (සාමාන්ය) ලෝක සත්ත්වයා වනාහී පඤ්ච ස්කන්ධයෙහි නිත්ය වූ, සැප සහිත වූ ආත්මය සුබ යයි සිතයි. පණ්ඩිතයෝ අනිත්යය දුක්සහිතය. අනාත්මය ය, අසුබය යයි කියති. සුඛතො ආහු = සැපක් යයි කියති. සුඛතො විදූ = සුවය ලෙස විමුක්ති සුඛය යයි දනිත්. මේ සියල්ල නිවන ම සඳහා කියන ලදී.
සම්මූළ්හෙත්ථ = මෙහි නිවන පිළිබඳව මුලාවට පත් වු, අවිද්දසු = අඥානයෝ අනු පසක් වන සියළු මිසදිටු වර්ගයෝ නිවනට පැමිණෙන්නෙමුය යන හැඟීම ඇත්තෝ වෙති. ඔව්හු වනාහී නිවන නම් මෙය යයි යනු නො දනිත්. නිවුතානං = කෙලෙස් නීවරණයෙන් වසන ලද, වටකරන ලද අන්ධකාරො අපස්සතං = නොබලන්නන් හට අඳුර වෙයි. කුමක් නිසා එසේවන්නේද යත් - නිර්වාණය හෝ නිර්වාණ දර්ශනය හෝ නොබලන්නාවූ අඥානයන් හට වනාහී නිර්වාණය ද, නිර්වාණ දර්ශනයද කළු වළාවකින් වැසුණ සඳ මඬල මෙන් ද. කටාහයකින් (හෙවත් විශාල තාච්චියකින්) යටිකුරු කොට වසන ලද බඳුනක් මෙන්ද, සැමදා අඳුරට විවෘත වූවක් මෙන් ද පවතී.
සතඤ්ච විවටං හොති - ආලොකො පස්සතා මිවා = සිහි ඇති සත් පුරුෂ වු ප්රඥාවෙන් බලන්නාවූ අයහට නිවන ආලෝකය මෙන් විවෘත වෙයි. සන්තිකෙ න විජානනති මගා ධම්මස්ස අකො විදා = තම සිරුරෙහි කෙස්වල හෝ ලොම් ආදියෙහි හෝ එක්තරා කොටසක් පිරිසිඳ අවබෝධ කර ගැනීමෙන් තමාගේ හෝ ස්කන්ධයන්ගේ නිරෝධ මාර්ගයෙන්ම නිවන අවබෝධ වේමය යන යම් කරුණක් වේ නම් එය අඥානවූද මාර්ගාමාර්ග ධර්මයන් හා චතුරාර්ය සත්යය. දැනීමෙහි අදක්ෂවූ අය නො දනිත්.
මාර ධෙය්යානු පන්නෙහි = (කාමාවචර, රූපාවචර. අරුපාවචර යන) ත්රිවිධ භූමීන්හි පවත්නා මාරයාගේ වාසස්ථානයට නො පැමිණි. කොනු අඤ්ඤත්ර මරියෙහි = ආර්යයන් හැර අන් කවරෙක් නම් නිවන අවබෝධ කර ගැනීමට සුදුසු වෙත් ද? සම්මදඤ්ඤාය පරිනිබ්බන්ති = අර්හත් ප්රඥාවෙන් මනාව දැනගෙන අනතුරුවම රහත් බවට පැමිණ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවෙත් නැතහොත් මනාව අවබෝධ කොට ගෙන රහත්වී කෙළවර ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවෙත්.
4-12. ගය්හ ආදි සූත්ර වර්ණනා
සිවු වැන්න - පිරිසිදු කොට දේශනා කරන කල්හි අවබෝධ කරවන්නවුන්ගේ අදහසින් කියන ලදී. පස්වැන්න ආදියද ඒ ඒ අයුරින් අවබෝධ කරන්නවුන්ගේ අදහසින්ම කියන ලදී. ඒවායේ අර්ථය ද ප්රසිද්ධය.