1. සුපණ්ණ වර්ගය
1-46. සුද්ධික ආදි සූත්ර වර්ණනා
සුපණ්ණ සංයුත්තයේ - පියාපත් වර්ණවත් වූ ගුරුළා “සුපණ්ණ” යැයි කියයි. මෙහිද පළමු සූත්රය මුලින් පැවසූ පරිදිම අර්ථෝත්පත්ති වශයෙන් දේශනා කරන ලදී. “හරන්ති” යු පැහැරගනිත්. පැහැර ගනුයේද තමාට හීන වූ සහ සම වූ නාගයෝම පැහැර ගැනීමට හැකිවෙති. තමාට වඩා උසස් වූ නාගයෝ පැහැරගත නොහැකිමය.
පැහැරගත නොහැකි (අනුද්ධරණීය) නාගයෝ සත්වැදෑරුම් වේ. ඔවුහු නම්, පණීතතර නාගයෝ, කම්බලස්ථර නාගයෝ, ධ්රතරාෂ්ට නාගයෝ, සප්තසීදන්තර වැසි නාගයෝ, පොළවේ වසන නාගයෝ, පර්වතවාසී නාගයෝ සහ විමානවැසි නාගයෝ යන සත් කොටසයි.
මෙහි පණීතතර නාගයෝ නම් යෝනියෙන් උසස් වූ නාගයෝයි. ඒ එසේමැයි. අණ්ඩජාදීන්ට (බිජුවටින් උපන්නන්ට) ජලාබුජයෝ උසස් කුලිකයෝ වෙති. අණ්ඩජගුරුළන්ට ජලාබුජ නාගයෝ පැහැරගත නොහැක. කම්බලස්ථර නාගයෝ නම් නාග සේනාපතීහුය. ඔවුන්ගෙන් යම්කිසිවකු දුටු කිසිම ගුරුලෙකු ඔවුන් පැහැර ගැනීමට අසමත් වෙති. ධතරට්ඨ නම් නාග රජවරුයි. ඔවුහුද කිසිවකුට පැහැරගත නොහැක. සප්ත සිදන්තර නාගයෝ නම් මහමුහුදේ වෙසෙති. ඔවුහු එහි රැළි-රළ සෙළවීමට නොහැකි වන බැවින් කිසිවකුට පැහැරගැනීමට නොහැකි වෙති. පොළවේ වසන නාගයන්ටද සැඟවී සිටීමේ අවසරය ඇති බැවින් ඔවුහු පැහැර ගැනීමට නොහැකි වෙති. යම් නාගයෙක් මහමුහුදෙහි රැළි මතුපිට වසත්ද ඔවුහුද සුපර්ණයන්ට සමවූවෝද හීනවූවෝද පැහැරගැනීමට හැකි වෙති. සෙසු පදයන්ගේ අර්ථ විස්තර නාග සංයුත්තයේ පැවසූ පරිදි දතයුතුයි.
සුපණ්ණ සංයුත්තය නිමියේය.
10. ගන්ධබ්බ සංයුක්තය
1. ගන්ධබ්බ වර්ගය
1-22. සුද්ධික ආදි සූත්ර වර්ණනා
ගන්ධබ්බ සංයුත්තයේ - “මූලගන්ධො අධිවත්ථා” යනු යම් ගසක මුල ගන්ධයක් ඇත් ද ඒ ඇසුරුකොට උපදින බැවින්, ඒ මුලු ගසම ඔවුන්ට යෝග්ය වේ. - මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝය. සෙසු පදයන්හිද මේ ක්රමයෙන් අර්ථ දතයුතුයි. “ගන්ධගන්ධො” යනු මුල් ආදියේ සුවඳින් සුවඳවත් වූ යනුයි. යම් ගසක සියලුම මුල්වල ගන්ධයක් තිබේනම් මෙහිදී ඒ සියල්ලම “ගන්ධ” නම් වේ. ඒ ගන්ධයෙන් යුක්ත වූ “ගන්ධෙ” නම් වේ. එහි අධිගෘහිත වූයේ - මෙහි සියලු මුල් ආදිය ඒවායේම සමීපයට එති. “සො දාතා හොති මූලගන්ධානං” යනු ඔහු කළුවැල් ආදී සුවඳ මල් පූජාකරන ලද්දේ වේ යනුයි. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. මෙසේ සමාන වූ දේ දීත් අසමාන වූ දේ දීත් ප්රාර්ථනා කරති. එය දැක්වීමට “සො අන්නං දෙති” ආදී දශවිධ දාන වස්තූහු දේශනා කරන ලදහ. මෙහි සෙසු පද විස්තර ඉතා ප්රකටය.
ගන්ධබ්බ සංයුත්තය නිමියේ ය.